ලිපි එකතුව


Monday, October 4, 2010

8. කතීඩ්රිල් අරඹ


8. කතී
ඩ්‍රල් අරඹ/ Cathedral Grove
කැනඩා බ්‍රිටිෂ් කොලොම්බියාවේ, කැම්රන් විලේ බටහිර ඉවුරට යාබදව කතීඩ්‍රල් අරඹ පිහිටා ඇත. එහි විශාලත්වය හෙක්ටයාර 125 කි. වැසි වනාන්තරය විවිධ ප්‍රමාණයේ, විවිධ වර්ගවල සහ නොයෙක් වයස් කාණ්ඩවල වෘක්‍ෂයන්ගෙන් සමන්විත වේ.
සුවිසල් දේවදාර ( Douglas-fir, Western Redcedar,  බෝල්සම්), හෙම්ලොක් සහ මේපල් (විශාල පත්‍රැති) යන සදා හරිත වෘක්ෂයෙන් වනයේ ප්‍රධාන ශාක සංයුතිය සුසැදිය. මේ වෘක්ෂයන් වසර 300-400 ක් පැරණිය, එහෙත් සමහරක් වසර 800ක් තරම් පැරණි වේ. යෝධ මුර භටයන් සේ නැඟී සිටිනා මෙම වෘක්ෂයන් අඩි 250ක් තරම් උස් වේ. ගසක පරිධිය දළ වශයෙන් අඩි 9කි. සමහරක් වෘක්ෂ මිය ගොස්ය. මිය ගිය සමහරක් සිටගත් වනමද, මිය ගිය අනෙක්වා බිම පතිත වීද ඇත.
            වනයේ යටි රෝපණය ප්‍රධාන වශයෙන්ම හක්ල්බෙරි,  සලාල් සහ ඩෙවිල්’ස් ක්ලබ් යන ශාඛයන්ගෙන් සමන්විතය. වනයේ අව්‍යාජ සුන්දරත්වය කිසිවෙකුටත් නොතකා සිටිය නොහැක. රුක් මුදුන්, දෙව් මැදුරක අලංකාර කැටයෙමෙන් සුසැදි පියසි සිහි ගන්වයි. වනයේ ඝණ උඩුවියන හරහා පතිතවන සූර්ය රශ්මි කදම්බ, බිම්තලය වසා පැතිරුණු මෘදු මීවන ශාඛ මතින් දඟ කරනා මීදුම් පටල කාන්තිමත් කරවයි.
වනාන්තරය විවිධාකාරයේ බස්සන්ගේ සහ කෑරළන්ගේ නිවහනයි. තවද ගෝනා, කළු වලසා සහ උතුරු අමෙරිකානු අඳුන් දිවියා මෙහිදී දැකගත හැක. යාබද කැම්රන් විලෙහි විවිධාකාර ට්‍රවුට් මසුන් දැකගත හැක (රේන්බෝ, කට්ත්‍රෝට් සහ බ්‍රවුන් ට්‍රවුට් මසුන්). ඉපැරණි දේවදාර වනයේ ඓශ්චර්ය විඳ ගැනීම්ට ඔබට පහසුවෙන් ලඟාවිය මාර්ග ගණනාවක් ඇත.


No comments:

Post a Comment