ලිපි එකතුව


Sunday, March 1, 2015

95. සවාරෝ ජාතික වනෝද්‍යානය


95. සවාරෝ ජාතික වනෝද්‍යානය/ Saguaro National park(ඇරිසෝනා ප්‍රාන්තය,  ඇමරිකා එක්සත් ජනපදය)


සවාරෝ ජාතික උද්‍යානය, නිරිත දිග ඇමෙරිකාවේ විශාල ප්‍රදේශයක් පුරා පැතිර පවතින සොනෝරා කාන්තාරයේ කොටසකි. සවාරෝ නම් යෝධ පතොක් විශේෂය දක්නට ඇත්තේ ලෝකයෙන්ම මෙම ප්‍රදේශයේ පමණි. අඩි 50ක් දක්වා උසට වැවෙන සවාරෝ පතොක්හි ආයු කාලය වර්ෂ 200කි. ගසක බර සාමන්‍යයෙන් ටොන් 50ක් පමණ වේ. වර්ග හැතැප්ම 143ක් වූ උද්‍යානයේ තැනිතලා භූමිය පුරාම මෙම යෝධ පතොක් විශේෂය තම ආධිපත්‍ය පතුරුවාගෙන ඇත. එමෙන්ම උද්‍යාන මායිමේ ඇති Rincon සහ Tucson කඳුවල බෑවුමෙහිද මෙම පතොක් විශේෂය දැක ගත හැක.අනෙකුත් පතොක් විශේෂ හා සැසඳීමේදී සවාරෝ පතොක්වල දක්නට ලැබෙන සුවිශේෂී ලක්‍ෂණය වන්නේ දිගු අත් වැනි ස්වරූපයයි. බැලූ බැල්මට පතොක් ගස්, අත් රාශියක් අහසට දිගු කරගෙන සිටින ආකාරයක් දිස් වේ. මුලින්ම තනි කඳක් ආකාරයෙන් වැඩෙනා ශාකයේ අත් වැනි ස්වරූපය විකසනය වීම ආරම්භ වන්නේ සවාරෝ ශාකයට අඩුම වශයෙන් අවුරුදු 75ක් වත් සම්පූර්ණ වූ විටය. එහෙත් සමහර සාවාරෝ ශාකවල අත් විකසන නොවී ජීවිත කාලය පුරාවටම තනි කඳක් ලෙස පවතී.

ප්‍රේල් මාසයේ මැද භාගය වන විට පරිණත සවාරෝ පතොක් ශාකවල මල් පිපීමට පටන් ගනී. මෙම පුෂ්ප හට ගන්නේ විකසනය වූ අත්වල මුදුනෙහිය. ලංකාවේ අප දැක ඇති කඩුපුල් ශාකයේ මෙන් මෙම සවාරෝ පුෂ්ප විකසිත වන්නේද මැදියම් රැයේදීයි. එක් දිනක් පමණක් විකසිතව පවතින පුෂ්පය පසු දින මිලිනව යයි. සවාරෝ පුෂ්ප අතිශයින්ම දැකුම්කළුය. සුදෝ සුදු මල් පෙති රාශියකින් වටවූ මධ්‍යය කහ පැහැතිය. සවාරෝ අතක ගෝලාකාර මුදුනත වටේට මල් රාශියක් හට ගනී. විකසිතව පවතින කෙටි කාලය තුල විශාල පිරිසකගේ ආකර්ෂණය තමා වෙත නතු කර ගැනීමට එම පුෂ්ප සමත්. ඒ පිරිස අතර මකරන්දයට ලොල් වවුල්, පක්‍ෂි සහ කෘමි විශේෂ ප්‍රධාන වන අතර උන් පරාගනයට බෙහෙවින් දායක වේ. මල් මිය යෑමෙන් පසුව සවාරෝ පතොක් විසින් බීජ විශාල ප්‍රමාණයක් සහිත දීප්තිමත් රත් පැහැති ඵලයක් නිපදවයි. මෙම කාන්තාර පරිසරයේ ජීවත්වන සතුන් විසින් ඵලයේ මාංශමය කොටස් සහ බීජ ආහාරයට ගනී. 

මෙම බීජවලින් ශාක හට ගැනීමට නම් බීජවලට සෙවණ සහ අතිරේක ජල වාෂ්ප ප්‍රමාණයක් ලැබෙන පරිදි ඒ වටා තවත් ආරක්‍ෂාකාරී ශාකයක් හෝ ශාක කිහිපයක් තිබිය යුතුය. 
ද්‍යානය පුරා ඇවිද යාමට විවිධාකාරයේ මාවත් සැලකිය යුතු ප්‍රමාණයක් දක්නට ලැබේ. ඒ කුමන මාවතකින් ඇවිද ගියත් ඔබේ තනි නොතනියට අත් අහසට දිගු කරගෙන සිටින යෝධ සවාරෝ පතොක් ශාක සිටිනු ඇත.
UNESCO NATURAL WONDERS

1 comment: