ලිපි එකතුව


Wednesday, March 30, 2011

54. ග්ලැසියර තුඩුව

54. ග්ලැසියර තුඩුව/ Glacier Point  (කැලිෆෝනියාව, ඇමරිකා එක්සත් ජනපදය)
  ඇමෙරිකා එක්සත් ජනපදයේ අතිශයින් දර්ශනීය වූ යොසේමිටී වනෝද්‍යානයේ උතුරේ සිට දකුණට විහිදී යන මහේශාක්‍යය වූ සර්ව දිශා දර්ශනයක් නැරඹිය හැකි ස්ථානයක් ලෙස ග්ලැසියර තුඩුව නම් උස් බිම හඳුන්වනු ලැබේ. උන්නතාංශය මීටර 2190ක් වූ ග්ලැසියර තුඩුව හරියටම යොසේමිටී නිම්නයේ දකුණු බිත්තියට සිරස් ලෙස මීටර 975ක් ඉහළින් පිහිටා ඇත.  අහස පරයා නැඟී සිටින ග්ලැසියර තුඩුවේ පහල ඈතින් වන්නට, ම්ර්සෙඩ් නදිය වටකොට පවතින හෙල්ද ඒ ආශ්‍රිත වනාන්තර සහ තණ බිම් දැකිය හැක. තුඩුවට ප්‍රති විරුද්ධ දිශාවෙන් යොසේමිටී දිය ඇල්ල කඩා හැලෙන දර්ශනීය දසුන දැක ගත හැකි අතර නෙවාඩා සහ Vernal දිය ඇලිද පැහැදිලිව දිස්වේ. එමෙන්ම මෙම ස්ථානයේ සිට, වසර දහස් ගණනක් පුරා අයිස් වැටී මට්ටම් වූ ශිඛර අර්ධ ගෝලය (Half Dome) නම් ග්‍රැනයිට් පාෂාණයෙන් සැදුම්ලත් මහා පර්වතය මනාවට දිස්වේ.

සියෙරා නෙවාඩා කඳු පංතියෙහි වාහනයක් මඟින් ලඟා විය හැකි උන්නතාංශයෙන් ඉහලම ස්ථාන කිහිපයෙන් එකක් ලෙස ග්ලැසියර තුඩුව හැඳින්වේ. 
ග්ලැසියර තුඩුවේ බෑවුම් මත වසර දහස් ගණනක් පුරාවට සිදුවූ ග්ලැසියර ක්‍රියාකාරිත්වය හේතුවෙන් එම බෑවුම් මත නොයෙකුත් පාෂාණ වර්ග තැන්පත් වී ඇත.

ගිම්හානයේදී මෙන්ම ශිශිරයේදීද සංචාරකයින්ගෙන් පිරී පවතින ග්ලැසිය්ර තුඩුවට ලඟා විය හැකි මාර්ග කිහිපයකි. ප්‍රධාන මාර්ගය නම් යොසේමිටී නිම්නයේ සිට තුඩුවට විහීදී යන "ග්ලැසියර තුඩුව" නම් මාර්ගයයි. මෙම මාර්ගය සාමාන්‍යයෙන් විවෘතව පවතින්නේ ගිම්හානය බල පවත්වන ජුනි සිට ඔක්තෝබර් යන කාලය තුලයි. ශිශිරයේදී දැඩි හිම පතනයෙන් වැසී යන මෙම මාර්ගය ඔස්සේ ගමන් ගැනීම අතිශය අවදානම් බැවින් මාර්ගය වසා දමයි. එහෙත් ශිශිරයේදී ග්ලැසියර තුඩුවට බැජර් දුර්ගයේ සිට හිම මත ලිස්සා යාමෙන් ලඟා විය හැක. තවද ප්‍රධාන මාර්ගය වසා ඇති විට "සිව් සැතපුම් අඩි මාවත" (Four Mile Trail) නම් මාර්ගය ඔස්සේද ග්ලැසියර තුඩුවට ලඟා විය හැක.



      Wikipedia
UNESCO NATURAL WONDERS

No comments:

Post a Comment