ලිපි එකතුව


Tuesday, May 3, 2011

67. දකුණු කැලිෆෝනියාවේ වෙරළ තීර

67. දකුණු කැලිෆෝනියාවේ වෙරළ තීර/ Beaches of southern California (ඇමරිකා එක්සත් ජනපදය/ මෙක්සිකෝව)
   වසන්තයේ සිට ගිම්හානය දක්වා , එනම් මාර්තු සිට අගෝස්තු දක්වා රිදී පැහැති කුඩා මත්ස්‍යයින් මිලියන සංඛ්‍යාවක්, වඩ දිය නැඟ ඒමත් සමඟ දකුණු කැලිෆෝනියා වෙරළ තීරයේදී දැක ගත හැක. එම මසුන් සෙන්ටි මීටර 15ක් පමණ දිගවන අතර උන් "ග්‍රනියන්" මසුන් ලෙස හැඳින්වේ. බිත්තර දැමීම සඳහා සම්පූර්ණයෙන්ම ජලය අතහැර ගොඩබිමට එන එකම මත්ස්‍ය විශේෂය ග්‍රනියන් මසුන් වේ.


ඔවුන් පුර හඳෙන් පසු හෝ නව සඳින් පසු (අමාවකින් පසු නැවතත් සඳ පෙනීමට ගැනීම්) දින 2-6ත් ඇතුලත රාත්‍රී කාලයෙහි වඩදිය නැඟ ඒමත් සමඟම අභිජනනය සඳහා සූදානම් වෙයි. වඩදිය සමඟ නැග එන මුහුදු රළ උපයෝගී කරගෙන උන් වෙරළ තීරයට සංක්‍රමණය වෙයි. ගැහැණු මත්ස්‍යයා වැල්ලෙහි වලක් හාරා තම වල්ගය එහි හොවාගෙන හිස පමණක් වැල්ලෙන් මතුවන සේ තබාගෙන බලා සිටින්නේ මත්ස්‍යයෙක් පැමිණෙන තෙක්ය. එසේ සිටිනා ගැහැණු මත්ස්‍යයා අසලට පිරිමි සතුන් පැමිණේ. පිරිමි සත්ත්වයා ගැහැණු මත්ස්‍යයා වටා වකුටු වී සිටින අතර ගැහැණු සතා වල තුලට බිත්තර දමයි. ඒ සමඟම පිරිමි සත්ත්වයා එම බිත්තර සංසේචනය සඳහා බිත්තර මතට බීජාණු වපුරයි. කාර්ය අවසන් වූ විට පිරිමි සත්ත්වයා වඩදිය සමඟ ලඟා වන ඊලඟ මුහුදු රැල්ලත් සඟ වහා පිටවී යයි. එහෙත් ගැහැණු මත්ස්‍යයා එලෙසම සිටියි. ඒ ග්‍රනියන් මත්ස්‍යයින්ගේ බිත්තර සංසේචනය සඳහා එක් පිරිමි සත්ත්වයෙකුගේ බීජාණු මද බැවිනි. එසේ පිරිමි මසුන් කිහිපයක් විත් බීජාණු බිත්තර මත වැපිරූ පසු ගැහැණු මත්ස්‍යයා මුහුදු රැල්ලත් සමඟ සාගරයා හා එක්වේ. මේ ක්‍රියාවලියෙන් පසු වඩදිය බැස යන අතර ඊලඟ වඩදිය (පැය හයකින්) නැග්ම එන තුරු බිත්තර වල තුල උණුසුම් වන අතර නැවතත් වඩදිය ආ වහා හොඳින් සංසේචනය වූ බිත්තර වඩදිය රැල්ල සමඟ සාගරයට ගසාගෙන යයි.


Wikipedia
UNESCO NATURAL WONDERS

1 comment:

  1. dan blog eka liyanne nadda .
    mama me blog eka okkoma post kiyewuwa..
    thaweth idiriya blog eka liyenewanm godak hodai,
    mata me blog eken lokeya pilibada vatina thorathuru rasak ma daneganneta labuna . me thorathuru liuwa ta oyata godak pine..
    nawetheth blog eka liyanooooooooooooooooo..........................................................

    ReplyDelete