ලිපි එකතුව


Monday, November 1, 2010

20. මැක් නීල් ගංගාව

මැක් නීල් ගංගාව/ McNeil River Falls

Photograph/ ඡායාරූපය: Matthias Breiter / Accent Alaska, ‘The Patient Bear’, in Alaska-in-pictures.com, viewed on 01 November 2010, < http://cache.boston.com/universal/site_graphics/blogs/bigpicture/eobs_01_14/e02_bear_iko.jpg>


මැක් නීල් ගංගාව, ඇලැස්කාවේ අගනුවර වන ඇංකරිජ්හි සිට කිලෝමීටර 402ක් නිරිත දෙසින් වන්නට ගලා යයි. ගංගාව අවට වර්ග කිලෝමීටර 518ක් වූ ප්‍රදේශය, ලොව විශාලතම දුඹුරු වළස් ගහණයට රැකවරණය සලසයි. 1967 දී මෙම භූමිය රක්ෂිතයක් ලෙස නම් කෙරින

සෑම වසරකම ගිම්හානෙයේ අග භාගයේදී (ජුලි සිට අගෝස්තු), දුඹුරු වළසුන් 150ක් පමණ මැක්නීල් ගංගාවට සංක්‍රමණය වේ. උන්ගේ ප්‍රියතම ආහාරය වන සැමන් මසුන් ඩැහැ ගැනීම සඳහායි. සැමන් මසුන් මෙම කාලයේදී බිජු දැමීම සඳහා ගඟේ ඉහත්තාවට උඩුගං බලා පිහිනා යයි. ගංගාවේ සුවිසල් ගල් තලා සහ එමඟින් ඇතිවන නොගැඹුරු බව හේතුවෙන්, සැමන් මසුන්ගේ උඩුගං බලා යන ගමන බාල වී වළසුන්ගේ ග්‍රහණයට මැදිවේ. මෙලෙස සැමන් මසුන් අහාරය පිණිස වරකට 30-40ත් වළසුන් ප්‍රමාණයක් ගඟ මැද රැස්වේ. සමහර වළසුන් සැමන් මත්ස්‍යයෙක් ජලයෙන් මතුවන තෙක් ගඟ මත හිඳගෙන හෝ සිටගෙන මුව අයා බලා සිටියි. තවකෙක් කටට වැටෙන තුරු නොසිට ගංගා පතුලෙහි කිමිද සැමන් මසුන් ඩැහැ ගනියි. වැළහින්නක් දිනකට දළ වශයෙන් සැමන් මසුන් කිලෝ 34ක් (මසුන් 90ක් පමණ) ගිල දමයි.   මෙසේ මෙම වළසුන්ට දිනකට විශාල ආහාර ප්‍රමාණයක් අවශ්‍ය වන්නේ ඉදිරි මාස 5-7ත් අතර කාලයේදී ශිශිර නිද්‍රාවට අවශ්‍ය මේදය තැන්පත් කර ගැනීමටයි.

මෙම ස්ථානය නැරඹීමට සෑම කෙනෙක්ටම අවස්ථාවක් නොලැබෙන අතර දිනකට 10 බැගින් වසරකට 250කට මෙම ස්ථානය නැරඹීමට දිනුම් ඇදීමක් මඟින් අවස්ථාව උදාවෙයි



2 comments: