ලිපි එකතුව


Monday, December 6, 2010

36. ම(ර්) තුඩුව

ම(ර්) තුඩුව
මේන්, ඇමරිකා එක්සත් ජනපදය


View ම(ර්) තුඩුව in a larger map

ඇමරිකා එක්සත් ජනපදයේ මේන් ප්‍රාන්තයේ වෙරළාශ්‍රිතව පිහිටි උස් තුඩුවකි. එහි සිට අවට නරඹන ඔබට ඇමරිකාවේ අතිශයින් චිත්තාකර්ෂණීය ස්වාභාවික සෞන්දර්යයක් වන කබ්ස්කුක් බොක්කේ  මුහුදු ජල ප්‍රතිවර්තන  (විරුද්ධ අතට ගලා යාම) බැස්ම මනාවට දැක බලා ගත හැක. "කබ්ස්කුක්" යනු ඇම්රිකාවේ  ස්වදේශික වචනයකි. එහි තේරුම "කැකෑරෙන රළ" ය. 

දිනකට දෙවරක් වඩදිය/බාදිය කබ්ස්කුක් බොක්කත් ඊට නුදුරින් පිහිටි තවත් කුඩා බොකු දෙකක්වන වයිටිං සහ ඩෙනීස් යා කරන පටු ජල මාර්ගයක් ඔස්සේ ගලා යයි. එම ජල මාර්ගයේ පළල මීටර 274කි. දිග කිලෝමීටර 0.8කි. ජල මාර්ගය පිටතට නෙරා ආ කළු ගල්වලින් සමන්විත බැවින් වඩ දිය බැස යාමත් සමඟ ඇතිවන ජලය ප්‍රතිවර්තන ක්‍රියාවලියට ඉන් මහත් රුකුලක් ලැබේ. මෙහි වඩ දිය/ බාදිය වෙනස් වීම අති මහත්ය. වඩදිය අඩි විස්සක් පමණ උසකට නගී. වඩදිය/ බාදිය ගැලීමේ වේගය පැයකට කිලෝමීටර විසි පහකි. වඩදිය ඇති වීමත් සමඟ කබ්ස්කුක් බොක්කේ සිට වයිටිං සහ ඩෙනීස් යන කුඩා බොකු දෙකට ජල මාර්ගය ඔස්සේ නිරිත දෙසට මහ හඬ නංවමින් ජලය ගලා එයි. වඩ දිය ගලනා වේගය අඩු වත්ම ජල මාර්ගයද ක්‍රමයෙන් නිහඬ වීමට පටන් ගෙන සම්පූර්ණයෙන් නිසල වූ විට එහි ජලය කිසිදු හැල හොල්මනක් නොමැතිව කණ්නාඩියක් මෙන් පැහැදිලිව දිස්වේ. ජලය ගලා යෑමෙන් මෙතෙක් යටපත්ව තිබූ කුරුළු නාදය ඔබට නැවතත් අසන්නට ලැබේ. ඒත් ඒ විනාඩි දහයකට පමණි. නැවතත් බාදිය ඇති වීමත් සමඟ, ජල මාර්ගයේ ධවල පෙණ පිඬු නංවමින් මහා හඬ දෙමින් වයිටිං සහ ඩෙනීස් යන බොකුවල ජලය, ජල මාර්ගය ඔස්සේ ප්‍රතිවිරුද්ධ අතට ගලා යෑම ඇරඹේ. ඊසාන දෙසට ප්‍රතිවර්තනය වේ. එවිට ව්යිටිං සහ ඩෙනීස් යන බොකු ජලයෙන් හිස් වේ. 


පෙර ලිපියක සඳහන් ෆන්ඩි මුහුදු බොක්කේ බටහිර අන්තයේ ම(ර්) තුඩුව පිහිටා ඇත. ජල ප්‍රතිවර්තන ක්‍රියාවලිය දැක ගැන්මට නම් ඔබ වඩදිය ඇති වීමට පැයකට කලින්වත් එහි සිටිය යුතුය.

No comments:

Post a Comment