ලිපි එකතුව


Wednesday, March 23, 2011

53. යොසේමිටී ජාතික වනෝද්‍යානය

53. යොසේමිටී ජාතික වනෝද්‍යානය/ Yosemite National Park  (කැලිෆෝනියාව, ඇමරිකා එක්සත් ජනපදය)
  ඇමෙරිකා එක්සත් ජනපදයේ ස්වදේශිකයන් ඔවුන්ගේ භාෂාවෙන් අළු වළසුන් හඳුන්වන්නේ යෝසේමිටී යනුවෙනි. මෙම ප්‍රදේශය ආශ්‍රිතව එකල වසන ලද අධික අළු වළස් ගහණය නිසා මෙම වනෝද්‍යානය ස්වදේශිකයන් විසින් යොසේමිටී ලෙස නම් කරන ලදී. එහෙත් වනෝද්‍යානයේ වෙසෙන දැවැන්තම විලෝපිකයා (ගොදුරු අල්ලන සතා) වන්නේ කළු වළසායි. වනෝද්‍යානයේ ඇති දැවැන්ත ඉපැරණි වෘක්‍ෂ වනෝද්‍යානයට මහේශාක්‍ය පෙනුමක් ලබා දී ඇති අතර විශේෂයෙන්ම කඳු බෑවුම් සහ මිටියාවත් ආශ්‍රිතව ව්‍යාප්ත වී ඇති කළු සින්දූර (Black Oak), සුවඳැති දේව්දාර, Ponderosa පයිනස් ශාක නිසා අතිශයින් සොඳුරු පෙනුමක් ලැබී ඇත.

උද්‍යායානයේ සංචාරකයින්ගේ ප්‍රියතම ස්ථානයක් වන්නේ මර්සෙඩ් නදිය පසෙකින් ඇති යොසෙමීටී මිටියාවතයි. මෙහිදී ඔබට අඩි තුන් දහසක් වන ලොව උසම නොකැඩුණු දඹය (හෙල) දැක ගත හැක. උද්‍යායානයේ ඇති අඩි 2425ක් වන යොසෙමිටී දිය ඇල්ල හෙල් තුනක් මතින් ස්ථර තුනකට කඩා හැලේ. එය ලොව උසම දිය ඇලි අතර සයවන ස්ථානයේ පසු වේ. යොසෙමිටී උද්‍යායානයට අදාල ප්‍රදේශය මීට වසර මිලියන දහයකට පෙර පෘතුවි භූ චලන මඟින් නිර්මාණය වූ බව පැවසේ. වසර මිලියන ගණනක් පුරාවට කඳු මතින් ගලා ගිය ගංගා සහ ග්ලැසියර නිසා ගැඹුරු නිම්න සහ මිටියාවත් නිර්මාණය වී ඇත.
වර්ග කිලෝමීටර 308074ක් පුරා විහිදී ඇති උද්‍යානයට සියරා නෙවාඩා කඳු පංතියේ බටහිර බෑවුම ඔස්සේ ලඟා විය හැක. වසරකට මිලියන 3.7කට ආසන්න පිරිසක් උද්‍යානය නැරඹීම සඳහා පැමිණේ. 1984දී යොසෙමිටී වනෝද්යානය යුනෙස්කෝ ලෝක උරුමයක් ලෙස නම් කරන ලදී. උද්‍යානය ලොව ව්ඩාත් ප්‍රචලිතව ඇත්තේ ග්‍රැනයිට් පාෂාණයෙන් සැදුම් ලත් සුවිසල් හෙල්, දිය ඇළි, පිරිසිදු දිය පහරවල්, යෝධ කේතුධර ශාකයෙන් සැදුම්ලත් වනාන්තර සහ ජෛව විවිධත්වය නිසාවෙනි. වනෝද්යානය මුහුදු මට්ටමේ සිට අඩි 2127ත් අඩි 13114ත් අතර උසකින් පිහිටයි. මෙහි වෘක්ෂලතා කලාප පහක් දැක ගත හැක.
1. ඕක් ශාකයෙන් සැදුම්ලත් වන ලැහැබ්
2. පහත් කඳුකර වෘක්ෂ ලතා
3. උස් කඳුකර වෘක්ෂ ලතා
4. උප ඇල්පයින් වෘක්ෂ ලතා
5. ඇල්පයින් වෘක්ෂ ලතා (ඉතා උසින් පිහිටි කඳුකරය)

කැලිෆෝනියාවට අයත් ශාක විශේෂ 70,000 අතුරින් 30%ක් පමණ සියෙරා නෙවාඩා ප්‍රදේශයේ දැකිය හැකි අතර ඉනිඳු 20%ක්ම දැකිය හැකි වන්නේ යොසෙමිටී ජාතික වනෝද්‍යානයේය.
උද්‍යානයේ දහසකට ආසන්න විල් සහ පොකුණු ප්‍රමාණයක් දැකිය හැක. එහි ඇති දිය පහරවල දිගෙහි එකතුව කිලෝමීටර 2600ක් වන අතර සංචාරකයින් හට වෙන් කර ඇති අඩි පාරවල් සියල්ලේ දිග කිලෝමීටර 1300ක් පමණ වේ. උද්‍යානය තුල ඇති වාහන ගමන් කල හැකි මාර්ගවල එකතුව කිලෝමීටර 360කි.
ලඳු කැලෑ ආදියෙන් ගහණ පහල උන්නතාංශයක් ඇති ප්‍රදේශවල වැඩි ජෛව විවිධත්වයක් දැකිය හැක. සමස්තයක් ලෙස මුළු වනෝද්‍යානය තුලම පෘෂ්ඨවංශීන් වර්ග 250ක් දක්නට හැකි අතර මෙයට උභය ජීවීන්, උරගයින්, පක්ෂීන් සහ ක්ෂීරපායින් ඇතුලත් වේ. යොසෙමිටී වනෝද්‍යානයේ බටහිර බෑවුම නොයෙකුත් කේතුධර වෘක්ෂ වන Sugar pine, සුවඳැති දේවදාර, ධවල ෆර්, Douglas ෆර්, sequoia (යෝධ රෙඩ්වුඩ්) සහ කළු ඕක් යන ශාකයෙන් සමන්විත වේ. මේ ආශ්‍රිතව අධික ජෛව විවිධත්වයක් දැකිය හැකි අතර, ඇමරිකානු කළු වළසා, බොබ් කැට් (බ්ළල් විශේෂයක්), උතුරු ඇමරිකානු අඳුන් දිවියා, අළු නරියා, Mule නම් මුව විශේෂය, කඳුකර රජ නාගයා, ගිල්බර්ට් නම් හිකනල් විශේෂය, සුදු හිසැති කොට්ටෝරුවා, Brown Creeper (පක්ෂියෙක්), තිත් බකමූණා, සහ වවුල් විශේෂ බහුලව දැකිය හැක. 

උන්නතාංශයෙන් ඉහලට යත්ම දැකිය හැක්කේ රතු ෆර්, බටහිර සුදු පයිනස්, ජෙෆ්රි පයිනස්, ලොජ්පෝල් පයිනස්, ෆොක්ස්ටේල් පයිනස් යන කේතුධර ශාක වන අතර ඉහලට යත්ම ජෛව විවිධත්වය අඩු වේ. ඉහල කේතුධර වනාන්තරවල දැකිය හැක්කේ ගෝල්ඩන් mantled නම් බිම් ලේනුන් විශේෂය, ඩග්ලස් නම් ලේන් විශේෂය, ෆිෂර් නම් මුගටි විශේෂය, ස්ටෙලර්ස් ජේ (පක්ෂියෙක්), හර්මිට් ත්‍රෂ් (පක්ෂියෙක්), Goose Hawk (උකුස්සෙක්), සහ උස් කඳුකරයේ දැකිය හැකි උරගයින් නම් රබර් Boa (පිඹුරෙක් වන් උරගයෙක්), වෙස්ටර්න් ෆෙන්ස් ලිසර්ඩ් (කටුස්සෙක්), සහ උතුරු කිඹුල් කටුස්සා.
වඩාත් උස් කඳුකරයේ ශාක ඈතින් ඈතින් පිහිටයි. ලොජ්පෝල් පයිනස්, පොත්ත සුදු පයිනස් සහ කඳුකර හෙම්ලොක් උසින්ම පිහිටි කඳුවල දක්නට ඇත. මෙම ඉහලින්ම පිහිටි කලාපයේ කාලගුණය අතිශයින්ම කටුක වන අතර මෙම කටුක පරිසරයට අනුවර්ත වූ ජීවින්ද දැකිය හැක. Yellow Billed Marmot, White tailed jack Rabbit (හාවෙක්), ක්ලාක්’ස් නට් ක්‍රැකර් (පක්ෂියෙක්), Black Roxy Finch (පක්ෂි විශේෂයක්). තවද වෘක්ෂලාතාදියෙන් අඩු උස් කඳුකරයේ සියෙරා නෙවාඩා බිග්හෝන් නම් බැටළුවන් බහුලව දැකිය හැක.
යොසේමිටී වනෝද්‍යානයේ ඔබ නැරඹිය යුතු ස්ථාන

කැතීඩ්‍රල් විලකැතීඩ්‍රල් කඳු වැටියකැතීඩ්‍රල් කඳු මුදුනParson's කඳු මුදුන., Chilnualna ඇල්ලDana තණ බිම්එමරල්ඩ් තටාකයෆෙයාර්විව් ශිඛර ගෝලාර්ධයෆෝල්ස් ආරෆ්ලොරා විල, Glen Aulin, ටූවාලොමී හි මහා කැණියම,  සියරාහි ඓතිහාසික මහා පතල, ග්‍රිට්ස්ලි කඳු මුදුන, Hetch Hetchy නිම්නයHetch Hetchy ජලාශය, Kolana පර්වතය, Tueeulala ඇල්ල, Wapama ඇල්ල., හෝස් ටේල් ඇල්ල, Illilouette ඇල්ල, Kibbie විල, Eleanor විල, ලැම්බර්ට් ශිඛර ගෝලාර්ධය, ලිබර්ටි කුළු වැස්ම, Little Devil's Postpile, කුඩා යොසේමිටී නිම්නය, මරිපොසා අරඹයෝධ ග්‍රිට්ස්ලි, Wawona ගස., Matterhorn කඳු මුදුන, May  විල, McGurk තණ බිම, මර්සෙඩ් අරඹ, මධ්‍යම කැතීඩ්‍රල් පර්වතය, කැඩපත් පොකුණ, ක්ලාර්ක් කඳු මුදුන, Conness කඳු මුදුන, ඩානා කඳු මුදුන, ගිබ්ස් කඳු මුදුන, හොෆ්මන් කඳු මුදුන, Lyell කඳු මුදුනLyell ග්ලැසියරය., ස්ටාර් කිංග් කඳු මුදුන, නෙවාඩා ඇල්ල, Olmsted තුඩුව, Pothole ශිඛර ගෝලාර්ධය, Pywiack ඇල්ල, Taft තුඩුව, Tiltill නිම්නයVernon විල., Tioga විල, ටූවාලොමී අරඹටූවාලොමී තණ බිම, වයිල්ඩ් කැට් ඇල්ල, යොසේමිටී ආර, යොසේමිටී නිම්නය> Bridalveil ඇල්ල, Clouds Rest, El Capitan, සැතපුම් සතරේ පිය මඟ, ග්ලැසියර තුඩුව, අර්ධ ශිඛර ගෝලාර්ධය, සතුටු දූව, Lost Arrow Spire, මීදුමෙන් පිරි මාවත, රිබන් ඇල්ල, Royal Arch ඇල්ල, Royal Arches, ස්ටෙයාර්කේස් ඇල්ල, Tenaya කැණියම, Three Brothers, Vernal ඇල්ල, යොසේමිටී ඇල්ල


      Wikipedia
UNESCO NATURAL WONDERS

2 comments:

  1. මම හිතුවා ඔයා ලියන එක නවත්තලා කියලා.. ආයෙත් ආපු එක ගැන සතුටුයි.. දිගටම ලියන්න..

    ජය වේවා...!!

    ReplyDelete
  2. Thank You so much, I was busy last few months....

    ReplyDelete