ලිපි එකතුව


Tuesday, November 2, 2010

22. පෝටෙජ් ග්ලැසියරය

පෝටෙජ් ග්ලැසියරය/ Portage Glacier
Photograph/ ඡායාරූපය: Ron Niebrugge, ‘Portage Glacier Chugach National Forest Alaska’, in Alaska-in-pictures.com, viewed on 02 November 2010, < http://www.alaska-in-pictures.com/data/media/10/portage-glacier_10003.jpg >


View පෝටෙජ් ග්ලැසියරය in a larger map

පෝටෙජ් ග්ලැසියරය ඇලැස්කාවේ අගනුවර වන ඇංකරිජ්හි සිට කිලෝමීටර 80ක් දකුණින් ඇති කීනයි අර්ධද්වීපයේ පිහිටා ඇත. කීනයි අර්ධද්වීපය වම් පසින් කුක් කලපුවෙන්ද, බටහිරින් ඇලැස්කා ස්මුද්‍රවංකයෙන්ද වටවී ඇත. පෝටෙජ්, මෙන්ඩෙන්හෝල් ග්ලැසියරය මෙන්ම දර්ශනීය ග්ලැසියරයකි. සංචාරක ආකර්ෂණය නොමඳව ලැබෙනා පෝටෙජ් ග්ලැසියරට ලඟාවීම ඉතාමත් පහසුවන අතර  වඩාත් පහසු මාර්ගය වන්නේ  “කුක්” කලපුව ඔස්සේ එහි ලඟා වීමයි. කුක් කලපුව, “නික්” සහ “ටර්න්අගේන්” යන ශාඛා දෙකකට බෙදේ. ග්ලැසියරයට ලඟාවීමට නම්, ටර්න්අගේන් ශාඛාව ඔස්සේ යා යුතුය. කුක් කලපුව ඔස්සේ ග්ලැසියරයට ලඟාවන ඔබට ලොව වේගයෙන්ම වෙනස්වන වඩදිය/බා දිය චක්‍රය දැක බලා ගැනීමට හැකි වේ. එසේම කලපුව අවට ගොඩබිමෙහි ජීවත්වන නොයෙකුත් වන ජීවින්ද දැකගත හැක. ඩල් බැටළුවන්, ගෝනුන්, තට්ට හිසැති රාජාලින් සහ කළු වළසුන් බහුල වේ. කලපුව ආශ්‍රිත ජලයෙහි සුදු තල්මසුන් දැක ගත හැක.  

පෝටෙජ් ග්ලැසියරය, ච්‍යුගැච් කන්දේ බටහිර අන්තයෙන් ආරම්භ වී පහලට ගලා බැස අවසන් වන්නේ සුවිසල් පෝටෙජ් විලෙනි. ග්ලැසියරයේ දියවෙන ජලයෙන් පෝටෙජ් විල පෝෂණය වේ. ග්ලැසියරයේ සුවිසල් අයි කුට්ටි විලට කඩා වැටීම හේතුවෙන් විල නිතරම අයිස් පර්වත වලින් පිරී පවතී.

මැයි සිට සැප්තැම්බර් අතර කාල සීමාවේදී පෝටෙජ් විලෙහි බෝට්ටු මඟින් සංචාරය කිරීමට අවස්ථාව ලැබේ.



No comments:

Post a Comment