ලිපි එකතුව


Friday, October 1, 2010

7. බර්ජිස්හි ශල්ක

7. බර්ජිස්හි ශල්ක/ Burgess Shales
ශල්ක යනු වෛරම් සහිත ඛණ්ඩජ (ඛණ්ඩ සහිත) ආකාරයේ අවසාදිත පාෂාණ විශේෂයකි. පාෂාණයේ සංයුතිය සමන්විත වන්නේ ප්‍රධාන වශයෙන්ම මැටි, යකඩ, මැග්නීසියම් සහ  ක්වාට්ස් යන ඛණිජයන්ගෙනි.
            කැනඩාවේ බ්‍රිටිෂ් කොලොම්බියාවේ, රොකී කඳු වැටිය ආශ්‍රිතව මෙම ශල්ක පිහිටා ඇත. මේවා රොකී කඳු වැටියේ බර්ජිස් කන්ද ආසන්නයේ පිහිටා ඇති බැවින් බර්ජිස්හි ශල්ක ලෙස හඳුන්වනු ලැබේ. මෙහි විශේෂත්වය නම් මෙම ශල්ක සහිත ප්‍රදේශය පොසිල සඳහා ලොව සුප්‍රකටම භූමිය වීමයි. බොහෝ කලෙකට පෙර මෙහි අපූර්ව ප්‍රාණීන් විසූහ. මෙහි ඇති වසර බිලියන භාගයක තරම් පැරණි වූ පොසිල, පෘතුවි ජීවයේ සම්භවය පිළිබඳ චමත්කාරජනක දර්ශනයක් මවාපායි. මෙම ශල්ක වසර මිලියන ගණනකට පෙර ජලයෙන් යටව මිහිදන් වී තිබිණ. එහිදී මෙම පොසිල සියුම් මඩ මධ්‍යයේ විශේෂිත ආකාරයකට සංරක්‍ෂණය වුණි. එහි ප්‍රතිඵලය වූයේ ජීවීන්ගේ මෘදු සැකිල්ලේ ව්‍යුහය පවා ආරක්‍ෂාකාරීව සංරක්‍ෂණය වීමයි. ලොව වෙනත් ස්ථානවලින් හමුවූ කේම්බ්‍රීය යුගයේ ශල්ක තුලින් දක්නට ලැබෙන්නේ එම ජීවීන්ගේ දෘඩ සැකිල්ලේ ව්‍යුයුහය පමණි.
            ජීවයේ සංකීර්ණ විකසනය පිළිබඳ කදිම නිදර්ශනයක් ලබා දෙන මෙම පොසිල විවිධ ප්‍රමාණයන් හා හැඩයන් යටතේ වර්ග කර ඇත. මේවායින් බොහෝමයක් දැනට සිටිනා ජීවීන්ගේ මුල් විකසනය පෙන්නුම් කරයි. නි.ද. ඇල්ගී කාණ්ඩවල සිට පෘෂ්ඨ වංශීන් දක්වා, එහෙත් සමහර පොසිල දැනට පෘතුවියේ වසනා කිසිම ජීව වර්ගයක විකසනයට නෑ කමක් නොදක්වයි. එම ජීවීන් තව දුරටත් විකසනය නොවී අතුරුදහන් වූයේ මන්දැයි අභිරහසකි.
1909 දී පාෂාණ ධාතු විද්‍යාඥයෙක් වූ Charles D. Walcottවිසින්  අඩි 320ක් උස පොසිල ස්ථර සහිත හුණුගල් දඹයක් කණින ලදී. එහිදී ඔහුට විවිධ සත්ත්ව වර්ග 120කට අයත් පොසිල දක්නට ලැබුණි. මෙමඟින් එකල පෘතුවියේ ජෛව විවිධත්වය පිළිබඳ පුළුල් දැනුමක් ලබාගත හැකිවිය.

1 comment: