ලිපි එකතුව


Friday, April 29, 2011

57. අර්ධ ශිඛරාර්ධ ගෝලය

57. අර්ධ ශිඛරාර්ධ ගෝලය/ Half Dome   (කැලිෆෝනියාව, ඇමරිකා එක්සත් ජනපදය)
   අර්ධ ශිඛරාර්ධ ගෝලය (ශිඛර අර්ධගෝලයක් යනු කුමක්දැයි පසු ගිය ලිපිය කියවා දැනගන්න). ග්‍රැනයිට් පාෂාණයෙන් නිර්මිත යොසේමිටී වනෝද්‍යානයේ නැගෙනහිර අන්තයේ ඇති ශිඛරයකි. මුහුදු මට්ටමේ සිට මීටර 2698ක් උස වන අතර මෙම ශිඛරයේ දකනට ඇත්තේ හරියටම භාගයකි. එනම් අර්ධ ශිඛරයෙනුත් භාගයකි. හිම යුගයේදී ශිඛරයේ දැනට ගෙවී ගොස් ඇති බෑවුම මතින් ගලා ගිය ග්ලැසියර හේතුවෙන් එම භාගය ඛාදනය වී ඇතැයි විශ්වාස කෙරේ. යොසේමිටී නිම්නයේ සිට ඉහලට නඟිනා ශිඛරයේ උස එහි සිට මීටර 610කි. 


පර්වතය වටින්, එහි මුදුනට ලඟා වීම සඳහා සංචාරකයින් හට මාර්ගයක් සාදා ඇති අතර එහි මුළු දුර කි. මි. 27කි. හොඳ ශරීර සෞඛ්‍යයෙන් සිටින්නවුන් හට මාර්ගය ඔස්සේ පැය දහයකින් පර්වතය තරණය කල හැකි අතර දුර්වල තැනැත්තන්ට මුදුනට ලඟාවීමට පැය දොළහක් ගතවේ. ශිඛර බිත්තිය ඔස්සේ කෙලින්ම ඉහලට යන පලපුරුදු කඳු නගින්නන් හට ඉතා ඉක්මණින් මුදුනට ලඟා විය හැක. අකුණු සහිත අවස්ථාවන්හිදී මෙහි සංචාරය කිරීමට අවසර නොලැබේ, මන්ද අනෙක් කඳු ශිඛර පරයා යෝධයෙක් සේ නැඟී සිටිනා මේ පර්වතය මසකට වරක්වත් අකුණු ප්‍රහාරවලට ලක්වන බැවිනි.





      Wikipedia
UNESCO NATURAL WONDERS

No comments:

Post a Comment