ලිපි එකතුව


Wednesday, December 8, 2010

38. යමහල් විල

යමහල් විල/ Craters Lake
ඔරිගොන්, ඇමරිකා එක්සත් ජනපදය


View යමහල් විල in a larger map

යමහල් විලක් නිර්මාණය වන්නේ ගිනි කඳු පිපිරීමක් හේතුවෙන් කඳු මුදුනත විනාශ වී ඉන් සෑදෙන ගිනි කඳු විවරයේ ජලය පිරීමෙනි. ඔබට මතක ඇති ඇලස්කාවේ කැට්මයි ගිනි කඳු විවරයේ ඇති යමහල් විල ගැන පෙර ලිපියක සඳහන් කලා. මෙවන් යමහල් විල් පනස් තුනක් ලොව පුරා දක්නට ඇත. ඔරිගොන් ප්‍රාන්තයේ යමහල් විලට විශේෂ නමක් නොමැති අතර එය "යමහල් විල" ලෙසම හඳුන්වයි. 

1902 දී ඔරිගොන්හි යමහල් විල ආශ්‍රිත ප්‍රදේශය ඇමරිකාවේ පස්වන ජාතික  වනෝද්‍යානය ලෙස නම් කරනු ලැබිණ. මීට වසර හත්දහසකට පමණ පෙර යමහල් ක්‍රියාකාරිත්වය හේතුවෙන් "මසැමා" කන්දෙහි මුදුනත විනාශ වී උස මීටර 1600කින් පමණ අඩු විණී. කඳු මුදුනත විනාශ වූ පසු නිර්මාණය වූ ආවාටයේ/ ගිනි කඳු විවරයේ විශ්කම්භය කිලෝ මීටර අටකි. වර්තමානයේ ආවාටය කැඩපතක් වන් පැහැදිලි ශාන්ත ජල තලයකින් පිරී පවතී. මීටර 589 ගැඹුරැති යමහල් විල, ඇමරිකා එක්සත් ජනපදයේ ගැඹුරුතම විල වන අතර ලොව සත්වන ගැඹුරුතම විල වේ. විල පෝෂණය වන්නේ වර්ෂාවෙන් සහ හිම පතනයෙනි. විල තුලට මතුපිටින් වෙනත් ආකාරයකින් ජල ගලා ඒමක් හෝ විලෙන් එළියට ජලය ගලා යාමක් දක්නට නැත. එනිසා විලෙහි රොන්මඩ වන් අපද්‍රව්‍ය තැන්පත් වීමක් දක්නට නොලැබෙන හෙයින් ඔරිගොන්හි යමහල් විල ලොව සුපැහැදිලිම විල් අතරින් එකකි. විල මුහුදු මට්ටමේ සිට මීටර 1882ක උසකින් පිහිටා ඇත.

No comments:

Post a Comment