ලිපි එකතුව


Monday, November 8, 2010

29. වියළුනු ඇල්ල

වියළුනු ඇල්ල/ Dry Falls
වොෂිංටන්, ඇමරිකා එක්සත් ජනපදය

Photograph/ ඡායාරූපය:  Jay Cousins, ‘View from Dry Falls Museum and Overlook.’, in http://www.kidscosmos.org, viewed on 09 November 2010, < http://www.kidscosmos.org/kid-stuff/mars-trip-graphics/dry-falls-jay.jpg>



View වියළුනු ඇල්ල in a larger map

පෙර ලිපියේ සඳහන් කල පරිදි යුනෙස්කෝව විසින් යම් කිසි ස්වාභාවික සම්පතකට වටිනාකමක් ආරෝපණය කරන්නේ එහි සුන්දරත්වය ගැන පමණක් සලකා බලාම නොවේ, ඊට සමගාමීව එහි විද්‍යාත්මක වටිනාකමද සලකා බැලේ. වියළුනු ඇල්ලත් එසේ විද්‍යාත්මක වටිනාකම සලකා බලා ස්වාභාවික ආශ්චර්යයක් ලෙස නම් කල ස්වාභාවික සම්පතක්. මෙය උතුරු ඇමරිකාවේ අසාමාන්‍යම භූ ලක්‍ෂණය ලෙස සැලකේ. පෙර ලිපියේ මහා දොරුව හා සෘජු සම්බන්ධයක් ඇති වියළුනු ඇල්ල මහා දොරුව මධ්‍යයයේ පිහිටා තිබෙනවා. ඇල්ලට සම්බන්ධ පර්වතය කිලෝමීටර හයක් දිගුවන අතර උස මීටර එකසිය විස්සක් වේ. ඇල්ල මීට වසර 15,000කට පෙර මෙතෙක් පෘතුවියේ වාර්තාවූ විශාලතම දිය ඇල්ල විය. එහෙත් වර්තමානයේ ඉන් ජලය බිඳක්වත් වෑස්සෙන්නේ නැත. අද එය වියලී ගොසිනි. පෙර ලිපියේ සඳහන් පරිදි මේ සුවිසල් ඇල්ල නිර්මාණය වූයේ අයිස් වේල්ලක් කඩා බිඳ පැමිණි සුවිසල් ජල කඳක් හේතුකොටගෙනයි. එම ජල කඳේ පීඩනය නිසා යටි පාෂාණය පැලී/ ඛාදනය වී මහා දොරුව නිර්මාණය වූ අයුරු පෙර ලිපියේ සඳහන් විනි. මෙම ජල කඳ නයගරා ඇල්ලේ ජලකඳ මෙන් දස ගුණයක් විශාල එකක් බව පැවසේ. 

වර්තමානයේ මේ මහා දිය ඇල්ල පැවති ප්‍රදේශය කාන්තාර ස්වාභාවයක් උසුලන අතර, ඇල්ල නිසා නිර්මාණය වූ දොරුවේ පත්ලෙහි තැනින් තැන කුඩා විල් කිහිපයක් පමණක් දැක ගත හැක. කිසියම් දිනෙක නයගරා ඇල්ල වියළුනහොත් ඔබට දැක ගත හැකිවන්නේද ඉහත සඳහන් පරිදි ඊට බොහෝ සමාන වූ භූ ලක්‍ෂණයන්ය.

අවසාන වශයෙන් මගේ අදහසේ හැටියට යුනෙස්කෝවට තිබුණා පෙර ලිපියේ සඳහන් මහාදොරුවත්, මේ ලිපියේ සඳහන් වියළුනු ඇල්ලත් එකිනෙක සෘජු සම්බන්ධයක් ඇති නිසා ඒ දෙකම එක් ස්වාභාවික ආශ්චර්යයක් ලෙස සලකා අප වන් රටක තවත් ස්වාභාවික සම්පතක් ආශ්චර්යයක් ලෙස නම් කරන්න. 

No comments:

Post a Comment