ලිපි එකතුව


Wednesday, October 13, 2010

13. චර්චිල්

චර්චිල්/ Churchill
Photograph/ ඡායාරූපය: echeng, ‘3 Polar Bears in Churchill, Canada’, in Flickr.com, viewed on 13 October 2010, < http://farm1.static.flickr.com/212/472990937_8ea452613a_z.jpg?zz=1>
කැනඩාවෙහි හඩ්සන් බොක්කට පසෙකින් ඇති මැනිටෝබා නැමැති ප්‍රදේශය හිම වලසුන්ගේ අගනගරය වේ. හිම වලසුන් තමන්ගේ තාවකාලික ගිම්හාන වාසස්ථානවල සිට හඩ්සන් බොක්ක හරහා ශීත සෘතුවේදී මුහුදේ අයිස් මත පදිංචියට සංක්‍රමණය කරයි.

චර්චිල්හි හිම වලසුන් නැරඹීමට වසරකට සංචාරකයින් 15,000 කට ආසන්න ප්‍රමාණයක් පැමිණේ. හිම මත ධාවනය කල හැකි සැහැල්ලු රථ (පොළවට ඉහලින් සිට නැරඹිය හැකි) මඟින් සංචාරකයින්ව හිම වලසුන් වැඩියෙන් වාසය කරන ස්ථානවලට රැගෙන යයි. එහිදී ඔබට ලොව විශාලතම මාංශ භක්‍ෂක සත්ත්වයාව මුහුණට මුහුණ මුණ ගැසිය හැක. හිම වළසුන් චර්චිල්හිදී නැරඹිය හැකි හොඳම කාලයන් වනුයේ ඔක්තෝබර් අග භාගයේ සිට නොවෙම්බර් මැද දක්වයි.

            හිම වලසුන් හුදකලාවේ විසීමට දැඩි ප්‍රියතාවක් දක්වයි. එහෙත් තමන්ට වෙන් වෙන් වශයෙන් යා හැකි මාර්ග හමුවන තෙක් උන් කිහිප දෙනෙක් එකට ගමන් කරයි. සමහර නාඹර පිරිමි හිම වළසුන් එකිනෙකා හමු වූ විට හඩ්සන් බොක්කෙන් පිටත පැවැත්වෙන ලේ වැගිරෙන සටන් සඳහා පෙර පුහුණු වීම් පවත්වයි. උන් සටන් කරනා විට පසු පස ගාත් යුගලයෙන් රෞද්‍ර ලෙස එසැවෙයි. එසේ එසැවුණු විට වැඩුණු හිම වලසෙක් පොලවේ සිට අඩි 11ක් තරම් උස් වේ.  

නොවෙම්බර් අග අයිස් මිදීමට පටන් ගත් වහා චර්චිල්හි හිම වලසුන් මෙන්ම සංචාරකයන්ද නොපෙනී යයි. 


No comments:

Post a Comment