ලිපි එකතුව


Wednesday, November 3, 2010

23. ඇලෙක්සැන්ඩර් කොදෙවු රැස

ඇලෙක්සැන්ඩර් කොදෙවු රැස (දූපත් සමූහය)/ Alexander Archipelago
Photograph/ ඡායාරූපය: Unknown, ‘Creatures on Ocean’, in http://hotornotanongirls.blogspot.com, viewed on 03 November 2010,< https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgK-4_XrcQRS4jH1icPq0RL-sqOLUb8OgTjBscvHEEfLW08S3FKXenYi1us1ormB2TVxETZTKQT0mbKHSwqq7hyphenhyphenYoSio1os9bi28QExXtQ34Ewitx-EXwvnKsH9iWyY_WxqHPHJnr7VXhw/s1600/humpback_whale%5B1%5D.jpg>


ඇලෙක්සැන්ඩර් කොදෙවු රැස විශාල කර බලන්න

අලැස්කාවේ නැරඹිය යුතු තවත් ආශ්චර්යයන් තුනක් ඉතිරිව තිබේ. ඉන් එකක් නම් ඇලෙක්සැන්ඩර් කොදෙවු රැසයි. ඇලැස්කාවේ ගිණිකොන දිග වෙරළ තීරයෙහි පිහිටා ඇති මෙම ප්‍රදේශය අර්ධද්වීප සහ දූපත් සමූහයක එකතුවකි. දූපත් 1100ක් ඇති බව පැවසේ. මෙම දූපත් ලෙස පිටතට පෙනෙන්නේ පැසිෆික් සාගරයේ ගිලී ගිය වෙරළබඩ කඳුවල මුදුන් වේ. දූපත් වෙරළ තීරය අතිශය කඩතොළු ස්වාභාවයක් උසුලන අතර අධික බෑවුම්වලින් ගහණවේ. තවද මෙම දූපත් සහ අර්ධද්වීප සදාහරිත සෞම්‍ය කලාපීය වැසි වනාන්තරයන්ගෙන් වැසී පවතී, වන ජීවින් අතින්ද සමෘදධිමත්ය.

ඉහත සඳහන් කළ දෑට අමතරව මෙහි තවත් සුවිශේෂී යමක් සිදුවේ. මැයි සිට සැප්තැම්බර් කාල සීමාවේදී, ලෝකයේ විශාලතම “හම්ප්බැක්” තල්මසුන් ගහණය මෙම ප්‍රදේශය ආශ්‍රිතව දැක ගත හැක. මොවුන්ට සුවිශේෂ ගොදුරු අල්ලා ගැනීමේ ක්‍රමයක් පවතී. බුබුළු ජාලයක් පිට කිරීම මඟින් මත්ස්‍යයින් කොටු කරගන්නා මෙම ක්‍රමය “Bubble net Feeding (බබ්ල් නෙට් ෆීඩිං)” ලෙස හැඳින්වේ. ගොදුරු අල්ලා ගැනීම සඳහා සත් දෙනෙකුගෙන් පමණ සමන්විත තල්මසුන් කණ්ඩායමක් එක්වේ. මොවුන් මත්ස්‍යයින් ලක්‍ෂ ගණනකගෙන් යුත් රංචුවක් දුටු කල, එම මත්ස්‍ය රංචුව වටකොට ඒ රංචුවට යටින් සිට බුබුළු ජාලයක් පිට කිරීමට පටන් ගනී. එවිට බුබුළු ජාලය මසුන් වටා තිරයක් ලෙසින් වට වී ඒ බුබුළු මතින් පරාවර්තනය වන හිරු එළියෙන් මසුන්  අන්ද මන්ද වී ඒ තුල කොටු වී සිටී. මෙසේ විනාඩි 2- 2.5 ක් අතර කාලයක් තල්මසුන් බුබුළු පිට කරමින් මසුන් කොටු කරගනියි. මසුන් බුබුළු ජාලයට කොටු වී ඇතැයි හැඟී ගිය වහා කණ්ඩායමේ එක් තල්මසෙකු කන් බිහිරි කරවන අන්දමේ බිහිසුණු ශබ්දයක් පිට කරයි, ඉන් මසුන් භීරාන්ත වී කිසිත් කර කියා ගත නොහැකිව බලා සිටියි. එවිටම කණ්ඩායමේ සියළුම තල්මසුන් සුවිසල් ගල් ගුහා වැනි මුවවල් අයාගෙන කොටු වී ඇති මසුන් රංචුව දෙසට (යට සිට උඩට) ඇදී විත්, එක කටට මසුන් දස දහස් ගණනක් මුහුදු ජලයද සමඟ ගිල දමයි. බියෙන් තැති ගත් මසුන් මේ සුවිසල් කටවල් තුලින් බේරී පැන යාමට මහත් වීර්යයක් දරයි.  හම්ප්බැක් තල්මසුන් මෙලෙස විශාල ආහාර ප්‍රමාණයක් ලබා ගන්නේ ඉදිරියේ බල පැවැත්වෙන ශීත සෘතුවට මුහුණ දීමට අවශ්‍ය මේදය තැන්පත් කර ගැනීම සඳහාය. ඔවුන් ශීත සෘතුවේදී ආහාර ලබා ගන්නේ කලාතුරකිනි.

හම්ප්බැක් තල්මසුන් ගොදුරු අල්ලා ගන්නා අන්දම


සෑම ගිම්හානයකම සංචාරකයින්ට මෙම අද්විතීය දසුන බෝට්ටුවක් මඟින් ගොස් දැක බලා ගැනීමට අවස්ථාව සලසා දී ඇත.
ඇලස්කාවේ වෙරළාශ්‍රිත තල්මසුන්හේ ඡායාරූප. -> http://www.cornforthimages.com/Wildlife/Whales/Humpback.htm

1 comment: