ලිපි එකතුව


Sunday, November 14, 2010

34. ජාතික බයිසන් ගව රක්‍ෂිතය

ජාතික බයිසන් ගව රක්‍ෂිතය/ National Bison Range
මොන්ටැනා, ඇමරිකා එක්සත් ජනපදය
Photograph/ ඡායාරූපය:  Unknown, ‘NBR’, in http://www.sewildlife.com, viewed on 14 November 2010, < http://www.sewildlife.com/Nature/Montana/Bison7807AS/689662841_Lgwwk-M-2.jpg>


View ජාතික බයිසන් ගව රක්‍ෂිතය in a larger map

බයිසන් ගවයින් ගැවසෙනා මොන්ටැනාහි, රොකී කඳු ආශ්‍රිත මෙම ප්‍රදේශය ඇමරිකා එක්සත් ජනපදය විසින් නම් කරනු ලැබූ බයිසන් ගවයින් සඳහාම වූ රක්‍ෂිතයකි. 1908දී පිහිට වූ එය ඇමරිකා එක්සත් ජනපදයේ පැරණිතම වන ජීවී රක්‍ෂිතයක් ලෙස සැලකේ. වර්ග කිලෝමීටර 75ක ප්‍රදේශයක් පුරා විසිර පවතී.  කලෙක මිලියන ගණනක් විසූ බයිසන් ගව ගහණය අධික දඩයම නිසා වර්තමානයේ මෙම රක්‍ෂිතය ආශ්‍රිතව දැකිය හැකි වන්නේ 350-500ත් අතර ප්‍රමාණයකි. රක්‍ෂිතය ස්වාභාව සෞන්දර්යයෙන් අනූන මනස්කාන්ත පරිසරයකින් සමන්විත වේ. හාත්පස මහානුභාවසම්පන්න කඳු වැටිවලින් වටිවී ඇත. අලංකාර මිටියාවත්ද, තණ බිම්ද, කඳුකර වනාන්තර, තෙත්බිම් සහ වන ලැහැබ්වලින්ද පොහොසාත්ය. 

අඩි දෙදහසක් උස "රෙඩ් ස්ලීප්" කඳු මුදුන රක්‍ෂිතයේ උසම ස්ථානය වන අතර එහි සිට හාත්පස සිසාරා විහිදී ගිය අනන්ත වූ කඳු මුදුන්වලින් හෙබි විශිෂ්ඨ දර්ශනයක් දැක බලා ගත හැක. ජූලි මැද සිට අගෝස්තු දක්වා බයිසන් ගවයින්ගේ අභිජනන සමයයි. මේ සමයේදී විශාල බයිසන් ගොනුන් මහ හඬින් ගොරවමින් සහකාරියන් සඳහා එකිනෙකා හා සටන් කරගන්නා අන්දම සුලභ දසුනකි. පැටවුන් ලැබෙන්නේ අප්‍රේල් මැද සිට මැයි දක්වායි. බයිසන් ගවයින් ඝණ ලෝම වැස්මක් සහිත ඉතාමත් ශක්තිමත් සතුන් විශේෂයකි. අධික ශීතලට ඔරොත්තු දීම සඳහා වන ලෝම උඩට හිම වැටුනු විට ලොම්වල ඝණකම නිසා ශරීර උෂ්ණත්වයට ඒවා දිය නොවේ. රක්ක්‍ෂිතය බයිසන් ගවයින් හැර ක්‍ෂීරපායින් වර්ග 50ක නිවහන වේ. ඔවුන්ගෙන් සමහරක් නම් කඳුකර සිංහයන්, ගෝනුන්, කළු වළසුන්සහ ඇමරිකානු වෘකයින්වේ. පක්‍ෂීන් වර්ගද දෙසීයකට ආසන්න ප්‍රමාණයක් දැකිය හැකි වන අතර උන්ගෙන් සමහරක් නම්: රාජාලින්, උකුස්සන්, මිටියාවත් ආශ්‍රිත තුලිකාවන්, නිල් කුරුල්ලන්, තාරවන් සහ පාත්තයන් වේ.




1 comment:

  1. මමත් බයිසන් කෙනෙක් :D... නෑ නෑ මම ඉගෙන ගන්න විශ්ව විද්‍යාලයේ ලකුණ බයිසන් ගවයා

    ReplyDelete