ලිපි එකතුව


Thursday, August 25, 2011

72. මහා ලවණ විල

72. මහා ලවණ විල/ Great Salt Lake (යූටා,  ඇමරිකා එක්සත් ජනපදය)
වර්ග කිලෝමීටර 4184ක් පුරා පැතිර පවතින මහා ලවණ විල මිසිසිපි ගංගාවට බටහිර දෙසින් පිහිටා ඇති විශාලතම විල වේ. එමෙන්ම පෘතුවි බටහිර අර්ධ ගෝලයෙහි විශාලතම ලවණ විල ලෙසද සැලකේ. ප්‍රාග් ඓතිහාසික හිම යුගයේ පැවති බොනවිල් නම්  මහා විලෙන් අවශිෂ්ට වූ මහා ලවණ විල අධික ක්‍ෂාරීයතාවෙන් යුතු විලකි. බොනවිල් නම් විල වාෂ්පීකරණයට ලක්ව එහි ඉතිරි වූ ජලයෙහි ලවණ සාන්ද්‍රණය අධික විය. වර්තමානයෙහි විල යූටාහි මහා ද්‍රෝණියෙහි පහත්ම ස්ථානයේ පවතින නිසා එහි ජලය පිටතට ගලා යෑම සඳහා මාර්ගයක් පිහිටා නැත. ඒ අනුව මෙවන් විල් "Terminal Lakes" (ජලය පිටවීමට මාර්ගයක් නොමැති විල්) ලෙස සැලකේ, මහා ලවණ විල පෘතුවියේ ඇති එවන් විල් අතර විශාලත්වයෙන් සිව්වන ස්ථානයේ පවතී. මෙවන් විල්හි  ජලය වාෂ්පීකරණයට ලක්වීමෙන් හෝ පොළොව අභ්‍යන්තරයට ජලය ගලා යෑමෙන් වර්ෂාව මඟින් හෝවෙනත් ක්‍රමයකින් විලට ලැබෙන ජලය සමබර කර ගනියි.  සාගර ජලයෙහි ලවණ සාන්ද්‍රණය පරයා යන මහා ලවණ විලෙහි උතුරු දිග තීරයේ ජල තලය මත පුද්ගලයෙකුට නොගිලී පා වීමට හැකියාව ඇත. අධික ඝණත්වයෙන් යුතු විල් ජලයෙහි ලුණු ටොන් බිලියන 5ක් දිය වී ඇතැයි පැවසේ. 


විල අවට පරිසර පද්ධතිය පක්‍ෂීන්ගෙන් බහුල වේ. ඒ අතර තාරා ගණයේ වනපක්‍ෂීහු මුල් තැන ගන්නා අතර තාරා වර්ග, පාත්තයින් වර්ග , මුහුදු ලිහිණින් සහ පෙලිකන් පක්‍ෂීන් බහුල වේ. ඔවුහු විල අවට තෙත් සහ ගොහොරු බිම් සිය වාසස්ථාන කරගෙන ජීවත් වේ. විල අවට වෙසෙන එක් එක් වර්ගවලට අයත් පක්‍ෂීන් සියල්ල මිලියනකටත් වැඩි බව ගණන් බලා ඇත. මොවුන්ගේ ප්‍රධානම ආහාරය වන්නේ විලෙහි පිරී සිටිනා කරදිය කූණිස්සන්ය. 


විලෙහි බටහිර අන්තය මහා ලවණ තලාවකින් සමන්විත වේ. එහි විල් පත්ල මිදුණු ලුණු මඟින් වැසී ඇති අතර මෙම තලාව පෘතුවියේ වඩාත්ම පැතලි (සමතල) ස්ථාන කිහිපයෙන් එකක් ලෙස සැලකේ. එහි පැතලි බවින් ප්‍රයෝජන ගත් "Gary Gabolich's" නම් පුද්ගලයා තම නිර්මාණයක් වූ රොකට් ජවයෙන් සමන්විත ගොඩබිම ගමන් කල හැකි "බ්ලූ ෆ්ලේම්" නම් වාහනය පැයට කිලෝමීටර 1001 ක වේගයකින් මෙහි පදවා වැඩිම වේගයකින් වාහනයක් ගොඩබිම ගමන් කල වාර්තාව පිහිටවූ අතර, එම වාර්තාව පසු කලෙක "ජෙට් කාර්" නම් ශබ්දයේ වේගය ඉක්මවා ගොඩබිම ගමන් කල හැකි වාහනය මඟින් බිඳ වැටින. 



      Wikipedia
UNESCO NATURAL WONDERS

No comments:

Post a Comment