73. කැන්යන්ලෑන්ඩ් ජාතික උද්‍යානය/ Canyon Land National Park (යූටා, ඇමරිකා එක්සත් ජනපදය)
| |
වර්ග කිලෝමීටර 1366ක් පුරා පැතිරී ඇති කැන්යන්ලෑන්ඩ් ජාතික උද්‍යානය, අයත් වන්නේ කොළරාඩෝ සානුව නම් භූ විශමතා කලාපයටයි. සානුව, වසර මිලියන ගණනාවක් පුරා කඳු නිර්මාණය වෙමින්ද ඛාදනය වෙමින්ද පවතින උතුරු ඇමෙරිකානු පෘතුවි කබොල්ලේ කොටසක පිහිටා තිබේ. එකල කබොල්ල වසා පැතිර තිබූ සාගර ජලය පසු කලෙක සිඳී යාමෙන් සාගර ජලයෙන් යටව තිබූ ඝණ වැලි සහ හුණු ගල් තැන්පතුව මතු වීමට පටන් ගැනුනි. මෙම වැලි සහ හුණූ ගල් තැන්පතු නිර්මාණ්ය වී ඇත්තේ පෞරාණික රොකී කඳුවල සිට මඟ දෙපස ඛාදනය කරමින් ගලා ගිය ගංගා පද්ධතියක් විසිනි. එසේ ගංගා ජලය සමඟ මෙම ප්‍රදේශයට ගලා ආ අවසාදිත/ රොන් මඩ ප්‍රමාණය ටොන් ගණනක් වූ අතර ඒවා මෙහි පහත් බිම් මත තැන්පත් වුණි. එසේ එක් අවසාදිත/ රොන්මඩ තට්ටුවක් මත තවත් රොන් මඩ තට්ටුවක්ද ඒ මත තවත් තට්ටුවක් ආදී වශයෙන් තට්ටු ආකාරයෙන් අවසාදිත/ රොන් මඩ තැන්පත් වූ බව පැවසේ. එහිදී ඉහල රොන් මඩ තට්ටුවලින් පහල රොන් මඩ ත්ට්ටු මත ඇති කල පීඩනය නිසා පහල තට්ටු ඝණකමැති අවසාදිත පාෂාණ බවට පරිවර්තනය වී ඇත. එසේ වසර ගණනක් පුරා පර්වත නිර්මාණ ක්‍රියාවලිය සිදු වූ අතර වසර මිලියන 10කට පෙර මහද්වීපික තල චලනයෙන් උතුරු ඇමෙරිකානු භූ තලයේ, කොලරාඩෝ සානුවද අයත් බටහිර කොටස ඉහලට එසැවුන බව පැවසේ. එසේ ඉහලට එසැවුනු මහද්වීපික තල කොටසේ උසම ස්ථානය කොලරාඩෝ සානුව වූ බැවින් එය අධික වර්ශාවට සහ හිම පතනයට නිරාවරණය වූ අතර එමඟින් ග්‍රීන් සහ කොළරාඩෝ ගංගා පද්ධතිය නිර්මාණය වූ බව සැලකේ. එම ගංගා කොළරාඩෝ සානුව මතින් වසර දහස් ගණනක් පුරා ගලා යෑම හේතුකොට ගෙන සිදුවූ ඛාදනයෙන් වර්තමානයෙහි දක්නට ලැබෙන අඩි 2000ක් පමණ ගැඹුරු වූ කැණියම පද්ධතිය නිර්මාණය වී ඇත. මෙම කැණියම පද්ධතිය වර්තමානයෙහි කැණියන්ලෑන්ඩ් උද්‍යානයේ හදවතයි. Wikipedia | |
Friday, August 26, 2011
73. කැන්යන්ලෑන්ඩ් ජාතික උද්‍යානය
Subscribe to:
Post Comments (Atom)
Hai! amazing!
ReplyDeleteThank you...
ReplyDelete