58. බ්‍රයිඩ්ල්වේල් දිය ඇල්ල/ Bridalveil Fall (කැලිෆෝනියාව, ඇමරිකා එක්සත් ජනපදය) | |
ඇමරිකා එක්සත් ජනපදයේ මහේශාක්‍ය වූ යොසේමිටී වනෝද්‍යානයේ දිය ඇළි ගණනාවක් අතුරින් වඩාත් කැපී පෙනෙනා දිය ඇළි කිහිපයක් තිබේද ඉන් එකක් ලෙස බ්‍රයිඩ්ල්වේල් දියඇල්ල නම් කල හැක. වසරකට මිලියන ගණනක සංචාරකයින් නැරඹීමට පැමිණෙන බ්‍රයිඩ්ල්වේල් දියඇල්ල මුලින්ම සොයාගත් යුරෝපීයයන් වනුයේ "මරිපොසා" නම් බල ඇණියයි. 1851දී යුරෝපීයයන් විසින් මෙවන් බළඇණියක් යොදවා ඇත්තේ සියෙරා නෙවාඩාහි (යොසේමිටී උද්‍යානය අයත් ප්‍රදේශය) රත්‍රං කැණීමෙහි නිරත වූ යුරෝපීයයන්ට ඇමෙරිකානු ස්වදේශික ගෝත්‍ර මඟින් එල්ලවූ පහරදීම් වලකාලීමටයි. ඇමෙරිකානු ස්වදේශික ගෝත්‍රයක් වන "Ahwahneechee" යන ගෝත්‍රය විශ්වාස කලේ බ්‍රයිඩ්ල්වේල් දිය ඇල්ල "Pohono" නම් පලිගැනීමට මාන බලමින් සිටින අමනුෂ්‍යයෙක්ගේ නිවහන බවයි. එම අමනුෂ්‍යයා බ්‍රයිඩ්ල්වේල් දියඇල්ල පිහිටි යොසේමිටී උද්‍යානයේ දොරටුව මුර කරන්නේ යැයි මෙම ගෝත්‍රය තදින් විශ්වාස කල අතර මිටියාවතේ දොරටුවෙන් වරින් වර ඇතුළුවන සහ පිටවන ගෝත්‍ර ජනයා මේ චමත්කාර දිය ඇල්ල පසුකර ගොස් ඇත්තේ ඒ දෙසවත් නොබලමින්ළු. ඒ දියඇල්ල නිවහන කරගත් අමනුෂ්‍යයාගේ ශාපයට ලක්වෙතැයි යන බිය නිසා බව පැවසෙන අතර දියඇල්ලේ සුළඟින් විහිදී යන ජලය සහිත වාතය ආශ්වාස කිරීමෙන් විවාහ වීමට නොහැකි වූවන්ට ප්‍රතිඵල ලැබෙතැයි ඔවුන්ගේ විශ්වාසය විය. බ්‍රයිඩ්ල්වේල් දිය ඇල්ලේ උස මීටර 188ක් වන අතර වර්ෂය මුළුල්ලේම කඩා හැලේ. එසේ කඩා හැලෙන්නේද, කඳු මධ්‍යයේ පිහිටි තවත් නිම්නයකටයි. මෙවන් භූ විශමතාවක් ලම්භාකාර නිම්නයක් ලෙස හඳුන්වනු ලැබේ. දිය ඇල්ල කඩා හැලෙනා ප්‍රපාතය හරහා හමා යන සැඩ සුළං පහරින් ඇල්ලේ ජලය පසෙකට විහිදී යයි. ඇල්ලේ ජලය හිඟ කාලයන්හිදී ජලය පොළව මත පතිත වීමට ප්‍රථම සැඩ සුළඟට වාෂ්ප වී ගසා යයි. සුළඟින් ජලය වාෂ්ප වී පටලයක් ලෙස ගසාගෙන යන ආකාරය, මිත්‍යා මත ඉස් මුදුනින් පිළිගත් ස්වදේශිකයන් හට පෙනී ඇත්තේ අමනුෂ්‍යයෙක් ලෙස වන අතර ඉහත සඳහන් කල පරිදි එම අමනුෂ්‍යයා "Pohono" (සුළඟේ ගසා යන තුෂර පටලය යන අරුත) ලෙස නම් කර ඇත. හොඳින් හිරු පායා ඇති දිනෙක , සුළඟින් ගසා යන දිය ඇල්ලේ ජලවාෂ්ප මතට ඉර එළිය වැටී ද්විත්ව දේදුන්නක් නිර්මාණයවන අතිශය චමත්කාරජනක දර්ශනය ඔබට දැක බලාගත හැක. Wikipedia | |
Friday, April 29, 2011
58. බ්‍රයිඩ්ල්වේල් දිය ඇල්ල
Subscribe to:
Post Comments (Atom)
මම ඔයාගේ හැම පෝස්ට් එකක්ම කියවනවා.... ලස්සනයි වගේම ගොඩක් වටින සහ කියවන්න ආස හිතෙන විදිහට ලියනව... මම කැමතියි ඔයා ඇමරිකාව ගැන (දේශගුණය,පාරිසරික ලක්ෂණ, භූ විෂමතා, ප්‍රාන්ත, මිනිසුන්ගේ ජීවන තත්ව, ඒ ඒ ප්‍රදේශයන්හි පිහිටි ස්වාභාවික සම්පත්, පාලනමය තත්ව සහ තාක්ෂණය) ලිපි පෙලක් ආරම්භ කරනවනම්... ඡායාරූපත් සමගම.
ReplyDeleteමේකේ වර්ඩ් වෙරිෆිකේෂන් අයින් කරන්න පුළුවන්ද? කමෙන්ට් කරන අයට ඒක කරදරයක් මට හිතෙන විදිහට
ReplyDeleteබොහොම ස්තුතියි. අදහස නම් හොඳයි. ලියන්න නම් පුළුවන් හැබැයි වෙලාව තමා නැත්තේ :(. මේ ස්ථාන නම් කරලා තියෙන්නේ යුනෙස්කෝ එකෙන්, ඇමෙරිකාව විතරක් නෙමේ ලෝකය පුරා තියෙන ස්වාභාවික සම්පත් ගැන එයාලා කතා කරනවා, ඒත් වැඩිපුර තියෙන්නේ ඇමෙරිකාවේ ස්වාභාවික සම්පත් ගැන. අහන්න දෙයක් නෑනේ. යුනෙස්කො කියන්නේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ කොටසක්, එක්සත් ජාතීන්ගේ සංවිධානය කියන්නේ ඇමෙරිකාවේ අතකොළුවක්. ඒත් ඇමෙරිකාවේ මිනිස්සු/ දේශපාලකයෝ (ස්වදේශිකයන් හැර) පැත්තකට දාලා එහෙ තියෙන ස්වාභාවික සම්පත් ගැන කතා කරන්න සෑහෙන දේවල් තියෙනවා.
ReplyDeleteවර්ඩ් වෙරිෆිකේෂන් එක අයින් කරන්න පුළුවන්ද කියලා මම බලන්නම්.