ලිපි එකතුව


Friday, December 17, 2010

43. ස්පිය(ර්) ෆිෂ් කැණියම

43. ස්පිය(ර්) ෆිෂ් කැණියම/ Spearfish Canyon (දකුණු ඩකෝටාව, ඇමරිකා එක්සත් ජනපදය)
  ස්පියර් ෆිෂ් කැණියම බටහිර ඇමරිකාවේ තිබෙනා විශිෂ්ඨතම කැණියමක් ලෙස හඳුන්වයි. මෙහි විශේෂත්වයට හේතු වී තිබෙන්නේ උතුරු ඇමරිකානු ශාක පරිසර පද්ධති වර්ග හතරක් කැණියම සමන්විත ප්‍රදේශයේදී මුණ ගැසෙන බැවිනි. ඒවා නම්: රොකී කඳු ආශ්‍රිත පයිනස් වනනාතරය, උතුරු ස්පෲස් වනාන්තරය, නැගෙනහිර ඇස්පන් සහ බ(ර්)ච් වනාන්තරය, ඕක් සහ කොට්න්වුඩ් වනාන්තර වේ. කැණියම අවට ශාඛ වර්ග 1300ක් පමණ දැක ගත හැක.
කැණියමේ සම්භවය මීට වසර මිලියන 62කට පෙර වූ බව පැවසේ. එහෙත් වර්තමානයේ දක්නට ලැබෙන්නේ පසු ගිය වර මිලියන පහ තිස්සේ වූ වෙනස්කම් පමණී. කැණියම දකුණු ඩකෝටාවෙහි "බ්ලැක් හිල්ස්" කඳු හරහා නිර්මාණය වී ඇත. කැණීයම අවට ඇති ගල් කුළුවලින් සමන්විත පටු නිම්න අවට පරිසරයේ සුන්දරත්වයට පුරාණ බවක් එක් කරයි. කැණීයම කිලෝමීටරයක් පළල වන අතර කිලෝ මීටර 32ක් දිගැතිය. 
ස්පියර් ෆිෂ් ගංගාව මේ කැණියම ඔස්සේ දඟර ගැසෙමින් ගලා යයි. අතු ගංගා කිහිපයක්ද මේ අතර වාරයේ ස්පියර් ෆිෂ් කැණීයමට එක් වේ. මේ අතු ගංගා ස්පියර් ෆිෂ් ගංගාවේ පොළෝ මට්ටමට වඩා ඉහල පොළෝ මට්ටමක පවතියි. එබැවින් මේවා ස්පියර් ෆිෂ් ගංගාවට එක්වන විට ඉහල සිට පහලට කුඩා දිය ඇළි නිර්මාණය කරමින් කඩා හැලේ. මෙසේ කැණියමට ඉහල භූමි මට්ටමක සිට ගංගාවට  කඩා හැලෙනා අතු ගංගා   ගලනා නිම්න ලම්භාකාර නිම්න (Hanging Valleys) ලෙස හඳුන්වයි. පහත රූපයට අනුව මහ ගංගාව ගලනා නිම්නයට ලම්භාකාරව ඉහලින් අතු ගංගාව සහිත නිම්නයෙන් ජල කඩා හැලේ.
කැණියම සහ "බ්ලැක් හිල්ස්" ආශ්‍රිත ප්‍රදේශය ඇමරිකාවේ ස්වදේශික ජනතාව විසූ අවසන් ජනපදය ලෙස සැලකේ. 


විවිධ කේතුධර ශාඛයන්ගෙන් ගහණ මෙහි ස්පියර්ෆිෂ් ගංගාව දෙපස වැඩි වශයෙන් දක්නට ලැබෙන්නේ ඇස්පන්, බර්ච් සහ ඕක් ගස්ය. පයිනස් ශාඛ ඕනෑම ස්ථානයක වැඩීමට දක්‍ෂ අතර පාෂාණ පැළුම් තුලින් වැඩුණු ශාඛයන් හරියට පෙනෙන්නේ පාෂාණය මත මුල් ඇද ඇති බවකි. අඳුර වැටී ඒමත් සමඟම සහන් එළියෙන් රන්වන් පාටින් දිදුලන කැණියම දෙපස පිහිටි රූස්ස ශාඛයන් අතිශය මනස්කාන්ත දසුනකි. 

කැණීයම සහිත ප්‍රදේශය වන ජීවීන්ගෙන් පොහොසත්ය. මුවන්, දඬු ලේනන්, ඉත්තෑවන් සහ කඳුකර එළුවන් බහුලය. ෆැට්, රේන්බෝ, කට් ත්‍රෝට් ට්‍රවුට් මසුන්ගෙන් ගහණ ස්පියර් ෆිෂ් ගංගාවේ ට්‍රවුට් මසුන් ආහාර පිණිස පැමිණෙන රාජාලින්ගෙන්ද අඩුවක් නැත. ශිශිරයේදී කැණියම ආශ්‍රිත අධික හිම පතනයක් ඇතිවන අතර කේතුධර ශාඛවල අතු හිමෙන් බරව තිබීම සුලභ දසුනකි. වසන්ත සමය උදාවනවාත් සමඟම ශිශිරයේදී පැවති කටුක ගතිය දුරුව ගොස් ප්‍රදේශය කිව නොහැකි තරම් අලංකෘත බවකින් සහ ජීවයකින් වැසී යයි. වසන්ත සමයේ දසුන් අතිශය මන බඳිනා බැවින් එකලට ප්‍රදේශය කඳු නගින්නන්ගෙන්ද, මාළු බාන්නන්ගෙන්ද පරිසරයට ආදරය කරන්නවුන්ගෙන්ද පිරී යයි. ගිම්හානයේ විනෝද ගමන් යන්නන්ගෙන් සහ පා පැදි කරුවන් වැඩි වශයෙන් දක්නට ලැබේ. 

      Wikipedia

      YouTube

      Google Earth
UNESCO NATURAL WONDERS

No comments:

Post a Comment