91. ඕක් ක්‍රීක් කැණියම/ Oak Creek Canyon (ඇරිසෝනා ප්‍රාන්තය, ඇමරිකා එක්සත් ජනපදය)
| ||
| ||
ශිශිරයේදී ඕක් ක්‍රීක් කැණියම ආශ්‍රිත වෘක්‍ෂලතා රතු, තැඹිලි සහ කහ පැහැයට හැරී මනස්කාන්ත දර්ශන පෙලක් නිර්මාණය කරන අතර එවන් පහැයෙන් හාත්පස වර්ණවත් වූද එම වෘක්‍ෂයන්හි අනේක වර්ණ පත්‍ර වැටී නිර්මාණය වූ පලස් මතින් ගං ඉවුර ඔස්සේ හැතැප්ම ගණනාවක් ඇවිද යන ඔබට ස්වාභාව ධර්මයේ උපරිම සුන්දරත්වය විඳ ගැනීමට අවස්ථාව ලැබේ. මේ භූමියේ නියම උරුමක්කාරයින් වන, සීතල ගංගා ජලයේ ගල් පර අතරින් පිහිනා යන rainbow trout, brown trout, large mouth bass, small mouth bass සහ catfish යන මත්ස්‍යයින් සුලභ දසුනකි. කැණියම ඔස්සේ ගමන් ගන්නා ප්‍රථම හැතැප්ම තුන කිසිදු බාධාවකින් තොරව සාමාන්‍ය පරිදි ගමන් කල හැකි අතර අවසන් හැතැප්ම 11 තරණය කිරීම අභියෝගයකි. එය කල හැක්කේ හොඳින් කඳු සහ ගිරි දුර්ග තරණය කරන්නන් හටය. ඒ සඳහා ලණු වැනි අවශ්‍ය උපකරණද තිබිය යුතු අතර සමහර තැන්හි අදාල මාර්ගය තරණය කිරීමට නම් ස්වාභාවික ජල තටාකවල පිහිනා යා යුතුය. අදාල අංශ ප්‍රගුණ කර ඇති තැනැත්තෙකුට මෙවන් මාර්ගයක් තරණය කිරීම සුන්දර අභියෝගයක් වනවා නිසැකය. Wikipedia | ||
Monday, December 3, 2012
Subscribe to:
Post Comments (Atom)
කැණියම වෙනුවට දුර්ගය කිව්වනම් වඩාත් හොඳයි....
ReplyDeletephoto එක දැක්කහම මොකක්ද උනා.. හුගක් වැදගත්... දිගටම ලියන්න :D
ReplyDeleteහොඳයි. පොස්ට් එකේ තියෙන දේවල් එක පාරක් කියවුවාම මොකද්ද තියෙන්නේ කියල අමුතුවෙන් බලන්න ඕන නෑ. සුපිරියි.
ReplyDelete