ලිපි එකතුව


Wednesday, August 31, 2011

76. යූටාහි ස්වාභාවික පාලම්

76. යූටාහි ස්වාභාවික පාලම්/Natural Bridges  (යූටා,  ඇමරිකා එක්සත් ජනපදය)
ඔබ නොයෙකුත් ලෝක ප්‍රසිද්ධ පාලම් ගැන අසා ඇතුවාට සැක නැත, ලීයෙන්, වානේවලින් සහ ගල්වලින් සෑදූ පාලම්ද අනේක ප්‍රමණයක් දැක ඇතිවාට සැක නැත. එහෙත් ඔබ ස්වාභාව ධර්මයා විසින් නිර්මාණය කල ස්වාභාවික පාෂාණමය පාලම් ගැන කෙදිකවත් අසා හෝ දැක තිබේද? කාලාන්තරයක් පුරා විවිධ ස්වාභාවික විපර්යාසයන්ට භාජනය වෙමින් නිර්මාණය වූ මෙම පාලම් දක්නට ලැබෙන්නේ ඇමෙරිකාවේ යූටා ප්‍රාන්තයේයි. ලෝකයේ අතලොස්සක් වූ ස්වාභාවික පාලම් අතුරින් යූටාහි දක්නට ලැබෙන්නේ විශාලත්වය අතින් ලොව දෙවන ස්ථානයෙහි ඇති ස්වාභාවික පාලම් වේ. මෙහි ස්වාභාවිකව නිර්මාණය වූ පාලම් තුනක් දක්නට ලැබෙන අතර, ඒවා ඇමෙරිකානු ස්වදේශික ගෝත්‍රයක් වූ "හෝපි" නම් ගෝත්‍ර භාෂාවෙන් නම් කර ඇත. එම පාලම් පිලිවෙලින්: Kachina (අරුත: "මධ්‍ය පාලම") , Owachomo (අරුත: "පස් ගොඩැල්ල") සහ Sipapu (අරුත: "ලෝක අතර විවරය") නම් වේ. විශාලම පාලම Sipapu වන අතර වඩාත් ආකර්ෂණීයම සහ සිහින්ම පාලම Owachomo වේ.


මෙසේ යම්කිසි පර්වතයක්, ස්වාභාවික පාලමක් ලෙසට පරිවර්තනය වී ඇත්තේ වසර දහස් ගණනක් පුරා ගල් සහ වැලි රැගත් ජල පහරක් නිසා අදාල පර්වතය ඛාදනය වීමෙන් බව පැවසේ. 1992දී Kachina නම් පාලමෙන් ටොන් 4000ක් බරැති අවසාදිත පාෂාණ තොගයක් කඩා වැටුණු අතර මෙම පාලම්වල බිඳෙන සුළු බව ඉන් ගම්‍ය වේ. පාලම්වල පාදම ආසන්නයේ පෞරාණික බිතු සිතුවම් සොයා ගෙන ඇත. මෙම පාලම්වල ආයු කාලය ගෙවී යන අතර තුර පාලමද කෙමෙන් කෙමෙන් සිහින් වේ. එනම් කාලයත් සමඟ මේවායෙහි විවරය, ඛාදනයෙන් සහ ගුරුත්වයේ බලපෑම මඟින් විශාල වේ. මේ අනුව ස්වාභාවිකව නිර්මාණය වූ පාලම්වල බර ඒවාටම දරා ගැනීමට නොහැකි වූ කල කඩා වැටී ආයු කාලය අවසන් වේ. මේ පාලම් අවටද එසේ ආයු කාලය අවසන් වී කඩන් වැටුණු පාලම් දෙකක් දක්නට ලැබේ.


1908දී එවකට ඇමෙරිකානු ජනපති "තියඩෝර් රූස්වෙල්ට්" විසින් මෙම පාලම් ජාතික ස්මාරක ලෙස නම් කරන ලදී, එමඟින් පාලම අවට ප්‍රදේශය යූටා ප්‍රාන්තයේ ප්‍රථම ජාතික උද්‍යානය ලෙසට පත් වුණි. යූටාහි කාන්තාර පරිසරයේ ඉහල උන්නතාංශයක(අඩි 5500-6500) මේ ප්‍රදේශය පිහිටා ඇත. අවට වෘක්‍ෂලතාදිය අතරින් ප්‍රමුඛ ස්ථානයක් ගන්නේ  "Pinyon -Juniper නම් කුඩා සදා හරිත පඳුරු විශේයකින් සැදුම්ලත් වනාන්තරයි.  ඒ අතර උසැති තණකොල සහ බ්‍රිට්ල් බ්‍රෂ්, මෝමන් නම් තේ පඳුරු විශේෂය දැක ගත හැක. පාලම අවට වනජීවීන්ගෙන් අඩුවක් නැති අතර Pinyon Jays, Canyon wren, කළුකුම් යන පක්‍ෂීන්ද  බොබ් කැට් (බළල් විශේෂයක්), කොයෙවුට් (වෘක විශේෂයක්), වළසුන්, මූල්(මුව විශේෂයක්) සහ කඳුකර සිංහයන් යන ක්‍ෂීරපායින්ද වැඩි වශයෙන් දැක ගත හැක. මෙහි දක්නට ලැබෙන උරගයින් අතර පිග්මි රැට්ල් ස්නේක් යන උග්‍ර විශ සහිත සර්පයාද යූටා ප්‍රාන්තයටම ආවේණීක කටුසු විශේෂද දක්නට ඇත. 

පාලමඋසපරතරයපළලඝණත්වය
m (ft)m (ft)m (ft)m (ft)
Owachomo32 (106)55 (180)8 (27)3 (9)
Sipapu67 (220)82 (268)9.5 (31)16 (53)
Kachina64 (210)62 (204)13 (44)28 (93)
      Wikipedia
UNESCO NATURAL WONDERS

No comments:

Post a Comment