92. පාෂාණීභූත වූ වනය/ Petrified Forest (ඇරිසෝනා ප්‍රාන්තය, ඇමරිකා එක්සත් ජනපදය) | |
වයඹදිග ඇරිසෝනාවේ ජාතික උද්‍යානයක් වන පාෂාණීභූත වනය, කලෙක හරිත වර්ණයෙන් හාත්පස බැබළවූ කේතුධර වනාන්තරයෙන් සමන්විත වුණි. වර්තමානයේ දක්නට ලැබෙන්නේ එකී වෘක්‍ෂයන්හි පාෂාණ බවට පත් වූ සුවිසල් දැව කඳන්ය. පෙනුමෙන් සහමුලින්ම දැව ලෙස පෙනුනද, ස්පර්ෂ කර හෝ තට්ටු කර බලා මිසක් එම වෘක්‍ෂ කඳන් දැවමය නොවන බව තහවුරු කර ගැනීම බොරුය. මෙලෙස දැවමය වෘක්‍ෂ කඳන් සහමුලින්ම පාෂාණ බවට පත් වූයේ කෙසේදැයි ඔබ සැමට ගැටළුවක් වනවා නිසැකය. එය හරියටම සත්ත්ව ශරීර, පොසිලයක් බවට පත් වීමේ ක්‍රියාවලියට සමාන වේ. (දැනටමත් පොසිල සම්බන්ධ විස්තර රාශියක් මෙහි පල කර ඇත). ශාක හෝ සත්ත්ව කොටස් පොසිල බවට පත්වීම යනු වසර දහස් ගණනක් තුල සිදුවන සංකීර්ණ ක්‍රියාවලියකි. මේ මීට වසර මිලියන 225කට පමණ පෙර ට්‍රියාසික් යුගයේ අග භාගයයි එනම් යෝධ ඩයිනසෝරයන් පෘතුවියෙහි ආදිපත්‍ය පැතිරවීමට පටන් ගත් කාල වකවානුවයි. එකල ඇරිසෝනාහි මෙම ප්‍රදේශය වසා පැවතියේ ජලාශයන් සහ දිය පහරවලට මැදි වූ ආදි කාලීන කේතුධර වනාන්තරයකින් වන අතර එය මත්ස්‍යයින් ආහාරයට ගන්නා යෝධ උභය ජීවීන්, විශාල උරගයන් සහ ඩයිනසෝරයන්ගේ නිවහන විය. කිසියම් වෘක්‍ෂයක් තම කාලය අවසන් වී හෝ වෙනත් හේතුවක් මත බිමට පතිත වුවහොත් ඒවා ජල ප්‍රවාහ ඔස්සේ ගසා ගෙන විත් එකල මෙහි පැවති ජලාශයක මඩ තට්ටු තුල තැන්පත් විය. එම මඩවල විශේෂත්වය නම් ඒවායෙහි ගිනි කඳු ප්‍රතික්‍රියාවෙන් පිට වූ අළු මිශ්‍ර වී තිබීමයි. මෙසේ තැන්පත් වූ කඳන් බොහෝමයක් කුණුව ගොස් ඇති අතර ඉතිරිවා මඩ තට්ටු තුල සංරක්‍ෂණය වී ඇත. මෙසේ මඩ තට්ටු තුල තැන්පත් වූ දැව කඳන්වල සෛල බිත්තිය මඟින් අළු මිශ්‍රිත මඩෙහි වූ සිලිකා උරා ගැනීම නිසා සෛල බිත්ති ඝණ වී ක්වාට්ස් (තිරිවාණ) නම් ඛනිජය බවට පරිවර්තනය වී ඇතත් දැවමය පෙනුම වෙනස් වී නැත. මෙම ක්‍රියාවලියේදී ශාක කඳේ(පෘෂ්ඨයෙහි) අතිශයින්ම සියුම් කොටස්වල ස්වරූපයද ඒ ආකාරයෙන්ම සංරක්‍ෂණය වී ඇති අතර කඳේ අභ්‍යන්තර සෛල සැකැස්මද ඉතාමත් විශිෂ්ඨ ආකාරයෙන් සංරක්‍ෂණය වී ඇත. මෙම පාෂාණීභූත ක්‍රියාවලිය සිදුවන අතරතුර, යකඩවලින් පොහොසත් ඛණිජ ද්‍රව්‍ය ක්වාට්ස් සමඟ මිශ්‍ර වී ශාක කඳන්වලට දීප්තිමත් දේදුනු වන් වර්ණ ලබා දී තිබේ. මෙසේ පාෂාණිභූත වූ කඳන් ඉතා තද ස්වාභාවයක් උසුලන අතර, සැලකිය යුතු පීඩනයක් යෙදුවහොත් පහසුවෙන් කැඩී බිඳී යයි. ශාක පොසිල හැරුණුකොට ඉතාමත් විශිෂ්ඨ ලෙස සංරක්‍ෂණය වූ ඩයිනසෝර් සහ යෝධ උභය ජීවීන්ගේ පොසිල මෙම ස්ථානයෙන් සොයාගෙන ඇත. පෙර කලෙක ඇරිසෝනාව නිජබිම කරගත් ඒ යෝධ සතුන් වර්තමානයේදී පොසිල ලෙස "රේන් බෝ" කෞතුකාගාරයේ පෙනී සිටියි. තවද වනෝද්‍යානයෙහි පාෂාණ මත ආදී මුතුන් මිත්තන් විසින් අඳින් ලද චිත්‍ර දැක ගත හැක. ඒවා අතර මිනිසුන්ගේ පා සලකුණු සහ අත් සලකුණු විශේෂ වේ. ඒ හැර එම චිත්‍ර මඟින් බහුල වශයෙන් පූමා, විවිධ පක්‍ෂීන්, කටුස්සන්, සර්පයින්, වලස් පා සටහන්, කුර සටහන් නිරූපණය කර ඇති අතර විවිධ ජ්‍යාමිතික සටහන්ද අතරින් පතර දැක ගත හැකි වේ. ගෝත්‍ර මායිම්, සලකුණු නිරූපණයටද ආදි වාසීන් විසින් පාෂාණ මත චිත්‍ර අඳින ලදී. මුහුදු මට්ටමේ සිට මීටර් 1676ක උසකින් පිහිටා ඇති වනෝද්‍යානයේ වාර්ෂික වර්ෂාපතනය මිලි මීටර 250කි. Wikipedia | |
Tuesday, December 4, 2012
Subscribe to:
Post Comments (Atom)
3 post in a row. Good good. after some long time nor.
ReplyDelete