ලිපි එකතුව


Thursday, September 30, 2010

6. අපායේ දොරටුව

අපායේ දොරටුව/ Hell’s Gate
ප්‍රථමයෙන්ම අපායේ දොරටුව පිළීබඳ වාර්තා වන්නේ 1808 දී, ගවේශක සයිමන් ෆ්‍රේසර්ගේ ජ’නලයෙනි. එහිදී ඔහු බිය එළවන සුළු පටු දුර්ග මාවතක් පිළිබඳ විස්තර කර තිබේ. ඔහුට එය පෙනී ගොස් ඇත්තේ අපායට පිවිසෙන දොරටුවක් ලෙසය.
            අපායේ දොරටුව යනු කැනඩාවට අයත් බ්‍රිටිෂ් කොලොම්බියාවේ, කඳු රැලි පංතියක් මැදින් දිවයන මීටර 35ක් පළලැති පටු මාවතකි. එම පටු මාවත ඔස්සේ ෆ්‍රේසර් ගංගාව පැසිෆික් සාගරයට ගලා බසියි. මාවත දෙපස ඇත්තේ අතිමහත් මීටර 500ක් පමණ උසැති කළුගල් බිත්තිය. කළුගල් බිත්ති මැදින් ගලා යන ෆ්‍රේසර් නදියේ ජල ධාරිතාව (තත්පරයට ජලය ගැළුම් මිලියන 3.9ක්) නයගරා දිය ඇල්ලේ ජල ධාරිතාව මෙන් දෙගුණයකි.  මෙහි ප්‍රතිඵලය නම් සොබා දහමේ මහානුභාවසම්පන්න බව මොනවට විදහා පාමින් අපූර්ව ප්‍රචණ්ඩත්වයක් නිර්මාණය වීමයි. ගංගා ජලය කන් බිහිරි කරවන ඝෝර නද දෙමින් අනතුරුදායක වේගයකින් පටු මාවත ඔස්සේ කළුගල් බිත්ති මත හැපි හැපී ධවල පෙණ විසිරුවමින් ගලා යයි.
            ට්‍රාන්ස් කැන්ඩා මහා මාර්ගය දිව යන්නේද හරියටම “අපායේ දොරටුව” ට පසෙකිනි. එනිසා මේ ස්වාභාවික ආශ්චර්ය නැරඹීම සඳහා ඕනෑම අයෙකුට පහසුවෙන් ලඟා විය හැක. මාවතේ ඉවුර හරහා දිවයන ගුවන් රැහැන් මඟ ඔස්සේද, මාවත හරහා ගොඩනඟා ඇති සංගිලි පාලම ඔස්සේද ගමන් කිරීමෙන් මෙහි ත්‍රාසය සිත් සේ විඳ ගත හැක. 

No comments:

Post a Comment