ලිපි එකතුව


Monday, December 3, 2012


91. ඕක් ක්‍රීක් කැණියම/ Oak Creek Canyon (ඇරිසෝනා ප්‍රාන්තය,  ඇමරිකා එක්සත් ජනපදය)
Sourcehttp://chrismartinphotography.files.wordpress.com/2012/06/forest-and-canyon-reflected-in-oak-creek-c2a9-christopher-martin-1474.jpg
ඇරිසෝනාහි ඉහල උසකින් පිහිටි හරිත වර්ණයෙන් බබළන "ඕක් ක්‍රීක්" කැණියම ඇරිසෝනා කාන්තාර පරිසරයට ඉමහත් ආශිර්වාදයකි. ඇරිසෝනාහි මහා කැණියමට පසු සංචාරකයින්ගේ වැඩිම අවදානයක්  යොමු වන්නේ මෙම ඕක් ක්‍රීක් කැණියමටයි. ඕක් ක්‍රීක් යනු වෙයර්ඩේ නම් ගංගාව පෝෂණය කරනා අතු ගංගාවක් වන අතර ඇරිසෝනාහි මෙම ප්‍රදේශය ඔස්සේ වසර මිලියන ගණනක් ගලා යෑමේ ප්‍රතිඵලයක් ලෙස එය ගමන් ගත් මාර්ගය ඛාදනය කරමින් මීටර 762ක් ගැඹුරැති සහ කිලෝමීටර 22.5ක් දිගැති කැණියමක් නිර්මාණය වී ඇත. කිසියම් ගංගාවක් විසින් ශීඝ්‍ර බෑවුමක් පසු කිරීමේදී ජල පහරේ වේගය වැඩි වීම නිසා ජල පහර ගලා යන පෘෂ්ඨය ඛාදනයට ලක්වී පටු දිගටි නිම්නයක් සෑදෙයි. ගංගාව මෙසේ වසර මිලියන ගණනක් ඛාදනය වීමේ ප්‍රථිපලයක් ලෙස පටු නිම්නයෙහි ගැඹුර වර්ධනය වේ. මෙවන් භූ ලක්‍ෂණයක් කැණියමක් ලෙස හඳුන්වයි. ඕක් ක්‍රීක් කැණියමේ පහල බිත්ති රතු පැහති වැලිගල්වලින් සමන්විතවන අතර ඉහල බිත්ති ධවල පැහැ හුණුගල්වලින් නිර්මිතය. මෙම කැණීයමෙහි විශේෂත්වයක් නම් බටහිර කැණියම ගැට්ට නැගෙනහිර ගැට්ටට වඩා මීටර 210ක් උස වීමයි.

ශිශිරයේදී ඕක් ක්‍රීක් කැණියම ආශ්‍රිත වෘක්‍ෂලතා රතු, තැඹිලි සහ කහ පැහැයට හැරී මනස්කාන්ත දර්ශන පෙලක් නිර්මාණය කරන අතර එවන් පහැයෙන් හාත්පස වර්ණවත් වූද එම වෘක්‍ෂයන්හි අනේක වර්ණ පත්‍ර වැටී නිර්මාණය වූ පලස් මතින් ගං ඉවුර ඔස්සේ හැතැප්ම ගණනාවක් ඇවිද යන ඔබට ස්වාභාව ධර්මයේ උපරිම සුන්දරත්වය විඳ ගැනීමට අවස්ථාව ලැබේ. මේ භූමියේ නියම උරුමක්කාරයින් වන, සීතල ගංගා ජලයේ ගල් පර අතරින් පිහිනා යන rainbow trout, brown troutlarge mouth basssmall mouth bass සහ catfish යන මත්ස්‍යයින් සුලභ දසුනකි.

කැණියම ඔස්සේ ගමන් ගන්නා ප්‍රථම හැතැප්ම තුන කිසිදු බාධාවකින් තොරව සාමාන්‍ය පරිදි ගමන් කල හැකි අතර අවසන් හැතැප්ම 11 තරණය කිරීම අභියෝගයකි. එය කල හැක්කේ හොඳින් කඳු සහ ගිරි දුර්ග තරණය කරන්නන් හටය. ඒ සඳහා ලණු වැනි අවශ්‍ය උපකරණද තිබිය යුතු අතර සමහර තැන්හි අදාල මාර්ගය තරණය කිරීමට නම් ස්වාභාවික ජල තටාකවල පිහිනා යා යුතුය. අදාල අංශ ප්‍රගුණ කර ඇති තැනැත්තෙකුට මෙවන් මාර්ගයක් තරණය කිරීම සුන්දර අභියෝගයක් වනවා නිසැකය.


  Wikipedia
UNESCO NATURAL WONDERS

3 comments:

  1. කැණියම වෙනුවට දුර්ගය කිව්වනම් වඩාත් හොඳයි....

    ReplyDelete
  2. photo එක දැක්කහම මොකක්ද උනා.. හුගක් වැදගත්... දිගටම ලියන්න :D

    ReplyDelete
  3. හොඳයි. පොස්ට් එකේ තියෙන දේවල් එක පාරක් කියවුවාම මොකද්ද තියෙන්නේ කියල අමුතුවෙන් බලන්න ඕන නෑ. සුපිරියි.

    ReplyDelete