ලිපි එකතුව


Wednesday, December 8, 2010

37. සෞ දිය සුළිය

37. සෞ දිය සුළිය/ Old Sow Whirlpool
මේන්, ඇමරිකා එක්සත් ජනපදය


View සෞ දිය සුළිය in a larger map

සෞ දිය සුළිය උදම් රළ මඟින් ඇතිවන ලොව දෙවන විශාලම දිය සුළිය වන අතර පෘතුවි බටහිර අර්ධ ගෝලයේ විශාලතම දිය සුළිය වේ. එය පෙස්ටොමුකාටි බොක්කේ "බටහිර මග" යනුවෙන් හඳුන්වන පටු සමුද්‍ර සංධියක නිර්මාණය වේ. ඉංග්‍රීසි භාෂාවේ "සෞ" යනු සිංහලෙන්  "ඊරි" යන තේරුමයි. දිය සුළියට එවන් නාමයක් පට බැඳී ඇත්තේ දිය සුළියේ කැළතෙන ජලයෙන් ඌරන් පිට කරන ශබ්දයට සමාන ශබ්දයක් පිටවන හෙයිනි. විශ්කම්භය මීටර 76ක් වන දිය සුළිය, ජලයේ මහත් කැළඹීමක් ඇති කරයි. එම කැළඹීමෙන් අවට කුඩා දිය සුළි රාශියක්ද නිර්මාණය වේ. ඒවා "පිග්ලට්ස්" (ඌරු පැටවු) යන අනවර්ථ නාමයෙන් හන්දුන්වයි.  සුළිය පැයට කිලෝමීටර විසි පහක වේගයකින් භ්‍රමණය වේ.

දිය සුළිය නිර්මාණය වීමට ප්‍රධානම හේතුව වන්නේ අසල පිහිටි ෆන්ඩි බොක්කත්, පෙස්ටොමුකාටි බොක්කත් අතර පටු සමුද්‍ර සංධිය හරහා හුවමාරු වන අසාමාන්‍ය වඩදිය/ බාදිය ප්‍රමාණය මෙන්ම ඒ ආශ්‍රිත සමුද්‍ර පත්ලේ භූ ලක්‍ෂණද දිය සුළිය නිර්මාණයට මහත් රුකුලක් සපයයි. සෞ සුළිය, අසල ඇති මුව දූපතේ (ඩිය(ර්) අයිලන්ඩ්) නිරිත දිගට වන්නට පිහිටා ඇත.  මේන් ප්‍රාන්තයේ වෙරළත්, මුව දූපතේ පිහිටීමත් අනුව ෆන්ඩි බොක්කෙන් පෙස්ටොමුකාටි බොක්ක වෙත පැමිණෙන උදම් රළ අංශක 90කින් දක්‍ෂිණාවර්තව හැරවීමට බලයක් යෙදේ. එම හැරවීම හේතුකොටගෙන උදම් ජලය සාගර පත්ලට ගමන් කර මුහුදු පත්ලෙහි ඇති කන්දක් වටා භ්‍රමණය වීමට පටන් ගනී. ශාන්ත ක්‍රොක් ගංගාවෙන් උතුරු දෙසට ගලනා ප්‍රති ප්‍රවාහයක් මඟින් කන්ද වටා භ්‍රමණය වන උදම් ප්‍රවාහය දිය සුළියක් බවට පත්වේ.. සාමාන්‍යයෙන් දිය සුළියක් හට ගැන්මට නම් යම් ප්‍රවාහයකට විරුද්ධ අතට ගමන් ගන්නා ප්‍රති ප්‍රවාහයක් තිබිය යුතුය (ප්‍රති ප්‍රවාහ මූල ධර්මය).

දිය සුළිය නැරඹීමට සුදුසුම ස්ථානය වන්නේ මුව දූපතේ දකුණූ අන්තයයි.

1 comment:

  1. BALANNA HUGAK DEWAL THIYENA BLOG EKAK...ADAI DAKKE. STHUTHII DANUMA BEDA GATHTHATA...

    ReplyDelete