ලිපි එකතුව


Saturday, November 13, 2010

33. ශාන්ත මරියා විල

ශාන්ත මරියා විල/  St. Mary Lake
මොන්ටැනා, ඇමරිකා එක්සත් ජනපදය
Photograph/ ඡායාරූපය:  Ken Thomas, ‘The upper end of St. Mary Lake and Wild Goose Island’, in http://www.wikipedia.org, viewed on 13 November 2010, < http://upload.wikimedia.org/wikipedia/commons/thumb/7/7e/St_Mary_Lake.jpg/800px-St_Mary_Lake.jpg>


View ශාන්ත මරියා විල in a larger map

ශාන්ත මරියා විල ඇමරිකා එක්සත් ජනපදයෙහි, මොන්ටැනා ප්‍රාන්තයේ ග්ලැසියර ජාතික උද්‍යානයේ පිහිටා ඇත. විල ශාන්ත මරියා ගංගාව පුළුල් වීමෙන් නිර්මාණය වී ඇත. විල මුහුදු මට්ටමේ සිට අඩි 4484ක උසකින් පිහිටි නිසා එහි ජලය තරමක් ශීතල වේ එසේම ජලය ඉතා පැහැදිලිය. අතිශය ස්වාභාවික සුන්දරත්වයකින් හෙබි ශාන්ත මරියා විල තුන් පැත්තකින් වටවී ඇත්තේ අධික බෑවුම් සහිත ශෛලමය කඳුවලිනි. නැගෙනහිර ඉවුර මහා තැනිතලාවකින් ආරම්භවී ඉහලට යත්ම ක්‍රමයෙන් වනාන්තරයක් බවට පරිවර්තනය වේ. විල පෝෂණය වන්නේ හාත්පස කඳුවැටි වසාගත් හිම, දියවී ගලනා ජලයෙනි. 

උතුරු ඇමරිකානු මහද්වීපය තුල තවත් ප්‍රධාන මහද්වීපික බෙදීමක් දක්නට ඇත. බටහිර හා නැගෙනහිර මහද්වීපික මායිම වැටී ඇත්තේ විල පිහිටි ග්ලැසියර ජාතික උද්‍යානය හරහාය. උතුරු ඇමරිකානු මහද්වීපයේ බටහිර මහද්වීපික තීරය ඇමෙරිකාව, කැනඩාව සහ ඇලස්කාව ඔස්සේ විහිදී යන රොකී කඳු වැටියෙන් සමන්විත වේ. ශාන්ත මරියා විල මහද්වීපික බෙදීමෙන් නැගෙනහිර තීරයේ පිහිටා ඇත. බටහිර සුළං මඟින් ගෙනෙනා වර්ෂාව ඇද හැලෙන්නේ රොකී කඳුවලින් සමන්විත බටහිර මහද්වීපික තීරයට වේ. රොකී කඳු වැටිය වැහි මුවාවක් ලෙස ක්‍රියා කරන බැවින් උද්‍යානයේ නැගෙනහිර කොටසට මද වැසි ලැබී ශුෂ්ක බවක් උසුලයි. සුළං පහල සිට කඳු මුදුන් දක්වා හමා යාම සුලභ ලක්‍ෂණයකි. 

විල් ඉවුර කඳවුරු බැඳ ගැනීම සඳහා කදිම ස්ථානයක් වන අතර පයින් ගමන් කරන්නවුන් සඳහා විල් ඉවුරේ සිට උද්‍යානයේ අතිශය අලංකාර දසුන් ඔස්සේ ගමන් කිරීමට හැකි අඩි පාරවල් දක්නට ඇත. විලෙහි අනේක ට්‍රවුට් මසුන් දක්නට ඇත: ලේක් ට්‍රවුට්, රෙයින්බෝ ට්‍රවුට්, කට් ත්‍රෝට් ට්‍රවුට් සහ වයිට්ෆිෂ්. යන මසුන්. විලෙහි ගැඹුර දළ වශයෙන් අඩි තුන්සියයකි. ශිශිරයේදී විල් ජලය අඩියක් ඝණකමට මිදේ.

No comments:

Post a Comment