ලිපි එකතුව


Friday, July 1, 2011

70. ස්මාරක නිම්නය

70. ස්මාරක නිම්නය/ Monument Valley (ඇරිසෝනා/ යූටා,  ඇමරිකා එක්සත් ජනපදය)
   කොළරාඩෝ සානුවට අයත් ස්මාරක නිම්නය නැතහොත් පර්වත නිමනය අවසාදිත පාෂාණ විශේෂයක් වන වැලි ගල්වලින් සැදුම් ලත් බියුට සහ සානු රාශියක එකතුවකි. බියුට යනු අංශක 90ක් පමණ බෑවුමැති, මූදුනත චතුරශ්‍රාකාර හුදකලා පර්වත පිහිටීමකි. උතුරු ඇරිසෝනා ප්‍රාන්තයටත්, දකුණු යූටා ප්‍රාන්තයටත් අයත් මෙම නිම්න භූමියෙහි සමහර බියුට අඩි දහස ඉක්මවා අහස උසට නැඟී සිටියි. නිම්නය සහිත භූමිය "Navajo" ගෝත්‍රික වනෝද්‍යානය යටතේ පාලනය වෙයි.


මීට වසර මිලියන 50කට පමණ පෙර මෙම භූමිය මුළුමනින්ම සානුවක් ලෙස පැවති බව සැලකෙන අතර එය තදැති වැලිගල්වලින් සමන්විතව තිබිණි. සානුවේ තැනින් තැන කුඩා යමහල් විසිර පැවති අතර කාලායගේ ඇවෑමෙන් සුළඟ සහ ජලයෙන් සිදුවූ ඛාදනය හේතුකොටගෙන සානුවේ මතු පිට ඛාදනය වී ඇත. මෙහිදී සානුවේ මෘදු  මතුපිට ඛාදනය වී යමහල්හි තදැති ආග්නේය පාෂාණ මධ්‍යය නිරාවරණය වී ඇත. මෙසේ නිරාවරණය වූ ආග්නේය පාෂාණ, වර්තමානයේ චතුරශ්‍රාකාර ගල් ටැඹ රාශියක් ලෙස දිස් වේ.


නිම්න භූමියේ වඩාත් කැපී පෙනෙන රත් පැහැයට හේතු වී ඇත්තේ "siltstone" නම් අවසාදිත පාෂාණයේ ඇති අයන් ඔක්සයිඩ් කාලයක් තිස්සේ කාලගුණ විපර්යාසයන්ට නිරාවරණය වූ බැවින් යැයි සැලකේ. සමහර පාෂාණ නිල් මිශ්‍රිත අළු පැහැයට හේතු වී ඇත්තේ මැංගනීස් ඔක්සයිඩ් මඟින් බව සොයාගෙන ඇත. නීම්න භූමියට පිවිසෙන ප්‍රධානම මාර්ගය උතුරු දෙසින් වැටී ඇත. එම සෘජු හුදකලා මාවත ඔස්සේ ගමන් කරන ඔබට ඈත ක්‍ෂිතිජයෙන් අහසට පැන නඟිනා රත් පැහැති ශෛලමය ටැඹ රාශියක් දැක ගත හැක.

      Wikipedia

View Larger Map
UNESCO NATURAL WONDERS

2 comments:

  1. මම හිතුවේ සයිට් එක කරන එක නවත්තලා කියලා..

    ආයෙත් ආපු එක ගැන සතුටුයි..

    ජය වේවා...!!

    ReplyDelete
  2. your blog is very interesting, the photographs suggest they are exceptional, I have only one regret I can not translate what you write !!!!!!!!!!!

    ReplyDelete