ලිපි එකතුව


Sunday, August 28, 2011

75. සයන් කැණියම

75. සයන් කැණියම/ Zion Canyon (යූටා,  ඇමරිකා එක්සත් ජනපදය)
වසර මිලියන හතරක් පුරා වර්ජින් නදිය ගලා යෑමෙන් වූ ඛාදනයෙන් නිර්මාණය වූ මහානුභාව සම්පන්න සයන් කැණියම කෙතරම් ගැඹුරුද යත් එහි පතුල හිරු එළියේ පහස ලබන්නේ නම් ඒ කලාතුරකිනි. රත් පැහැති අවසාදිත පාෂණයෙන් සැදුම්ලත් කැණියම බිත්ති දෙපස පරතරය ඉතා පටුවන අතර ඒවා  කැණියම පතුලේ සිට ලම්භකව අහස උසට නැගී සිටියි. මෙසේ කැණියම ඔස්සේ ගලා යන්නේ වර්ජින් ගංගාවේ උතුරු අන්තය වන අතර භූ විද්‍යාඥයින්ගේ ගණනය කිරීම්වලට අනුව, වර්ජින් නදියට තවත් අඩි දහසක්, කැණියම පතුල (යටි පාෂාණය) ඛාදනය කිරීමේ හැකියාව ඇත. කැණීයම අවට, වැලිගල්වලින් සුසැදි චමත්කාරජනක ස්ථම්භද, ස්වාභාවික පාෂාණමය පිරමීඩ සහ ගස් වැල්වලින් සුසැදි සාරවත් උයන්ද දැක බලා ගත හැක. කැණියම ආශ්‍රිතව ඇති "මහා ධවල සිහසුන" නම් දඹය (ගල් කුල) කැණියම පතුලේ සිට අඩි 2460ක් උසට නැඟී සිටියි.


සයන් ජාතික වනෝද්‍යානයේ පිහිටි සයන් කැණියම උද්‍යානයේ ඇති විශාලම කැණියම වන අතර සංචාරකයින් සඳහා ඇවිද යාමට අතිශයින් සුන්දර අඩි මාර්ග පිහිටා ඇත. ඒවායින් සමහරක ඉතා පහසුවෙන් ඇවිද යා හැකි සේම සමහරක් තරණය කල හැක්කේ මනා පුහුණුව ඇති ගිරි දුර්ග තරණය කරන්නන්ටම පමණි. වර්ජින් නදියෙහි ජලය අඩු කාලයන්හිදී කැණියම ශීර්ෂයේ පටු මාර්ග ඔස්සේ ගමන් කල හැකි අතර කැණියම බිත්ති දෙපස පරතර ඉතා අඩු බැවින් ක්‍ෂණික ජල ගැලීමකදී ප්‍රවේසම් විය යුත්තේ එවන් අවස්ථාවක ජල මට්ටම අඩි 26ක් උසට නැඟීමේ අවදානම නිසාය. කැණියම ආශ්‍රිත "ඒන්ජල් ලෑන්ඩිං" නම් ස්ථානය තරණය කිරීමට  ඔබට හැකි නම් අවට ප්‍රපාතයන්ගේ සහ කැණියමේ ලොමු දැහැගන්වන දර්ශනයක් දැක බලා ගත හැකිවන අතර, මිය යෑමට පෙර එවන් දර්ශනයක් දැක බලා ගත් ඔබ වාසනාවන්ත බව හැඟෙනු ඇත.  
      Wikipedia
UNESCO NATURAL WONDERS

3 comments:

  1. Hi Ishani,

    Godak watina lipi ekathuwak.
    Digatama liyanta.

    God bless you !!!

    ReplyDelete
  2. Thank you so much for encouraging me, and for the reading my articles.

    ReplyDelete
  3. Background color ekkath ekka Font color match wenne nehe. kiwanta amaruie. Background color eka wenas karanta.

    ReplyDelete