ලිපි එකතුව


Wednesday, June 20, 2012


87. වර්ජිනියා හි ස්වාභාවික පාලම/ Natural Bridge (වර්ජිනියා ප්‍රාන්තය,  ඇමරිකා එක්සත් ජනපදය)
Sourcehttp://images.suite101.com/2213253_com_naturalbri.jpg
කඳුකර හුණුගල් පද්ධතියක් ඔස්සේ "ජේම්ස්" නදියෙහි අතු ගංගාවක් වන "සෙඩාර්" ඔය ගලා යෑම හේතුවෙන් බිහි වූවා යැයි සැලකෙන මෙම පාලම උසින් මීටර් 27ක් වන අතර පළලින් මීටර 66ක් වන ස්වාභාවික ආරුක්කුවකි. තිරස් හුණුගල් ස්ථරවලින් සමන්විත් ආරක්කුව බොහෝ දුරාතීතයේ හුණුගල් ස්ථර ඛාදනය කරමින් මෙහි ගලා ගිය සෙඩාර් ගංගාවෙන් නිර්මාණය වූ දෝනාවක හෝ ගුහාවක වහළය ලෙස පිළි ගැනේ.


සුදු ජාතිකයින් පැමිණීමට පෙර මෙහි වාසය කළ "මොනකාන්" නම් ස්වදේශික ගෝත්‍රය, මෙම ආරුක්කුව පූජනීය ස්මාරකයක් ලෙස සලකන්නේ ඔවුන් තවත් ස්වදේශී ගෝත්‍රයක් වන "පොවටැන්" ගෝත්‍රය සමඟ කල සටනකින් ජයගත්තේ මේ ආරුක්කුව අසල බැවිනි. තවද ඇමෙරිකාවේ ප්‍රථම ජනාධිපති වන "ජෝර්ජ් වොෂිංටන්" තරුණ කල මිනින්දෝරුවෙක් ලෙස මෙම ප්‍රදේශය ගවේෂණය කර ඇති බව අනුමාන කරන්නේ ආරුක්කුවේ බිම සිට මීටර 23ක් ඉහලින් "G.W" ලෙස කොටා ඇති බැවිනි. "G.W." යනු George Washington යන පද දෙකේ මුලකුරු දෙකයි.  පසු කලෙක මෙම ආරුක්කුව සහිත බිම් ප්‍රදේශයෙන් අක්කර 157ක්, ඇමෙරිකා එක්සත් ජනපදයෙහි තෙවන ජනාධිපති වූ "තෝමස් ජෙෆර්සන්" විසින්, බ්‍රිතාන්‍යයේ එවකට රජු වූ තුන්වන ජෝර්ජ් ගෙන් සිලිං විස්සකට 1774දී මිලදී ගන්නා ලදී. (ඇමෙරිකාව එවකට බ්‍රිතාන්‍යය යටත් විජිතයක්ව පැවතිනි). 


  Wikipedia
UNESCO NATURAL WONDERS

1 comment:

  1. අද ෙන ෙම් පැත්ෙත අාෙව මම

    ReplyDelete