ලිපි එකතුව


Tuesday, October 12, 2010

11. මොරේන් විල

මොරේන් විල/ Moraine Lake
වෝල්ටර් විල්කොක්ස් නැමැත්තා වරෙක මෙසේ කීවේය, “සිත ප්‍රබෝධමත් කරවන හුදකලා බවකුත්, විෂම වූ ඓශ්චර්යකුත් එක විට දැනවූ මෙවන් දර්ශනයක් මින් පෙර දැක නැත”. එසේ ඔහු කීවේ 1899 දී මොරේන් විල සොයා ගැනීමෙනි. ඔහු අභිමුව ඇති මොරේන් විලෙහි දර්ශනයෙන් වශීකෘත වූ ඔහු පැවසුවේ එවන් ආකර්ෂණීය විලක් තමන් කෙදිනකවත් දැක නොමැති බවයි. එබැවින් දුටුවන් මවිත කරවන සුළු ස්ඵටිකරූපී මොරේන් විලට ලෝකයේ වැදගත් ස්ථානයක් හිමිව ඇත. විල කැන්ඩාවේ, ඇල්බර්ටාවෙහි බෑන්ෆ් ජාතික උද්‍යානයේ පිහිටා ඇත.

            විලෙහි නැගෙනහිර අර්ධය, මීටර 900ක් උසැති, හිමෙන් වැසුණු “Wenkchemna” කඳු ශිඛරයෙන් ආවරණය වී ඇත. විලෙහි  නිර්මාණයට ග්ලැසියරයන්ගේ සම්බන්ධයක් දක්නට නැත. එහෙත් වසර මිලියන ගණනකට පෙර අසල්වැසි බේබ්ල් කන්දෙහි සිදුවූ මහා පරිමාණ ගල් කුළු නාය යෑමකින් නිර්මාණය වූවක් බව කියැවේ. විල නිතරම මුතුවන් නීල වර්ණයෙන් බබළයි. එසේ වන්නේ ගිම්හානයේදී ග්ලැසියරයන් දියවී ඒ සමඟින් විලට කඳු මතින් ගලා එන ජලයේ ඇති පාෂාණ/ ග්ලැසියර අංශු හේතු කොටගෙනය. මෙම අංශු මඟින් දෘශ්‍ය වර්ණාවලියේ නිල් පැහැය හැර අන් සියළුම පැහැයන් අවශෝෂණය කර ගනී. නිල් පැහැය පමණක් නැවතත් පරාවර්තනය වේ. එබැවින් විල “රොකී කඳු වැටියෙහි මාණික්‍ය” යන අන්වර්ථ නාමයෙන් හඳුන්වනු ලබයි.

විල අයත් ප්‍රදේශය 1885 ස්ථාපිත වූ බෑන්ෆ් ජාතික උද්‍යානයේ කොටසකි. විල අවට කදිම ජෛව විවිධත්වයකින් යුක්ත වේ. විල අවට කළු සහ අළු වලසුන්ද, විශාල අං සහිත බැටළුවන්ගෙන්ද, කඳුකර එළුවන් සහ ගෝනුන්ගෙන්ද සමන්විත වේ.

මොරේන් විල සහිත ප්‍රදේශය, අවට කඳු රාශියකට යෑම පිණිස ඇති අඩි පාරවල ආරම්භක ස්ථානය වේ. සමහරක් අඩි පාරවල් විල් ඉවුරේ සිට රොකී කඳු පංතියේ මීටර 700ක් පමණ උසැති කඳු මුදුන් දක්වා ගමන් කරයි. මොරේන් විල අසල්වැසි ලුවිස් විලේ සිට කිලෝමීටර 15ක දුරින් පිහිටයි. 


2 comments:

  1. In little days I received a Calaneder from a Japanese company which had a nice photo of this lake. We don't have Google those days to "google it" to find more info. Seems like there is a tourism acivities too here.

    These pine trees and snow seems very attractive and wish I could go there one day.

    ReplyDelete
  2. මෙි වැඩෙි ගොඩක් හොදයි

    ReplyDelete