ලිපි එකතුව


Thursday, November 4, 2010

24. ග්ලැසියර බොක්ක

24. ග්ලැසියර බොක්ක/ Glacier Bay
Photograph/ ඡායාරූපය: Unknown, ‘Glacier Bay’, in http://laurencehunt.blogspot.com/, viewed on 04 November 2010, < http://1.bp.blogspot.com/_6hG0tMi6pJE/TBHpCobD22I/AAAAAAAAEEU/1Qyrk0JzKKQ/s400/Kaya+king+Glacier+Bay.jpg>


View ග්ලැසියර බොක්ක in a larger map

ඇලැස්කාවේ ගිනිකොණ දිග වෙරළ තීරයෙන් ඇලස්කානු බොක්කට වැටෙනා සුවිසල් ග්ලැසියරයකි. ග්ලැසියරය අඩි හාරදහසක් ඝණකම් වන අතර කිලෝමීටර තිස්දෙකක් පලළැතිය. මෙය මහා පැසිෆික් ග්ලැසියරය ලෙස හඳුන්වනු ලැබේ. ග්ලැසියරය දියවීම ආරම්භ වී ඇත්තේ දහ අටවන ශත වර්ෂයෙන් පසුවය. වසර දෙසීයක් ඇතුලත කිලෝමීටර එකසිය පහක් දියවී ඇත. මෙසේ ඛාදනයට ලක්වූ කොටස ග්ලැසියර බොක්ක ලෙස හැඳින්වේ. සෑම වසරකම ග්ලැසියරය මීටර 400 බැගින් ඛාදනය වේ. සෑම ගිම්හානයකම ග්ලැසියරයෙන් සුවිසල් අයිස් කඳන් පැසිෆික් සාගරයට ගිලිහී යයි.

වර්තමානයේ ග්ලැසියර බොක්ක ආශ්‍රිප්‍රදේශය, අක්කර 3,283,000 ක වපසරියක් පුරා විසිර පවතින ග්ලැසියර බොක්ක ජාතික වනෝද්‍යානය යටතේ පවතී. ඉන් අක්කර 57,000ක් ලෝක ජෛවගෝල රක්‍ෂිතයක් ලෙස 1986දී නම් කරන ලදී මෙය ලෝකයේ විශාලතම ජෛවගෝල රක්‍ෂිතයයි. 1992 දී යුනෙස්කෝව මඟින් ලෝක උරුමයක් ලෙස වනෝද්‍යානය නම් කරන ලදී. වනෝද්‍යානය ප්‍රධාන පරිසර පද්ධති හතරකට වෙන කර ඇත: තෙත් කලාපීය තුන්ද්‍රා ප්‍රදේශය, බටහිර වෙරළ තීරයේ “හෙම්ලොක්” වනාන්තරය, කඳුකර තුන්ද්‍රා ප්‍රදේශය සහ ග්ලැසියරයෙන් සමන්විත අයිස් යායවල් එම පරසාර පද්ධති වේ. වනෝද්‍යානය අතිශය ගැඹුරු කලපුවලින්ද, කඳු වැටි, වනාන්තර සහ තවත් ග්ලැසියර දහසයකින්ද සමන්විත වේ. මෙම කලපු, වනාන්තර සහ ග්ලැසියර ඇලස්කාවත්, කැනඩාවත් වෙන් කරමින් ඒ මායිමේ පිහිටයි. උසම කඳු ශිඛරය “ෆෙයාවෙද(ර්)” වේ. වනෝද්‍යානය අවට මුහුදු ජීවින්ගෙන් සහ අනෙකුත් ජීවින්ගෙන් සමෘධිමත්ය. මුහුදු ජීවීන් වර්ග 160ක්ද, පක්‍ෂීන් වර්ග 242ක් සහ ක්‍ෂීරපායින් වර්ග 41ක්ද වාර්තා වී ඇත. “හාර්බ(ර්)” සීල් මසුන් සහ කිලර් තල්මසුන් බහුලව දැක ගත හැක. එහෙත් මෙහි වඩාත් කැපී පෙනෙන්නේ හම්ප්බැක් තල්මසුන්ය. ඔවුන් මෙහි පැමිණෙන්නේ කැලිෆෝනියාවේ උන්ගේ අභිජනනය සිදු කරන ප්‍රදේශවල සිටයි. හම්ප්බැක් තල්මසුන් මෙහි සංක්‍රමණය වන්නේ ගිම්හානයේදී මසුන් ගොදුරු කර ගැනීම සඳහායි. තල්මසුන් නිල්වන් ජලතලය දෙබෑ කරමින් උඩ පනින දර්ශනය ඉතා ආකර්ෂණීයය. නැවත උන් ජලතලයට වැටෙනා විට අනන්ත වූ සුදුවන් පෙණ කැටි වලාවක් දසත විසිරී යයි.

ගිම්හානයෙදී ප්‍රදේශය අවට බෝට්ටු/ කුඩා නැවු මඟින් සංචාරය කළ හැක, එහෙත් පරිසර දූෂණය අවම කිරීම තකා දිනකට නැවු ගමන් දෙකකට, බෝට්ටු සංචාර විසි පහකට සහ ඔරු සංචාර විසිපහකට  සීමා කර ඇත. 



1 comment:

  1. ඔබගේ මීට පෙර ලිපි කිහිපයක්ම මම කියවූවා. ඉතා සිත් ගන්නා ආකාරයට මනරම් තොරතුරු ගොඩක් ඉදිරිපත් කරලා තියෙනවා.ගොඩක් ආසා හිතෙනවා මේ විස්තර දැක්කම.මම මීට කලින් ඇලස්කාව කීවාම හිතාගෙන හිටියේ වැඩිපුරම හිමෙන් වැසී ගිය ගහක් කොළක් දකින්න නැති ප්‍රදේශයන් කියලයි. නමුත් මෙම ලිපි එසේ නොවන බව දැන ගන්න ලැබුනා. ස්තූතියි. දිගටම ලියන්න.

    ReplyDelete