ලිපි එකතුව


Tuesday, November 9, 2010

31. ශාන්ත හෙලන්ස් කඳු ශිඛරය

ශාන්ත හෙලන්ස් කඳු ශිඛරය/ Mount St. Helens
 වොෂිංටන්, ඇමරිකා එක්සත් ජනපදය

Photograph/ ඡායාරූපය:  Lyn Topinka, ‘3,000 ft (1 km) steam plume on May 19, 1982, two years after its major eruptio’, in http://www.wikipedia.org, viewed on 10 November 2010 , <http://upload.wikimedia.org/wikipedia/commons/thumb/d/dc/MSH82_st_helens_plume_from_harrys_ridge_05-19-82.jpg/800px-MSH82_st_helens_plume_from_harrys_ridge_05-19-82.jpg>


View ශාන්ත හෙලන්ස් කඳු ශිඛරය in a larger map

පැසිෆික් ගිනි කඳු වළල්ලේ පිහිටා ඇති ශාන්ත හෙලන්ස් ගිනි කන්ද වයඹදිග පැසිෆික්හි පිහිටි ගිනි කඳු සමූහය අතරින් වඩාත් ළාබාලම සහ ක්‍රියාකාරීම හිමෙන් වැසුණු ගිනි කන්ද වේ. වරෙක එය ප්‍රසිද්ධව සිටියේ වඩාත් මනස්කාන්ත ගිනිකන්ද ලෙසය. එහෙත් ඒ 1980, මැයි මස දහ අට වන දින දක්වා පමණි. එදින පෙරවරු 8:32කට ශාන්ත හෙලන්ස් ගිනි කන්දට අඩි එක්දහස් තුන්සිය විස්සක උසක් අහිමි කර කඳු මුදුනත ගලවා දමමින් ඇමරිකා එක්සත් ජනපදයේ සිදු වූ දරුණුතම ගිනි කඳු පිපිරීම සිදු විය. ඉන් සිදු වූ ලොව විශාලතම නාය යෑම හේතුකොට ගෙන මිටියාවත් සහ ගංගාවන් සුන්බුන්වලින් වැසී ගියේය, ඉන් ගැලූ ලෝදියෙන්, වර්ග කිලෝමීටර 596ක් පුරා විහිදුනු වනාන්තර සුන්නද්ධූලි විණි. පිපිරීමෙන් පිටවූ යමහල් කැබලි හා කන්ද වසා සිටි අයිස් වැස්මේ සුන්බුන්වල ප්‍රමාණය ඝණ කිලෝමීටර 2.9ක් විය.

ගිනි කන්ද සහ අවට ප්‍රදේශය වර්තමානයේ ජාතික රක්‍ෂිතයකි. ගිනි කඳු විවරය නැරඹීම ඕනෑම අයෙකුට විවෘත වන අතර එය "ජොන්ස්ටන්" නම් හෙල් මුදුනේ පිහිටි නිරීක්‍ෂණ මැදිරියේ සිට නැරඹිය හැක. එහෙත් ගිනි කඳු මුඛයේ කෙළවරටම ගොස් ඇතුලත බැලීමටනම් විශේෂ අවසරයක් අවශ්‍යය වේ. 2004 වසරේදී නැවතත් සුළුවෙන් සක්‍රිය වූ ගිනි කන්දෙන් මිනිත්තු විසි හතරක් දුම් සහ අළු අහසට විසි විනි. කන්දෙහි වර්තමාන උස මීටර 2549කි. මෙය මීට වසර 40,000කට පෙර නිර්මාණයවූ බව පැවසේ.

No comments:

Post a Comment