ලිපි එකතුව


Wednesday, October 13, 2010

12. නාහානී ගංගාව

නාහානී ගංගාව/ Nahanni River
Photograph/ ඡායාරූපය: David Overall, ‘Nahanni River’, in Flickr.com, viewed on 13 October 2010, <http://www.flickr.com/photos/doverall/3872430386>
උතුරු කැනඩාවේ “යෙලෝ නයිෆ්” හි සිට කිලෝමීටර 500ක් බටහිරට වන්නට නාහානී ගංගාව පිහිටා ඇත. එය ලියාඩ් ගංගාවේ ප්‍රධානතම අතු ගංගාවයි. නාහානී ජාතික උද්‍යානයේ මැකෙන්සි කඳු පංතියෙන් ආරම්භ වන නාහානී ගංගාව, සෙල්වින් කඳු හරහා ගොස්, වර්ජිනියා දිය ඇල්ල නිර්මාණය කරමින් ලියාඩ් ගංගාවට එක්වේ. නහානී ගංගාවට පිවිසිය හැකි ප්‍රදේශය නාහානී බියුටයේ සිට වර්ජිනියා ඇල්ල දක්වා කිලෝමීටර 210 දුරට පැතිර පවතී.

            නාහානී ගංගාව අසමසම භූ විද්‍යා ඉතිහාසයකට උරුමකම් කියා පායි. ගංගාව නිර්මාණය වූයේ වසර මිලියන ගණනකට පෙර, ප්‍රදේශය විශාල තැනිතලාවක්ව පැවති අවදියේ යැයි පැවසේ. ගංගාව, කැනියම (ගැඹුරු දොරුව) 4ක්ද, රළු කඳු පංති හා ගල් ගුහා පද්ධති පසු කරමින් ගමන් කරයි.  

ගංගාව පසු කරනා ප්‍රථ්ම කැනියම විවරය උණු දිය උල්පත් වලින් සමන්විත වේ. හාත්පස වසන්තයේ හට ගන්නා අනේක පුෂ්පයන්ගෙන් සමන්විත සරුසාර මිටියාවතකි. කැනියමේ බිත්ති සිරස් අතට අඩි 4000ක් පමණ උසට විහිදී යයි. කැනියමය විසින් ඇති කරන ලද දඹ කැළල (පාෂාණ පැල්ම) හේතුකොට ගෙන, මීටර 1900ක් දිගැති වැලරි ග්‍රොත් නැමැති ගුහා පද්ධතිය නිර්මාණය වී ඇත. මෙම ගුහා තුල තිබී ඩල් බැටළුවන්ගේ ඇට සැකිලි 100ක් පමණ සොයා ගැනින. 

     නාහානී ගංගාව ප්‍රථම කැනියම පසු කරමින් ඉන් පසු ලඟාවන්නේ “ඩෙඩ්මන්” මිටියාවතටයි. 1906දී රත්‍රං නිධි සොයා එහි පැමිණි පුද්ගලයන්ගේ හිස සුන් ඇටසැකිලි කිහිපයක් මිටියාවතේ තිබී සොයා ගැනුණි. ඒ අනුව එම මිටියාවත “ඩෙඩ්මන්” (මළ මිනිසුන්ගේ) මිටියාවත ලෙස නම් කරනු ලැබීය.

ඩෙඩ්මන් මිටියාවතෙන් පසු ගංගාව ලඟාවන්නේ දෙවන කැනියමටයි. මේ කැනියම අවට පෘදේශයේ කළු වලසුන් හා ඩල් බැටළුවන් බහුල වේ.

“ෆ්‍යුනරල් රේන්ජ්” නැමැති පෘදේශයේ පිහිටා ඇති තෙවන කැනියම ඉතා පටු වේ. එබැවින් කැනියමේ පටු පාෂාණ බිත්ති මැදින් ගංගාව බිහිසුණු වේගයකින් දියසුළි නංවමින් ගලා යයි. අවසන් වශයෙන් ගංගාව  ද්විත්ව වර්ජිනියා දිය ඇල්ල නිර්මාණය කරමින් මහ හඬ නංවමින් මීටර 96ක් පහලට කඩා හැලේ. වඩා ඔබ්බෙන් වූ ගංගාවේ ඉහල කොටසේ පිහිටි “Rabbitkettle” උණුදිය උල්පත් අසලට ලඟාවිය හැක්කේ සැහැල්ලු ගුවන් යානයකින් පමණි. 

ලෝක උරුමයක් වන නහානි ගංගාවට ලඟාවිය හැක්කේ බෝට්ටුවකින් හෝ ගුවන් යානයකින් පමණි.  






No comments:

Post a Comment