ලිපි එකතුව


Sunday, December 12, 2010

41. කොළොම්බියා නදී දුර්ග මාර්ගය

කොළොම්බියා නදී දුර්ග මාර්ගය/ The Columbia River George
ඔරිගොන්, ඇමරිකා එකසත් ජනපදය


View කොළොම්බියා නදී දුර්ග මාර්ගය in a larger map

කොළොම්බියා නදිය පැසිෆික් සයුර සොයමින් ගලනා මාවතේඅති විශිෂ්ඨ නිර්මාණයක් ලෙස වයඹ දිග පැසිෆික්හි පිහිටා ඇති මෙම දුර්ග මාර්ගය සැලකිය හැක. දුර්ග මාර්ගයක් ලෙස නම් කර ඇත්තේ මෙම ප්‍රදේශයේදී කොළොම්බියා නදිය ගලන්නේ අඩි හාරදහසක් ගැඹුරු කැණියමයක්/ දොරුවක් ඔස්සේ බැවිනි. ගංගාව මෙම දොරුව ඔස්සේ කිලෝ මීටර 130ක් දිගට වොෂිංටන් සහ ඔරිගොන් ප්‍රාන්ත වෙන් කරමින් ගලා යයි. ගංගාව ගලනා දුර්ග මාර්ගය දෙපස ඇති කොළොම්බියා නදියේ මනස්කාන්ත දර්ශන, දිය ඇළි (මල්ට්නොමා දිය ඇල්ල), බැසෝල්ට්වලින් සුසැදි මහා ප්‍රපාතයන් (ලාච් ප්‍රපාතය), හිමෙන් වැසී ගිය ධවල කඳු සහ නීල වර්ණයෙන් බැබළෙන වනාන්තර දැක ඉන් ඔබ වශීකෘත වනු නොඅනුමානය.

පසු ගිය වසර මිලියන දහය ඔස්සේ වර්තමානය දක්වා කොළොම්බියා නදිය මෙම දොරුව නිර්මාණය කරමින් ගලා යයි. ගංගාවේ ජල කඳ කිලෝ මීටර 130ක් පැතිර පවත්නා තදැති බැසෝල්ට පාෂාණය ඛාදනය කරන්නට තරම් සමත්කමක් දක්වා ඇත. වසර 15,000කට පෙර දුර්ගමාර්ගය මහද්වීපය වසා පැවති සුවිසල් අයිස් තලාවකින් දියවී එන ජලයෙන් සමන්විත මහා ජල ප්‍රවාහයකට මැදි වීමෙන් පුළුල් වී ඇත. එම ජල ප්‍රවාහයේ වේගය පැයට කිලෝමීටර 136ක් වූ බව ගණන් බලා ඇත. දුර්ග මාර්ගය ආශ්‍රිත පුරා විද්‍යා කැණීම්වලින් තහවුරු වී ඇත්තේ වසර 10000කට පෙර අවට ප්‍රදේශය ජනාවාස වී තිබූ බවයි.  

දුර්ග ප්‍රදේශය ආශ්‍රිතව කොළොම්බියා නදියේ විශාල සැමන් මසුන් ගහණයක් ජීවත් වේ.දුර්ග මාර්ගය ආශ්‍රිතව නොට් තිහක වේගයෙන් හමා යන සුළඟ දිය මත ලිස්සා යන්නන්ට කදිම තෝ තැන්නකි. නරඹන්නන් හට ගං දඟරය දිගේ දුර්ග මාර්ගය පසෙකින් දිවෙනා මහා මාර්ගය ඔස්සේ ගමන් කරමින් මඟ දෙපස ගලනා දිය ඇළිවල සුන්දරත්වය සිත් සේ විඳගත හැක.

1 comment:

  1. ගොඩක් දවසතින් මේ පැත්තේ ආවේ. ලස්සන විස්තරයක්.

    ReplyDelete