ලිපි එකතුව


Friday, November 5, 2010

26. බීරිං සමුද්‍ර සංධිය



26. බීරිං සමුද්‍ර සංධිය/ Bering Strait (ඇලස්කාව, රුසියාව)
Sourcehttp://images.nationalgeographic.com/wpf/media-live/photos/000/187/cache/bering-sea-sunset_18728_990x742.jpg (National Geographic Image)

ඇලස්කාවේ “ප්‍රින්ස් ඔෆ් වේල්ස්” තුඩුවත්, රුසියාවේ “Dezhnev” තුඩුවත් මධ්‍යයයේ ආසියානු භූ තලයත්, උතුරු අමෙරිකානු භූ තලයත් වෙන් කරමින් බීරිං සමුද්‍ර සංධිය පිහිටා ඇත. ඉතා ඈත අතීතයෙහි සමුද්‍ර සංධියේ ජල මට්ටම එතරම් ගැඹුරු නොවූ අවධියක, මානවයින් ආසියාවේ සිට උතුරු ඇමෙරිකාවට බීරිං සමුද්‍ර සංධිය හරහා සං ක්‍රමණය වූ බව පැවසේ.
වර්තමානයේදී සමුද්‍ර සන්ංධිය කිලෝමීටර 85ක් පළල වන අතර අඩි 98- 160 දක්වා ගැඹුරු වේ. එය උතුරින් ආක්ටික් සාගරයේ කොටසක් වන “චුක්චි” මුහුදද, දකුණින් පැසිෆික් සාගරයේ කොටසක් වන බීරිං මුහුදද යා කරයි. ජාත්‍යන්තර දින රේඛාව බීරිං සමුද්‍ර සංධිය හරහා වැටී ඇති අතර දින රේඛාවෙන් වම් පස, දකුණු පසට වඩා එක් දිනක් (හෝ ඊට අඩු ප්‍රමාණයකින්) ඉදිරියෙන් සිටියි. උ.දා. අද දින මේ මොහොත ශ්‍රී ලංකාවට 2010.11.5 ක්වූ සිකුරාදා දිනයක පෙරවරු 11.43 නම්, එය බීරිං සමුද්‍ර සංධියෙන් වම් පස කෙලවරට සෙනසුරාදා දිනයකි එනම් 2010.11.6  වෙනිදා පෙරවරු 11.43 වේ. බීරිං සමුද්‍ර සංධියෙන් දකුණු පස කෙලවර ඇලැස්කාව තවමත් පසු කරන්නේ බ්‍රහස්පතින්දා (2010.11.4) පස්වරු 11.15පමණ වේ.

බීරිං සමුද්‍ර සංධියේ ජීවත්වන මුහුදු ජීවින් ගැන කථා නොකිරීම බලවත් අඩුපාඩුවකි. බීරිං සමුද්‍ර සංධිය ස්වභාවික අතින් වඩාත් වැදගත් වන්නේත් ආකර්ෂණීය වන්නේත් මෙම මුහුදු ජීවින් නිසායි. මුහුදු සිංහයන්, සුදු තල්මසුන්, දළ තල්මසුන් (හෙල්ලයක් වන් අඩි 8ක් පමණ දිගු උල් දළයක් මොවුන්ගේ මුවට උඩින් පිහිටා ඇත, මධ්‍ය ප්‍රමාණයේ තල්මසුන් විශේෂයකි, ජීවත් වන්නේ ආක්ටික් සාගරය ආශ්‍රිතවයි) සහ සීල් මසුන් විශාල ප්‍රමාණයක් සමුද්‍ර සංධිය ආශ්‍රිතව දැක ගත හැක. බීරිං මුහුදේ ඇති “චිරිකොව්” ද්‍රෝණිය අළු තල්මසුන් විසින් අරක්ගෙන ඇත. මුන් මීටර දහසයක් පමණ දිග වන අතර ටොන් 36ක් පමණ බර වේ. මොවුන් ශීත සෘතුවේ දී අභිජනනය කරන, වඩාත් දකුණින් පිහිටි සාගර ප්‍රදේශවල සිට ගිම්හානය ගත කිරීම සඳහා බීරිං මුහුදේ චිරිකොව් ද්‍රෝණියට පැමිණේ. මොවුන් මෙසේ මාස 5ක් පමණ මෙහි ගත කරන අතර බීරිං මුහුදට සංක්‍රමණය වන්නේ ගිම්හානයෙදී ඒ අවට තල්මසුන්ට අවශ්‍යය ආහාර බහුල බැවිනි. මෙසේ වරකට තල්මසුන් 22,000ක් පමණ සංක්‍රමණය වේ. මෙම තල්මසුන් අනෙක් තල්මසුන් මෙන් නොව මුහුදු පත්ලටම ගොස් කූණිස්සන් වන් කුඩා මසුන් තොග පිටින් ගොදුරු කර ගනී. ගිම්හානයේදී ඔබට බීරිං සමුද්‍ර සංධියේ චාරිකාවක නිරත වී, මේ අද්විතීය දර්ශන සියල්ල දැක බලා ගත හැක.


  Wikipedia
UNESCO NATURAL WONDERS

3 comments:

  1. හොද ලිපියක්.

    ReplyDelete
  2. ෂා. තවත් ලස්සන ලිපියක්. උසස් පෙළ කරනකොට මේවා භූගෝල විද්‍යාවට තිබුනා.ඒත් මේ විධියට දකින්න ලැබුන් නෑනේ ඒ කාලේ. ඒ කාලේ අපේ ඉස්කෝලේ ලැබ් එකට ඩයල්අප් කනෙක්ෂන් එකක් තිබුනා ඒකෙන් මොන නෙටිද. දැන් නම් ඒවා හොදට බලාගන්න,ඒ පිළිබද හොද තොරතුරු දැනගන්න පුලුවන්.දැන් හැම තැනම ඒ ඩි එස් එල් තියෙනවනේ.
    කෙසේ වෙතත් ඔබගේ මෙම ලිපි පෙළ නැවත ඒ අතීතය මතක් කර දෙනවා.ඒ අතරම මාගේ ප්‍රියතම විෂය නැවත මතක් කර දෙනවා.මම පොඩි කාලයේ ජාතික රූපවාහිනියේ ගියා ලස්සන වැඩ සටහනක්.මට මතක විධියට ඒකේ නම නොනිමි ලොව. එහිදී ඇලස්කාව පිළිබද ලොකු විස්ථරයක් ගියා. එදා තම මම ඒ ඇලස්කාව කියන ප්‍රදේශය ගැන දැනගත්තේ.හරිම ලස්සන ප්‍රදේශයක් නේද?

    ReplyDelete
  3. VERY USEFUL INFORMATION FOR EVERYBODY THANKS VERY MUCH

    ReplyDelete