ලිපි එකතුව


Thursday, November 4, 2010

25. මැක්කින්ලි කන්ද

25. මැක්කින්ලි කන්ද/ Mount McKinley
Photograph/ ඡායාරූපය: Patrick J. Endres, ‘20, 3020+ ft. Mt. McKinley (locally called Denali) tundra pond, Denali National Park, Alaska’, in alaskaphotographics.com, viewed on 05 November 2010, <http://www.alaskaphotographics.com/i/sampleprints/artdecorprints2.jpg>


View මැක්කින්ලි කන්ද in a larger map

මීටර 6,194 උස වන මැක්කින්ලි කන්ද උතුරු ඇමෙරිකානු මහද්වීපයේ උසම කඳු ශිඛරයයි. එය ඇමරිකා එක්සත් ජනපදය යටතේ පාලනය වන ඇලස්කාවේ පිහිටා ඇත. කඳුවැටිය සම්පූර්ණයෙන්ම හිමෙන් වැසී පවතී. කඳු වැටියේ බෑවුම් මතින් ගලා යන සුවිසල් ග්ලැසියර පහක්ද, අඩි සියයක් පමණ ඝණැති අයිස් යායවල් දුසිමක්ද ඇත. කන්දෙන් භාගයක්ම සැඟවී ඇත්තේ හිම සහ ඝණ අයිස් ම මධ්‍යයේය.

මැක්කින්ලි කන්ද ග්‍රැනිට් සංයුතියෙන් සැදුම් ලත් පාතාල පාෂාණයක් (Plutonic Rock) බව පැවසේ. මේවා සමහරවිට ඔබට ආගන්තුක වචන විය හැක. එනිසා ඔබට පෘතුවියේ ප්‍රධාන පාෂාණ සංයුතිය පිළිබඳ යම්කිසි වැටහීමක් තිබිය යුතුය. පෘතුවියේ ප්‍රධාන වශයෙන්ම පාෂාණ වර්ග තුනක් දැකිය හැක: ආග්නේය පාෂාණ, අවසාදිත පාෂාණ සහ විපරීත පාෂාණ එම පාෂාණ වර්ග වේ. ආග්නේය පාෂාණ, මැග්මා/ ලාවා ඝණීභවනය වීමෙන් හට ගනී. මෙසේ මැග්මා/ලාවා ඝණීභවනයෙන් හට ගන්නා ප්‍රධාන ආග්නේය පාෂාණ වර්ග දෙකක් දැකිය හැක, ඒවා නම්, යමහල් පාෂාණ සහ පාතාල පාෂාණ වේ. යමහල් පාෂාණ පෘතුවිය මතු පිට ලාවා/ මැග්මා ඝණීභවනයෙන් සෑදෙන අතර, පාතාල පාෂාණ පොළව යට ඇති මැග්මා/ ලාවා ඝණීභවනයෙන් සෑදේ. වර්ග දෙකම ලාවා ඝණීභවනයෙන් සැදුනත්, ඒවායේ සංයුතිය එකිනෙකට වෙනස් වේ, පාතාල පාෂාණ { ග්‍රැනිට් (ප්‍රධාන වශයෙන්) + ඩයොරයිට්+ ගැබ්‍රෝ + ග්‍රැනොඩයොරයිට් + පෙරිඩොටිට්}සංයුතියෙන් සුසැදිය. යමහල් පාෂාණ {කොමාටිඅයිට්ස් + බැසෝල්ට් + ඇන්ඩසයිට් + ඩෙයිසයිට් + රයියොලයිට්} සංයුතියෙන් සුසැදිය. එනිසා මැක්කින්ලි කන්ද පොළව යට වූ මැග්මා සහ ලාවා ඝණ වී සෑදුන සුවිසල් පාතාල පාෂාණයකි, මීට වසර මිලියන 65කට පෙර එය කිලෝමීටර 966ක් දිග ඇලෙස්කානු කඳු පංතියේ කොටසක් ලෙස පැසිෆික් භූ තලයත්, උතුරු ඇමෙරිකානු භූ තලයත් ඝට්ටනය වීමෙන් වර්තමානයේ දැකිය හැකි පරිදි පොළෝ මතු පිටට එසැවී ඇත.

මැක්කින්ලි කන්ද එවරස්ට් කන්දටත් වඩා විශිෂ්ඨ ලම්භාකාර (සිරස්) භූ නිර්මාණයක් වේ.  මෙම කන්ද ලෝකයේ කඳු නගින්නන්ගේ ප්‍රියතම ස්ථානයයි. තාක්‍ෂණික අතින් කන්ද තරණය කිරීම එතරම් අපහසු නොවූවත්, ඉහල අක්‍ෂාංශගත පිහිටීම නිසා පෘතුවියේ කිසිම කඳු වැටියක නොවන පරිදි අතිශය කටුක කාලගුණයක් දක්නට ඇත. උෂ්ණත්වය එක් වරම සෙල්සියස් අංශක සෘණ 71 කට පහල බැසිය හැක. 1913 දී හඩ්සන් ස්ටක් නැමැත්තා මැක්කින්ලි කඳු මුදුන ප්‍රථමයෙන් තරණය කල තැනැත්තා ලෙස වාර්තා වේ. මැක්කින්ලි කන්ද ඩිනාලි ජාතික වනෝද්‍යානයට අයත්වේ. 


4 comments:

  1. එවරස්ටි කන්දට වඩා ලබිබාකාර බව කීවත් මෙහි ශිඛර කිහිපයක් පවතින බව පේනවා.එයින කවර ශිඛරයද වඩා උස හා ලම්බක.

    ReplyDelete
  2. සමාවෙන්න ලම්බාකාර ලෙස ඉහත වැරදුන වචනය නිවරදි විය යුතුය.එය මොඩරේටි කරන්න.

    ReplyDelete
  3. ස්තූතියි අදහස්වලට, මැක්කින්ලි කන්ද ඇලස්කානු කඳු පංතියේ කොටස.ක් මේ ඇලෙස්කානු කඳු පංතියේ උසම ශිඛරය මීටර 6194ක් උස මැක්කින්ලි කන්ද ලෙස හඳුන්වනවා.

    ReplyDelete
  4. hellow,

    I had a book about geography and the language style of that book is very similar to you. Do you have that book ? I can't remember it's name and it is a sinhala book. If you have please let me know the name of it, so then I can buy a new one. I had great details about geography socialization and so many other things. Your writing style also very attractive informative one. Thanks for sharing these details with us.

    Shan

    ReplyDelete