ලිපි එකතුව


Sunday, November 7, 2010

28. මහා දොරුව

28. මහා දොරුව/ Grand Coulee
වොෂිංටන්, ඇමරිකා එක්සත් ජනපදය
මහා දොරුව, උතුරු ඇමරිකාවේ පිහිටි ලාබාල සහ අසාමාන්‍ය වූ භූ විශමතාවකි. ආදි කාලීන ගං පත්ලක් වූ මෙකී ස්වාභාවික ආශ්චර්යය දෑසට එතරම් මනරම් දර්ශනයක් නොවූවත් විද්‍යාත්මක අතින් අතිශයින් වටිනා පිහිටීමකි . මෙම දොරුව නැගෙනහිර වොෂිංටන් ප්‍රාන්තයේ, කොලොම්බියානු සානුව මත ඇති දොරු අතරින් විශාලතම දොරුව වේ. වසර ගණනාවක් පුරාවට විද්‍යාඥයෝ දොරුව නිර්මාණය වූ අයුරු සිතා ගැනීමට නොහැකිව අවුල් සහගත මත ඉදිරිපත් කළහ. දොරුවේ අධික ලම්භාකාර බෑවුම් සහ විශම වූ මතු පිට පෙන්නුම් කරන්නේ දොරුවට එතරම් වයසක් නොමැති බවයි. එය කලින් සිතා සිටි පරිදි වසර මිලියන ගණනාවක් ගංගාවක් මඟින් ඛාදනයට ලක්වී නිර්මාණය වූවක් නොවේ.

වසර කිහිපයක පර්යේෂණවලින් අනතුරුව “J. Harlen Bretz” නම් විද්‍යාඥයා මෙහි නිර්මාණය පිළිබඳ පිළිගත හැකි මතයක් ඉදිරිපත් කලේය. ඔහු සොයාගත් පරිදි දොරුව නිර්මාණය වී ඇත්තේ අවසන් අයිස් යුගයේදී (වසර දස දහසකට පෙර) පෘතුවිය මත වාර්තා වූ විශාලතම ගං වතුරට නිරාවරණය වීමෙනි. එකල රොකී කඳූවල සිට විශාල අයිස් වේල්ලක් කඩා පැමිණි අඩි දෙදහසක් පමණ උස ජල කඳක් වොෂිංටන් ප්‍රාන්තය හරහා ගලා ගොස්, පැසිෆික් සාගරයට එක්වූ බව ඔහු පවසයි. එම ජල කඳේ පීඩනය නිසා කොලොම්බියා සානුවේ යටි පාෂාණය  පැලී වර්තමානයේ දැකිය හැකි මහා දොරුව නිර්මාණය වූ බව ඔහු වැඩි දුරටත් පවසයි.  දොරුවේ පළල කිලෝමීටර දහයක් වන අතර, ගැඹුර අඩි නවසියයකි.

No comments:

Post a Comment