ලිපි එකතුව


Wednesday, August 24, 2011

71. ආර්චස් ජාතික උද්‍යානය

71. ආර්චස් ජාතික උද්‍යානය/ Arches National Park (යූටා,  ඇමරිකා එක්සත් ජනපදය)
   ඇමරිකා එක්සත් ජනපදයේ යූටා ප්‍රාන්තයෙහි නැගෙනහිරින් ආර්චස් (ආරුක්කු) ජාතික උද්‍යානය පිහිටා ඇති අතර එහි ස්වාභාවිකව වැලිගල්වලින් සැදුම්ලත් ආරුක්කු 2000ක් පමණ දැකගත හැක. ඒ අතර ලොව පතල ඩෙලිකේට් ආරුක්කුවද ඊට අමතරව ආර්චස් උද්‍යානයටම ආවේණික වූ භූ සම්පත් සහ භූ ගෝලීය නිර්මාණද වේ. ඉහළ උන්නතාංශයක පිහිටි කාන්තාරීය දේශගුණයක පවතින උද්‍යානයෙහි ජලය සහ සුළඟින් සිදුවූ ඛාදනය හේතුකොටගෙන මෙම ස්වාභාවික වැලි ගල් ආරුක්කු සහ අසාමාන්‍ය ලෙස එකිනෙක මත සමබරව පවතින පාෂාණ, ගල් ටැඹ සහ ස්වාභාවික කොත් යන භූ ගෝලීය ලක්‍ෂණ නිර්මාණය වූ බව පැවසේ.


ස්වාභාවික ලෙස ආරුක්කුවක් නිර්මාණය වීමට නම් කිසියම් පාෂාණයක් විනිවිද ගිය කුහරයක් තිබිය යුතු අතර, එම කුහරය අවම වශයෙන් අඩි තුනක්වත් උස විය යුතු වේ. ලොව සුපතල ඩෙලිකේට් ආරුක්කුව උද්‍යානයේ සංකේතය වන සේම එය ඇමෙරිකාවේ පොත්, චිත්‍රපට, තැපැල් පත් සහ දින දර්ශනවල සුලභව දක්නට ලබේ. ඩෙලිකෙට් ආරුක්කුව මීටර 10ක් පලල වන අතර උස මීටර 15කි. ආර්චස් උද්‍යානයේ තවත් ආරුක්කුවක් වන නිවුන් ආරුක්කු යුගලයද අතිශයින් සුප්‍රසිද්ධ වන අතර ඒවායේ පළල මීටර 45කි.


සිහින් වැලිගල් ආරුක්කු රඳා සිටින්නේ මීටර 20ක් දිග මීටර 3ක් පලල සහ මීටර 0.7ක් ඝණකමැති පාෂාණ පාදමක් විසිනි. මෙහි වසර 10000කට පෙර එනම් අවසන් හිම යුගයේදී හා ඉන්පෙර ජනාවාසව තිබී ඇති බවට ශිලා ලේඛණ සහ පාෂාණ සංයුති විද්‍යාවට අනුව සාක්‍ෂි ලැබී ඇත.ආර්චස් උද්‍යානය වසර 10000කට පෙර පේලියෝලොතික් නම් දඩයක්කාර සහ ඵල වැල රැස් කරන්න්නන් උද්‍යානය ආශ්‍රිත ප්‍රදේශයට සංක්‍රමණය වී ඇත්තේ එම ප්‍රදේ ශයේ පාෂාණ කැබලි ගල් ආයුධ තනා ගැනීමට කදිම වූ බැවිනි. මෙම ප්‍රදේශයට මුලින්ම පැමිණි යුරෝපීයයන් වනුයේ 18වන ශත වර්ෂයේදී පැමිණි ස්පාඤ්ඤ ජාතිකයන් වන අතර 19වන ශත වර්ශය වන තෙක් ජනාවාස ස්ථාපනය කර නොතිබුණි. 


වර්තමානයේ සංචාරකයින් සඳහා වෙන් වූ මාර්ග රාශියක් ආර්චස් උද්‍යානය පුරා වැටී ඇති අතර අතිශයින් කටුක දේශගුණයක් පවතින ගිම්හානයේදී උෂ්ණත්වය සෙල්සියස් අංශක 40ක් පමණ වේ, එබැවින් ගිම්හානයෙදී එහි සංචාරය කිරීම එතරම් සුදුසු නැත.

      Wikipedia
UNESCO NATURAL WONDERS

2 comments:

  1. නැවතත් දකින්නට ලැබීම සතුටක්...

    ආසාවෙන් කියවනවා මම...

    ReplyDelete
  2. බොහොම ස්තුතියි. ඇත්තම කියනවා නම් මේ ඊ ලඟ අවුරුද්දේ ලෝක විනාශයක් වෙනවා කියලා හෝ ගාලා ඊ මේල් එනකොට මේව ලියන එක එපා වෙලා නවත්තලා දැම්මා. දැන් ඒ වගේ මේල්ස් කියවන්නේ නැහැ.

    ReplyDelete