ලිපි එකතුව


Sunday, May 1, 2011

64. චැනල් දූපත්

64. චැනල් දූපත්/ Channel Islands   (කැලිෆෝනියාව,  ඇමරිකා එක්සත් ජනපදය)
   දකුණූ කැලිෆෝනියා වෙරළෙන් ඔබ්බට පැසිෆික් සාගරයේ දක්නට ලැබෙන දූපත් අටක ජාලය චැනල් දූපත් ලෙස හැඳින්වේ. මෙම දූපත්වල ශාක සහ සත්ත්ව විශේෂ දෙදහසක් පමණ දක්නට ලැබෙන අතර ඉන් 145ක් මේ දූපත්වලටම ආවේණික බව සැලකේ. මේ දිවයින්වලටම ආවේණික වූ ක්‍ෂීරපායින් වර්ග හතරක් දක්නට ලැබේ. චැනල් දූපත් ජාතික වනෝද්‍යානයක් ලෙස නම් කර ඇති අතර මෙයට පහත සඳහන් දූපත් අයත් වේ: Anacapa, සැන්ට බාබරා, සැන්ට කෲස්, සෙන් මියුගල් සහ සැන්ට රෝසා. මේ දුපත් තුල ඇවිද සංචාරය කිරීම සඳහා කදිම මාර්ග දක්නට ලැබේ. ඉහත සඳහන් කල දූපත් එකතුව වනෝද්‍යානයක් ලෙස නම් කර ඇත්තේ එහි ඇති වෘක්‍ෂ ලතා, සත්ත්වයින් සහ පුරාවිද්‍යා ස්ථාන රැක ගැනීමේ පරමාර්ථයෙනි.


සංචාරක අළු තල්මසුන් සහ වනමල් දැක ගැනීමට නම් ඔක්තෝබර් සිට මාර්තු දක්වා කාලය වඩාත් උචිත වේ. ඒ ඒ දූපතට අදාල ආවේණික ලක්‍ෂණ ඇති අතර Anacapa සහ සැන්ට බාබරා දූපත් තල්මසුන් සහ පක්‍ෂීන් නැරඹීමටත්, කිමිදීමටත් කදිම ස්ථානයකි. සෙන් මියුගල් දූපත පක්‍ෂීන් සහ සීල් මසුන් නැරඹීමටද වනමල් සහ පොසිල පිරි වනාන්තර නැරඹීමට සුදුසුය. සැන්ට රෝසා දූපත ආශ්‍රිතව ඔරු පැදීමටත් සැන්ට කෲස් දූපත පොසිල සහ වන ජීවීන් නැරඹීමටත් සුදුසු වේ. වෙරළින් ඔබ්බට වන්නට මුහුදු ජලය සීතල වන අතර මත්ස්‍යයින් සහ සාගර ආශ්‍රිත අපෘෂ්ඨවංශීන්(බෙල්ලන්) බහුල වේ. ඔවුන්ව ආහාර කර ගැනීමට පැමිණෙන මුහුදු සිංහයන්, සීල් මසුන් සංචාරක තල්මසුන් සහ ඩොල්ෆින් මසුන්ගේ අඩුවක් නැත.


      Wikipedia
UNESCO NATURAL WONDERS

No comments:

Post a Comment