ලිපි එකතුව


Wednesday, December 29, 2010

45. යෝධ උණු දිය උල්පත්

45. යෝධ උණු දිය උල්පත්/ Mammoth Hot Springs (වයෝමින්ග්, ඇමරිකා එක්සත් ජනපදය)
 යෙලෝස්ටෝන් ජාතික උද්‍යානයේ වයඹ දිග කොටසේ පිහිටා ඇති, උල්පත් පනහකගෙන් පමණ සමන්විත වර්ණවත්  උණු දිය උල්පත් සමූහයකි. 


පොළෝ ගර්භයේ ඇති ජලය යෙලෝස්ටෝන්හි හුණු මිශ්‍රිත යටි පාෂාණය තුලින් පිටතට පැමිණේ. ඒ ඒ උණු දිය උල්පත් අසල අනේක වර්ණවලින්  සමන්විත ට්‍රැවටින් ඛණිජයෙන් සුසැදි ස්ථර දක්නට ඇත. උණුසුම් ජලය මඟින් හුණු මිශ්‍රිත සුමුදු යටි පාෂාණය පොළෝ අභ්‍යන්තරයේදී ද්‍රාවණය වී ඒ හුණු මිශ්‍රිත ජල පොළෝ මතු පිටට පැමිණ ජලය සීතල වීමෙන් පසු සුදු පැහැයෙන්, ට්‍රැවටින් ඛණිජය ලෙස පොළව මතු පිට තැන්පත් වේ.  ට්‍රැවටින් යනු අර්ධ ස්ඵටික කැල්සියම් කාබනේට් විශේෂයකි. මේවා වසරකට අඟලක වේගයෙන් උස්ව තැන්පත් වේ. මෙසේ වසර ගණනාවක් මුළුල්ලේ තැන්පත් වූ සමහරක් ට්‍රැවටින් ස්ථරවල උස වර්තමානයේදී අඩි 300ක් පමණ වේ. ඒ ඒ උල්පත් අසල ඇති ස්ථර හැඩයෙන් සහ වර්ණයෙන් එකිනෙකට වෙනස් වේ. මෙ නිසා ඒ ඒ උල්පතටම ආවේණික වූ ස්වරූපයල් ලැබි ඇත. ඒ ඒ උල්පතින් ජලය ගලන වේගය හා ප්‍රමාණය අදාල උල්පත අසල ඇති ට්‍රැවටින් ස්ථරවල හැඩය තීරණය වේ. 


ට්‍රැවටින් ඛණිජය තැන්පත් වන අවස්ථාවේදී සුදු පැහැ වුවත්. උණුසුමට ප්‍රිය කරන බැක්ටීරියා සහ ඇල්ගීවල ප්‍රතික්‍රියා මඟින් ට්‍රැවටින් ස්ථරවලට දීප්තිමත් කහ, දුඹුරු සහ කොළ පැහැයක් ලබා දේ. 


උණුදිය උල්පත් පෝෂණය වන්නේ වර්ෂාවෙන් හා හිම පතනයෙන් පොළෝ ගර්භයේ තැන්පත් වන ජලයෙනි. පෙර ලිපියේ සඳහන් කල පරිදි පොළෝ මතු පිට සිට කිලෝමීටර 5ක් පොළෝ අභ්‍යන්තරයේ ඇති සුවිසල් මැග්මා ගුලියක් මඟින් පොළෝ අභ්‍යන්තරයේ ඇති ජලය උණුසුම් වී දුම් දමමින් හුනු මිශ්‍රිත යටි පාෂාණය ඔස්සේ පොළව මතු පිටට පැමිණේ.

      විකීපිඩියා

      යූ ටියුබ්

      ගූග්ල් අර්ත්
UNESCO NATURAL WONDERS

No comments:

Post a Comment