ලිපි එකතුව


Saturday, August 27, 2011

74. ඩෙඩ් හෝස් පොයින්ට් ප්‍රාන්ත උද්‍යානය

74. ඩෙඩ් හෝස් පොයින්ට් ප්‍රාන්ත උද්‍යානය/ Dead Horse Point State Park (යූටා,  ඇමරිකා එක්සත් ජනපදය)
යූටා ප්‍රාන්තයේ සියළුම උද්‍යාන අතුරින් විශිෂ්ඨම සර්ව දිශා දර්ශනයක් (Panorama) නැරඹීමට ඉඩ කඩ ලැබෙන උද්‍යානයක් ලෙස "Dead Horse Point" (අසුන් මළ තැන) ප්‍රාන්ත උද්‍යානය හැඳින්විය හැක. මෙම උද්‍යානයේ ඇති ඩෙඩ් හෝස් පොයින්ට් නම් ස්ථානය, අවට සානුවට වඩා අඩි දෙදහසක් ඉහලින් පිහිටා ඇත. එබැවින් ඔබට මෙහි සිට අඩි දෙදහසක් පහලින් කැන්යන්ලෑන්ඩ් උද්‍යානයේ කොළරාඩෝ සානුව මතින් දඟර ගැසී ගලා බසිනා මහේශාක්‍ය කොළරාඩෝ ගංගාවද අවට ප්‍රදේශයේ වසර මිලියන 150ක් තිස්සේ විපර්යාසයන්ට ලක්වී නිර්මාණය වූ භූ ලක්‍ෂණද ඇතුළු විශිෂ්ඨ සර්ව දිශා දර්ශනයක් දැක බලා ගත හැක.මෙම භූ ලක්‍ෂණ අතර ඛාදනයට ලක් වූ වෛවර්ණ පර්වත,කොළරාඩෝ සහ ග්‍රීන් ගංගා මඟින් නිර්මාණය වූ කැණීයම පද්ධතිය ප්‍රධාන වේ. (වැඩි විස්තර සඳහා කැන්යන්ලෑන්ඩ් උද්‍යානය ගැන ලියැවුණු පෙර ලිපිය බලන්න).


මෙම උද්‍යානයට ඩෙඩ් හෝස් පොයින්ට් යන නම ලැබී ඇත්තේ කලකට ඉහත මෙම "ඩෙඩ් හෝස් පොයින්ට්" යන ස්ථානයේදී මිය ගිය අශ්ව රංචුවක් නිසා යැයි පැවසේ. මෙම ස්ථානය අශ්වයින් ගාල් කර තැබීමට ස්වාභාවිකව නිර්මාණය වූ කදිම පිහිටීමක් වන අතර කලකට පෙර මෙහි වල් අසුන් අල්ලා හීලෑ කර විකිණීමේ ක්‍රියාවලියක් තිබී ඇත. එහිදී එඬේරුන් (Cow Boys), වල් අසුන් අල්ලා මෙම ස්ථානයට කොටු කර ඇති අතර එසේ අල්ලා ගන්නා අශ්වයින්ගෙන් කිහිපයක් පමණක් තෝරා ගනී. අශ්වයින් තෝරා ගැනීමේදී ජව සම්පන්න, සෞඛ්‍ය සම්පන්න සහ බුද්ධිමත් සතුන් පමණක් තෝරා ගන්නා අතර අනෙක් සතුන්ව එම ස්ථානයේම අත හැර දමා යයි. වරෙක එසේ අත හරින ලද තත්ත්වයෙන් බාල අශ්ව රංචුවක්, කාන්තාරීය දේශගුණයක් පවතින උද්‍යානය ආශ්‍රිත ප්‍රදේශයේ බීමට දිය පොදක්වත් නොමැතිව තමන් සිටිනා තැනට අඩි දෙදහසක් පහලින් මහ ජල කඳක් සහිතව ගලා යන කොළරාඩෝ ගංගාව දෙස බලමින්ම මිය ගියේලු. එතැන් පටන් එම ස්ථානය අසුන් මල ස්ථානය (ඩෙඩ් හෝස් පොයින්ට්)  ලෙස නම් කර ඇත.
      Wikipedia
UNESCO NATURAL WONDERS

No comments:

Post a Comment