ලිපි එකතුව


Saturday, April 30, 2011

59. රජ කැණියම

59. රජ කැණියම/ Kings Canyon   (කැලිෆෝනියාව, ඇමරිකා එක්සත් ජනපදය)
    උතුරු ඇමෙරිකාවේ ගැඹුරුම කැණියම ලෙස කැලිෆෝනියාවේ දකුණු සියෙරා නෙවාඩා කඳු වැටියෙහි පිහිටි, "කිං" නදිය ගලා බසිනා රජ කැණීයම හැඳින්විය හැක. මෙහි ගැඹුර මීටර 2500කි (අඩි 8200ක්). එනම් ලංකාවේ උසම කන්ද වන පිදුරුතලාගල කන්දේ උස යම් සේද මේ කැණීයමේ ගැඹුරත් ඒ සමාන වේ. හිම යුග කිහිපයක් තුල කැණියම ඔස්සේ ගලා ගිය ග්ලැසියර මගින්ද, වර්තමානයේ කැණීයම ඔස්සේ ගලා බසිනා කිං නදියෙන් සිදුවූ ඛාදනය නිසා කැණියම මෙසේ ගැඹුරු වූ බව සැලකේ. කිං නදිය සාගරය කරා යන තම ගමන් මාර්ගයෙහි, ආරම්භයේ සිට මීටර 4051ක් පහලට ගලා බසී. මෙය ඇමරිකා එක්සත් ජනපදයේ ගංගාවක උසම සිරස් ගලා බැස්ම වේ. වසන්තය අවසානයේ හිම දියවී ගංගාවට එක්වන ජලය හේතුකොටගෙන කිං නදිය, කැණියමේ යටි පාෂාණය වඩාත් ඛාදනය කරමින් බිහිසුණු හඬක් නංවා ගලා බසියි.


රජ කැණියමේ දෙපස බිත්ති සහ යටි පාෂාණය නිර්මාණයට වැඩි දායකත්වයක් ලබා දී ඇත්තේ ග්‍රැනයිට් හෙවත් කළුගල්ය. තවද යටි පාෂාණයේ "බ්ලැක් පිලො ලාවා" නම් පාෂාණ වර්ගයක්ද දැකිය හැක. පාෂාණ පැළුම් තුලින් ලාවා/ මැග්මා පෘතුවි අභ්‍යන්තරයේ සිට ජලය සහිත මතු පිටකට පැමිණ ඝණීභවනය වීමේදී බ්ලැක් පිලො ලාවා නිර්මාණය වේ. ඒ හැර කැණියමේ කොළ පැහැති මෘදු "Serpentinite" සහ නිල්, අළු මිශ්‍ර කිරිගරුඬ පාෂාණයද දැක ගත හැකිය. කැණියම ආශ්‍රිත ප්‍රදේශය මීට වසර මිලියන 200කට පෙර භූ කම්පන මඟින් මුහුදු පත්ල ඉහලට එසැවීම නිසා නිර්මාණය වී බව පැවසේ.


වෘක්‍ෂලතා පිළිබඳ කථා කලහොත්, මෙහි මල් සහිත මිටියාවත් දක්නට ඇත. විශේෂයෙන්ම කිං නදී තීරයේ ඇති "Zumwalt" මිටියාවතේ යෝධ රෙඩ්වුඩ් ශාකයෙන් සමන්විත කැලෑ දක්නට ඇත. එහි ඇමරිකා එක්සත් ජනපදයේ නිල නත්තල් ගසවන "General Grant"  නැමැති දැවැන්ත රෙඩ්වුඩ් ගස දක්නට ඇත. මෙම කැණියම, "රජ කැණියම" වනෝද්‍යානය යටතේ පවතී. මෙම වනෝද්‍යානයේ ජෛව විවිධත්වය අධික වන අතර වනෝද්‍යානය තුල සංචාරකයින් හට ගමන් ගැනීමට වෙන් කල මාර්ග සියල්ලේ එකතුව කිලෝමීටර 1287කි.

      Wikipedia
UNESCO NATURAL WONDERS

No comments:

Post a Comment