ලිපි එකතුව


Monday, September 27, 2010

4. වෙස්ටර්න් බෲක් විල

4. වෙස්ටර්න් බෲක් විල/ Western Brook Pond (නිව් ෆවුන්ලන්ත දිවයින, කැනඩාව)
   ග්‍රොස් මෝන් ජාතික වනෝද්‍යානයේ පිහිටා ඇති වෙස්ටර්න් බෲක් විල, ගලා යන්නේ දැඩි ප්‍රපාතාකාර කඳු බෑවුම් දෙපස ඇති මාර්ගයකිනි. විල දෙපස ඇති හෙල් මීටර 600ක් පමණ උස්වේ. මෙම හෙල් මුදුනත සානුවකින් මට්ටම්වී ඇත. වෙස්ටර්න් බෲක් විල අනෙක් අතට නැවුම් ජලය පිරි කැණියමක් ලෙස සැලකිය හැක. හිම යුගයේදී ග්ලැසියර හේතුවෙන්, දැනට පවතින නිම්නය පුළුල් සහ ගැඹුරු වී ඇත. වසර 11,000 කට පෙර  අයිස් දියවී  ආවාටයේ පතුල ජලයෙන් පිරීම හේතුවෙන් විල නිර්මාණය වුණු බව කියැවේ. නිව් ෆවුන්ලන්තයේ බොහෝ සථානවල පෘෂ්ඨයේ ජලය ඇති වුණේ මේ ආකාරයෙනි.  මේ ආකාරයට ජලය රැස් වුණු ස්ථාන පොකුණක් හෝ දිය පාරක් ලෙස හඳුන්වන ලදී. එහෙත් වෙස්ටර්න් බෲක් පොකුණක් ලෙස හැඳින්වීම එහි විශාලත්වය අඩු තක්සේරුවකට ලක් කිරීමකි. ඇත්ත වශයෙන්ම වෙස්ටර්න් බෲක් විල කිලෝ මීටර් 16ක් දිගැතිය. විලෙහි ගැඹුර අඩි 545කි. දෙපස පිහිටි සානු මතින් ගලන දිය ඇළිවලින් විල පෝෂණය වේ. සෙල්සියස් අංශක -10° ට උෂ්ණත්වය පහල බසිනා ශිශිරයේදී, විලෙහි ජලය ඝණ අයිස් බවට පත්වේ. ගිම්හානයේදී (ජුනි සිට ඔක්තෝබර් මැද දක්වා) ඔබට විලෙහි බෝට්ටු සංචාරයක නිරත වීමට හැකියාව ලැබේ. ඔබට එහිදී ග්ලැසියරයෙන් ඔප මට්ටම් වූ නිම්නය රිසි සේ දැක බලා ගැන්මට පුළුවන. මිනිස් ක්‍රියාකාරකම්වලින් නොකිලිටි පිරිසිදු ජලය ඇති විලෙහි බෝට්ටු ක්‍රියාකරවන්නන් ඊට පෙර රජයෙන් විශේෂ සහතිකයක් ගත යුත්තේ තමන්ගේ ක්‍රියාකාරකම් නිසා විල අපවිත්‍ර නොවන බව සහතික කිරීමටය.   විල අවට ඇති අනේක මලින් පිරී ගිය වගුරු සහිතප්‍රදේශය, කෘමි සතුන් භක්‍ෂණය කරනා “Pitcher Plant” ශාඛයේ නිවහනයි. වන සතුන්ගෙන් සමෘධිමත් මෙහි සැමන් මත්‍සයින්,  Brook trout, Arctic char යන මිරිදිය මසුන් ගෙන් සුලභය. විල අවට අසාමාන්‍ය මුහුදු ලිහිණි ගහණයක් දැකිය හැක. මොවුන් විල හාත්පස ඇති සුවිසල් දඹ මත කූඩූ සාදයි.  

Wikipedia Article
UNESCO NATURAL WONDERS

No comments:

Post a Comment