ලිපි එකතුව


Saturday, April 30, 2011

61. ජෂුවා රුක් ජාතික වනෝද්‍යානය

61. ජෂුවා රුක් ජාතික වනෝද්‍යානය/ Joshua Tree National Park   (කැලිෆෝනියාව,  ඇමරිකා එක්සත් ජනපදය)
    ජෂුවා රුක් වනෝද්‍යානය කැලිෆෝනියා ප්‍රාන්තයේ ඊසාන අන්තයේ පිහිටා ඇති අතර එය 1994 වර්ෂයේදී වනෝද්‍යානයක් ලෙස නම් කරනු ලැබීය. කාන්තාර පරිසරයක් තුල ඇති වනෝද්‍යානය "ජෂුවා රුක් වනෝද්‍යානය" ලෙස හඳුන්වන්නේ වනෝද්‍යානයටම ආවේණික වූ ජෂුවා නම් ගස්වලින් සමන්විත බැවිනි. ජෂුවා ගස්, කාන්තාර දේශගුණයෙහි වැඩෙන, උල් පත්‍ර සහිත , කහ පැහැති මල් හට ගන්නා අඩි 36ක් පමණ උස ශාක විශේෂයකි. ශාකයට ශක්තිමත් සහ බරැති අතු පද්ධතියක් හිමි අතර ශාක කඳ සහ අතු සෑදී ඇත්තේ කෙඳි දහස් ගණනක් එකතුවකිනි. ජෂුවා රුක් ජාතික වනෝද්‍යානයේ කාන්තාර පරිසර පද්ධති දෙකක් දැකිය හැක.
  - නැගෙනහිරින් පිහිටි පහළ උන්නතාංශයේ පවතින වියළි සහ උණුසුම් කොළරාඩෝ කාන්තාරය.
  - බටහිරින් පිහිටි ඉහළ උන්නතාංශයේ පවතින  සීතල සහ ජල වාෂ්පයෙන් සමන්විත මොහාවි කාන්තාරය.


කොළරාඩෝ කාන්තාරයේ පහත සඳහන්, කාන්තාර දේශ්ගුණයෙහි වැඩෙන ශාකවලින් සමන්විත වේ: ක්‍රියෝසෝට් පඳුරු, Ocotillo (පතොක් වර්ගයක්), Cholla cactus (පතොක් වර්ගයක්). මොහාවි කාන්තාරයේ වැඩි වශයෙන් දක්නට ලැබෙන්නේ ජෂුවා වෘක්‍ෂයෙන් සැදුම් ලත් කර්කශ වනාන්තරයි. එමෙන්ම උන්නතාංශ අඩි 4000ක් තරම් ඉහලදී, සීතල Juniper පඳුරුවලින් ආවරණය වූ කැණියමද දක්නට ඇත. කැලිෆෝනියාවටම ආවේණික වූ "Fan" නම් පාම් වෘක්‍ෂයෙන් සැදුම්ලත් ක්‍ෂේම භූමි පහක් ජෂුවා රුක් වනෝද්‍යානයේ දක්නට ඇති අතර මේවා සංචාරක පක්‍ෂීන්ට ආගන්තුක සත්කාර සපයයි. වනෝද්‍යානයේ පක්‍ෂි වර්ග 250ක් දක්නට ලැබෙන අතර ෆෑන් පාම් වෘක්‍ෂයෙන් සැදුම් ලත් ක්‍ෂේමභූමි, සංචාරක රැවියන්ට (බට්ටිච්චන් හා සමාන පක්‍ෂි විශේෂයක්) විශේෂයෙන්ම Nashville, MacGillivray's, තැඹිලි හිසැති රැවියන්ට කදිම නවාතැනකි. ජෂුවා ජාතික වනෝද්‍යානය, පැසිෆික් පක්‍ෂි පර්යටන මාර්ගයේ වැදගත් සංධිස්ථානයකි. පැසිෆික් පර්යටනය යනු උතුරු ඇමෙරිකානු මහද්වීපයේ ඇලස්කාවේ සිට දකුණු ඇමෙරිකානු මහද්වීපයේ පැටගෝනියාව දක්වා පක්‍ෂීන් පර්යටනය/ සංක්‍රමණය සිදු කරන ගමන් මාර්ගයයි. එනිසා මෙම වනෝද්‍යානයේ ක්‍ෂේම භූමි තුල විවිධ ගිම්හාන හා ශිශිර සංචාරක පක්‍ෂීන් දැකිය හැක. සංචාරක පක්‍ෂීන් හැරුණුකොට කාන්තාරයෙ ස්ථිර පදිංචි පක්‍ෂීන් සමහරක් නම්: රෝඩ් රනර්ස්, Phainopeplas, Verdin, cactus & rock wren, Burrowing Owl (බකමූණූ  විශේෂයක්), Le Conte's Thrasher (තිරාසිකයන්  විශේෂයක්), Gambels quail (පිරිවටුවන්  විශේෂයක්), Prairie Falcon (උකුස්සන් විශේෂයක්). පක්‍ෂීන් හැරුනු කොට දක්නට ලැබෙන අනෙක් සත්ත්වයින් නම්: Big horn Sheep, Rattlesnakes (විසකුරු සර්පයෙක්), Bobcat (වල් බළල් විශේෂයක්), Kangaroo rat (මීයන් විශේෂයක්) , Mule (මුව විශේශයක්, Jack rabbit (හා වර්ගයක්), ගෝනුස්සන්, දිවි මකුළුවන් සහ සංචාරක සමනලයින් (සුවිසල් රංචු ලෙස) දැක ගත හැක.


වනෝද්‍යානයේ ස්වාභාවික දෑට අමතරව පුරා විද්‍යාත්මව වටිනා ස්ථාන 501ක් සොයාගෙන ඇත. ඒ අතර වසර 5000ක් ඉපැරණී ස්වදේශී ගෝත්‍ර වන Pinto, Chemehuvei, Cahuilla යන ගෝත්‍ර තම ජීවනෝපායන් පිළිබිඹු කරන ලෙන් සිතුවම් ප්‍රධාන වේ. භූ විද්‍යාත්මක අතින්, මෙහි ග්‍රැනයිට් පාෂාණයෙන් සුසැදි අපූර්ව ගෝල දක්නට ඇත. ඒ හැර පෘතුවියට පතිතවන උල්කාපාත වර්ෂාවන් දැක බලා ගැනීමට ජෂුවා ජාතික වනෝද්‍යානය කදිම ස්ථානයකි. මාර්තු සිට අප්‍රේල් දක්වා කාලය කාන්තාර පුෂ්පයන් දැක බලා ගැනීමට උචිතම කාලය වේ.



      Wikipedia
UNESCO NATURAL WONDERS

No comments:

Post a Comment