ලිපි එකතුව


Saturday, December 11, 2010

40. හුඩ් කඳු ශිඛරය

හුඩ් කඳු ශිඛරය/ Mount Hood
ඔරිගොන්, ඇමෙරිකා එක්සත් ජනපදය


View හුඩ් කඳු මුදුන in a larger map

මීටර 3,426ක් උසට නැගී සිටිනා හුඩ් කඳු ශිඛරය ඔරිගොන් ප්‍රාන්තයේ උසම කඳු ශිඛරය වේ. එමෙන්ම වයඹදිග පැසිෆික්හි පිහිටා ඇති කඳු නගින්නන්ගේ වඩාත්ම ජනප්‍රිය කඳු මුදුනද වේ.වයඹදිග පැසිෆික් යනු උතුරු ඇමරිකාවේ බටහිර දෙසින් පැසිෆික් සාගරයට මායිම් වූ ප්‍රදේශයයි. එම කලාපයට ඇමරිකාවේ ප්‍රාන්තවන: ඔරිගොන්, වොෂිංටන්, අයිඩහෝ, ගිණිකොන දිග ඇලස්කාව, මොන්ටැනා, කැලිෆෝනියාවේ කුඩා කොටසක් හා කැනඩාවේ බ්‍රිටිෂ් කොළොම්බියාවද අයත් වේ. හුඩ් කන්දෙහි බෑවුම් ඔස්සේ ගලා යන වසර පුරාම ධවල පැහැති ග්ලැසියර දුසිමක්ද දක්නට ඇත. ගිම්හානයෙදී කඳු නගින්නන්ගේ පාරාදීසයක් වන මෙය ශිශිරයේදී හිම මත ලිස්සා යන්නන්ගෙන් පිරී යයි.

1792 දී කන්ද පිළිබඳව ගවේෂණය කළ "සැමුවෙල් හුඩ්" ට ගෞරව පිණිස මෙය "හුඩ්" කඳු ශිඛරය ලෙස නම් කරන ලදී. එහෙත් වයඹදිග ස්වදේශික ජනතාව කන්ද නම් කර ඇත්තේ "Wy'East" ලෙසයි. ස්ථර ගිනි කන්දක් වන හුඩ් කන්ද මීට වසර 500,000කට පෙර නිර්මාණය වූවක් බව පැවසේ. වයඹ දිග පැසිෆික්හි ගිනි කඳු පංතියේ ඇති අනෙක් ගිනි කඳු මෙන් හුඩ් ගිනි කන්දද වර්තමානයේ නින්දේ පසු වෙයි. අවසන් වරට ගිනි කන්ද සක්‍රීය වී ඇත්තේ 1754-1824ත් කාලය අතර තුරයි. එහිදී මහත් වූ මඩ සහ යමහල් කැබලි ප්‍රවාහයක් කන්දේ දකුණු බෑවුම ඔස්සේ ගලා ගොස් ඇත. මඩ ප්‍රවාහය නිර්මාණය වී ඇත්තේ කන්ද වසා සිටිනා ඝණකම් අයිස් තට්ටුව මතින් ලාව ගැලීමෙන් අයිස් දියවීම හේතුකොට ගෙනයි.  හුඩ් කඳු මුදුනට පහලින් "ක්‍රේටර්ස් රොක්" නම් මීටර 170ක් උස කුඩා කඳු මුදුනක් දක්නට ඇත. ඒ ගිනි කඳු මුඛය දුම් දමන ලාවා ගුලියකින් සමන්විතය. එම දුම කාබන් ඩයොක්සයිඩ්, සල්ෆර් ඩයොක්සයිඩ්, හයිඩක්ලෝරික් ඇසිඩ් සහ හයිඩ්‍රජන් සල්ෆයිඩ් යන ද්‍රව්‍යයන්ගෙන් සුසැදිය.

ගිනි කන්ද අවට අනේක වන්ජීවින්ගෙන් පොහොසත්ය. නරඹන්නන් හට කන්දේ දකුණු බෑවුමේ ඇති වනගත නවාතැනේ සිට මනස්කාන්ත දර්ශන දැක බලා ගත හැක.

No comments:

Post a Comment