ලිපි එකතුව


Thursday, September 23, 2010

1. එල්ස්මියර් දිවයින

01. එල්ස්මියර් දිවයින   (උතුරු කෑනඩාව)
විශාලත්වය: 196,235 km2
උසම ස්ථානය: බාබියු කඳු මුදුන, මුහුදු මට්ටම සිට මීටර 2616.
ජනගහනය - 146.
විශාලතම නගරය - Grise Fiord

       කැනඩා රජයට අයත් එල්ස්මියර් දූපත, ලොව දසවෙනි විශාලම දිවයිනයි. වර්ග කිලොමීටර 196, 235 කින් සමන්විත වන මෙහි, වාසය කරන්නේ 146කට නොවැඩි ජනගහනයකි (2006යෙ අවසන් වරට පැවැත්වූ ජන සංගනනය අනුව). එම පිරිස එල්ස්මියර් දිවයිනෙහි ස්ථාන 3ක වාසය කරයි. එම ස්ථාන නම් ඈලර්ට්, යුරේකා සහ ග්‍රීස් ෆොඩ් යන ස්ථාන වෙ.
දූපතක් කියූ විගස ඔබට සිහි ගන්වන්නේ නිවර්තන කලාපීය පාරාදීසයකි. එහෙත් මෙය පෘතුවියේ උත්තර ධ්‍රැවයට ආසන්න හිම කාන්තාරයක් යැයි කීවොත් නිවැරදිය. මෙහි විශාල කොටසක් සමන්විත වන්නේ ග්ලැසියරයන්ගෙන් සහ අයිස් වලිනි. දිවයිනේ ඇති චැලෙන්ජර් කඳු වැටිය උත්තර ධ්‍රෑවය ආසන්නයේම පිහිටා ඇති අවසන් කඳු වැටියයි. මෙම දිවයිනේ ශාකයක් හට ගන්නේ නම් එය අනිවාර්යයෙන්ම ආක්ටික් විලෝ හෝ ආක්ටික් ෆයර්වුඩ් ශාක විය යුතුය (තෘණ වන් ඉතා කුඩා පඳුරු ආකාර ශාක විශේශ).


මෙම මනස්කාන්ත හිම දිවයින තරංග හැඩයෙන් සෑදුනු හිම යායවලින්ද, කළු සහ අළු පලස් ඇතිරුවාක් වන් කඳු ශිඛරයන්ගෙන්ද, සුවිසල් ගල් කුට්ටි විසුල ග්ලැසියරය්න්ගෙන්ද සමන්විතය. වසරකට පුරා මාස 5ක් හිරු නොදකින මෙම දිවයින, මැදියම් ගිම්හාන්යේදී පැය 24ම හිරු එළියෙන් බබළයි. මේ කාලෙයේදී උතුරු ක්ෂිතිජයෙන් හිරු බැස යාමක් දක්නට නොහැකිය. දූපතේ උතුරු කෙලවර වන්නේ කොලොම්බියානු තුඩුවයි. එය උත්තර ධ්‍රැවයට අත දිගු කරන දුරින් පිහිටා ඇත (උත්ටර ධ්‍රැවයේ සිට කිලෝ මීටර 800ක දුරින්).


දූපතේ උසම ස්ථානය බාබියු කඳු මුදුනයි (උස මුහුදු මට්ටමේ සිට මීටර 2616ක් ). වෙරළේ සිට දූපත තුලට කඳු අතරින් ඇදී යන අයිස් පිරුණු පටු කලපු නිසා දූපතේ වෙරළ තීරය කඩතොළු ස්වභාවයක් උසුලයි. මෙහි ඇති දඹ වන් ප්‍රපාතයන් මුහුදු මට්ටමෙන් අඩි 2300ක් පතුලට කිඳා බැස ඇත. ශිශිරයේදී උෂ්ණත්වය සෙල්සියස් අංශක -45 දක්වා පහල බසී. මෙවන් උෂ්ණත්වයකදී මුහුද මිදුනු ගනකම් අයිස් තට්ටුවක් බවට පරිවර්තනය වේ. ඉතා අවම වර්ෂාපතනයක් ලැබෙන එල්ස්මියර් දිවයින, වසරේ වැඩි කලක් වියලි ස්වභාවයකින් පවතියි. වර්ෂාපතනය වසරකට මිලි මීටර 60කට නොවැඩිය. ජුනි අවසන සිට අගෝස්තු අවසන දක්වා පවතින ගිම්හානයේදී උෂ්ණත්වය සෙල්සියස් අංශක 7කට වඩා වැඩි වන්නේ කලාතුරකිනි. මෙම කාල සීමාවේදී අහස වළාකුලින් තොර උණුසුම් ස්වභාවයක් උසුලයි.
සුන්දර එල්ස්මියර් දිවයින
එල්ස්මියර් දිවයින පහත සඳහන් සතුන්ගේ නිජබිමකි: කස්තුරි ගෝනා, ආක්ටික් අළු වෘකයා, හිම බස්සා, හිම වලසා, ආක්ටික් හාවා සහ දළ තල්මහ.

      Wikipedia
UNESCO NATURAL WONDERS

1 comment:

  1. ගොඩක් ආසාවෙන් බැලුවා.වටිනා දැනුමක්.බොහොම ස්තූතියි

    ReplyDelete