ලිපි එකතුව


Thursday, February 16, 2012

84. ෆ්ලොරිසන්ට් පොසිල තැන්පතුව


84. ෆ්ලොරිසන්ට් පොසිල තැන්පතුව/ Florissant Fossil Beds (කොළරාඩෝ ප්‍රාන්තය,  ඇමරිකා එක්සත් ජනපදය)
Sourcehttp://www.ucmp.berkeley.edu/science/parks/florissant.php
කොළරාඩෝ හි උස් කඳු මිටියාවතක පිහිටා ඇති ෆ්ලොරිසන්ට් පොසිල තැන්පතුව වසර මිලියන 34කට එපිට ඈත අතීතයේ මෙම ප්‍රදේශය ආශ්‍රිතව විසූ විවිධ ශාක සහ කෘමි සත්වාදීන්ගේ සංරක්‍ෂණය වූ මෘත දේහවලින් සමන්විත වූවකි. මෙහි ශාක සහ සත්ත්වන්පොසිලවල ජෛව විවිධත්වය නිසාත් ඒවායෙහි සියුම් හැඩරුව කදිමට සංරක්‍ෂණය වී ඇති බැවිනුත් ෆ්ලොරිසන්ට් පොසිල තැන්පතුව ලෝකයේ ඇති සුවිශේෂී පොසිල තැන්පතු කිහිපයෙන් එකක් ලෙස පිළිගැනේ. 

වසර මිලියන 34කට පෙර යුගය වූ කලි  පෘතුවිය ඉයෝසීන යුගයෙන් ඔලොගොසීන යුගයට සංක්‍රමණය වන සංක්‍රාන්ති සමයයි. එනම් උණුසුම් උප නිවර්තන උෂ්ණත්වයේ සිට මද ශීතල යුගයකට පරිවර්තනය වූ කාලය වන අතර මෙම පොසිල තැන්පතුව මඟින් එකල පෘතුවියේ ස්වාභාවය සම්බන්ධ තොරතුරු රැසක් හෙලි කර ගැන්මට හැකිව ඇත. ෆ්ලොරිසන්ට්හි පාෂාණීභූත වූ සුවිසල් රෙඩ් වුඩ් වෘක්‍ෂයන්ගේ සිට පොසිල බවට පත්වී කදිමට සංරක්‍ෂණය වූ සමනල් ඇතුළු කෘමි විශේෂ ගණනාවක් දක්නට ලැබේ. යෝධ රෙඩ්වුඩ් ශාක පාෂාණීභූත වී ඇත්තේ එවකට එනම් වසර මිලියන 34කට පෙර ඇති වූ සුවිසල් ලාවා ගැල්මකට හසුවීමෙන් වන අතර එම වෘක්‍ෂ, ලාවා ඝණීභවනයත් සමඟ ලාවා මධ්‍යයේම පාෂාණීභූත විය. මෙසේ පාෂාණීභූත වූ එක් රෙඩ් වුඩ් කඳක වටප්‍රමාණය හෙවත් පරිධිය මීටර 23ක් (අඩි 74ක්) වන අතර එය "Rex arborae" (වනයේ රජු) නම් අනවර්ථ නාමයෙන් හඳුවන්යි.


පසු කලෙක මිටියාවත් ආශ්‍රිත ප්‍රදේශයේ (වර්තමාන පොසිල තැපතුව සහිත) විලක් නිර්මාණය විය. විල මධ්‍යයෙහි වූ අනේක පැහැ සුවඳවත් ජලාශ්‍රිත වන මලින් රොන් බීමට පැමිණ අකරතැබ්බයන්ට පත්වූ දහස් සංඛ්‍යාත කෘමි සතුන් විල් පතුලෙහි සුසිනිඳු රොන්මඩ තුල සැඟව ගියහ. පසු කලෙක ඉහත සඳහන් විල් තලය වියලී රොන් මඩ සහිත පතුල ඝණ වී "ශල්ක" නම් අවසාදිත පාෂාණ බවට පරිවර්තනය විය (ශල්ක නම් අවසාදිත පාෂාණ වර්ගය  පිළිබඳව මෙම ලිපි මාලාව ආරම්භයේදී පටන් නිතර සඳහන් වන බැවින් එය ඔබට ආගන්තුක වචනයක් නොවේ යැයි සලකමි. ඔබට එය ආගන්තුක නම් "ඩයිනසෝර් ස්මාරක උද්‍යානය" නම් ලිපිය කියවන්න). ඉන් ඔබට සත්ත්ව හෝ ශාක ශරීරයක් පොසිල බවට පත්වන්නේ කෙසේදැයි මනා අවබෝධයක් ලබා ගත හැක. පොළව මතුපිට පොසිල නිර්මාණය වීමේදී සත්ත්ව ශරීරයේ ස්වාභාවය සංරක්‍ෂණය වනවාටත් වඩා හොඳින් ජල පතුලෙහි ඇති රොන්මඩ තුල සත්ත්ව ශරීර සංරක්‍ෂණය වේ. ඉතින් ඉතා සියුම් කැඩෙන බිඳෙන සුළු ශරීර ඇති කෘමි සතුන්ගේ පවා මෘදු සැකිල්ල ෆ්ලොරිසන්ට් පොසිල තැන්පතුවේ මනාවට සංරක්‍ෂණය වී ඇති අයුරු ඔබට ඉහත ඡායාරූපයෙන් දැක ගත හැක. 


පාෂාණීය ධාතු විද්‍යාඥයින් විසින් මේ වන විට ශාක විශේෂ සිය ගණනක්ද කෘමි විශේෂ එක්දහස් එකසියයකට ආසන්න ප්‍රමාණයක්ද ඇතුළුව මුළු ගණන හැට දහසකට ආසන්න පොසිල සංඛ්‍යාවක් ෆ්ලොරිසන්ට් පොසිල තැන්පතුවෙන් සොයාගෙන ඇති අතර සමහර කෘමි සතුන්ගේ පාද, ස්පර්ෂක (antenna), සමනලයින්ගේ තටු වැනි අංගයන්ගේ ඉතාමත් සූක්‍ෂම ලක්‍ෂණ පවා පැහැදිව සංරක්‍ෂණය වී ඇත. ශාක සහ කෘමි සතුන් හැරුනු කොට මෙහි පොසිල බවට පත් වූ පක්‍ෂීන් සහ ක්‍ෂීරපායීන් විශේෂ ගණනාවක්ද සොයාගෙන ඇත.

    
  Wikipedia
UNESCO NATURAL WONDERS

1 comment:

  1. ආසියාවේ බලන්න තැන් නැතිවද ඉෂානි?
    අපේ රටත් පුදුම තරම් ලස්සනයි.දාන්නකෝ පෝස්ට් එකක් ලංකාව ගැනත්.

    ReplyDelete