ලිපි එකතුව


Saturday, April 30, 2011

62. යෝධ රෙඩ්වුඩ්

62. යෝධ රෙඩ්වුඩ්/ Giant Redwoods   (කැලිෆෝනියාව,  ඇමරිකා එක්සත් ජනපදය)
    පෘතුවිය මත පවතින සුවිසල්ම සජීවී වස්තුව ලෙස යෝධ රෙඩ්වුඩ් ගස පිළිගැනේ. අඩි 369.5ක් උසැති මෙතෙක් හමුවූ උසම රෙඩ්වුඩ් ගස ඇමෙරිකාවේ ලිබර්ටි ප්‍රතිමාවේ උසද අභිබවා යයි. වර්ෂ 2002දී කැලිෆෝනියාවේ Ukiah හිදී මනින ලද එම රෙඩ්වුඩ් ගස ලිබර්ටි ප්‍රතිමාවට වඩා අඩි 54කින් උස් වන අතර වසර 800-1000ත් අතර පැරණි යයි ගණන් බලා ඇත. එම ගස අඩි 350කට වඩා උසැති එවැනිම යෝධ රෙඩ්වුඩ් වෘක්‍ෂයන්ගෙන් වටවී තිබී ඇත.
රෙඩ්වුඩ් ගස් වර්ග 3ක් ලොව වටා දැකිය හැක. 1. වෙරළාශ්‍රිත රෙඩ්වුඩ්, 2. යෝධ රෙඩ්වුඩ් සහ 3. Dawn රෙඩ්වුඩ්. වෙරළාශ්‍රිත සහ යෝධ රෙඩ්වුඩ් දක්නට ලැබෙන්නේ කැලිෆෝනියාවේ පමණි. ඒවා ලොව විශාලම සහ උසම වෘක්‍ෂ ලෙස පිළිගැනේ. කලාතුරකින් අඩි 200කට වඩා උස යන Dawn රෙඩ්වුඩ් විශේෂය චීනයට ආවේණික වේ. වෙරළාශ්‍රිත රෙඩ්වුඩ් කැලිෆෝනියාවේ සිට ඔරිගොන් දක්වා දිවෙන "Fog belt" නමින් හැඳින්වෙන වෙරළ තීරයේ දක්නට ඇත. යෝධ රෙඩ්වුඩ් දක්නට ලැබෙන්නේ කැලිෆෝනියාවේ සියෙරා නෙවාඩා කඳු පංතිය ආශ්‍රිතව පමණි. 


කැලිෆෝනියාවටම ආවේණික වූ වෙරළාශ්‍රිත, ඝණ මීදුමෙන් සහ වර්ෂාවෙන් සමන්විත දේශගුණය මේ සුවිසල් ශාකය උසින් වර්ධනය වීමට මහත් පිටිවහලක් වී ඇත. මෙතෙක් සොයාගත් වටප්‍රමාණයෙන් විශාලම රෙඩ්වුඩ් ගස "Del Norte Titan" ලෙස හඳුන්වන අතර එහි පාදමේ විශ්කම්භය අඩි 23ක් වූ බව පැවසේ.  "Sequoia" ජාතික වනෝද්‍යානයේ ඇති "General Sherman" නම් යෝධ රෙඩ්වුඩ් ගස දැනට පවතින ස්කන්ධයෙන් වැඩිම රෙඩ්වුඩ් ශාකය ලෙස ගණන් බලා ඇති අතර එහි ස්කන්ධය ටොන් 2000ක් වන බව පැවසේ. එතෙක් මෙතෙක් වාර්තා වූ සුවිසල්ම රෙඩ්වුඩ් ශාකයේ ස්කන්ධය ටොන් 3300කි.



      Wikipedia
UNESCO NATURAL WONDERS

2 comments:

  1. වැඩේ තියෙන්නෙ ඕක ඉතිං ලංකාවෙ ඉඳලා බලන්න වෙන්නෙ ෆොටෝ වලින් විතරනේ............

    ReplyDelete
  2. ඔව් ඒක ඇත්ත. ඒත් ඉතිං මෙහෙම් දේවල් ලෝකෙ තියෙනවා කියලවත් දැනගන්න එක නොදැන ඉන්නවට වඩා නම් ගොඳයි.

    ReplyDelete